Josh Duhamel,Rosario Dawson,Bruce Willis වැනි සුපිරි තරු රගන ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි මෙදාපාර අරගෙන ආවේ.ජෙරමි කෝල්මන් කියන්නේ ගිනි නිවන භටයෙක් විදිහට රැකියාව කරන කෙනෙක්,දවසක් ඔහු වැඩ මුරය නිමා වී වෙලද සැලකට යන අතර ඔහු වෙලදසැල තුල සිදුවන මිනීමැරුමක් දකිනවා.එහිදී මිනීමරුවන් ඔහුවද මැරීමට තැත් කරන අතර ඔහු කෙසේ හෝ ඉන් ජීවිතය බේරාගන්නවා.හේගන් නම් අපරාධ කරුවෙකු හදුනාගැනීමේ අවස්ථාවකදී මේ අපරාධය සිදු කලේ හේගන් බව ජෙරමි හදුනා ගන්නවා.තමන්ම හදුනාගත්තේ ජෙරමි බව දැනගත් හේගන් ඔහුට මරණ තර්ජන දිගින් දිගටම් එල්ල කරනවා.පොලීසිය විසින් ජෙරමිව ආරක්ෂා කිරීම සදහ ඔහුට වෙනම ආරක්ෂාවක් සහ නව අනන්‍යතාවයක්ද ලබා දෙනවා.ඒත් හේගන් ජෙරමී පසු පසු එන එකනම් නවත්තන්නේ නෑ.හිරෙන් ඇප ගෙන නිදහස් වී එන හේගන් ගෙන් ජෙරමීට බේරෙන්න හැකිවේද කියලා දැනගන්න මේ චිත්‍රපටය අරගෙන බලන්න.
Fire with Fire (2012) සිංහල උපසිරැසි සමග
Related movie you might like to see :
Labels:
අපරාධ,
ක්‍රියාදාම,
නාට්‍යමය
Post a Comment