Latest Subtitles :
Recent Movies

The Walking Dead (2013) S03 E11 සිංහල උපසි‍රැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගතකිරීම්හි 8.7 ඉහල අගයක් ලබාගත්තකි.වුඩ්බරිවල ගවනර් නමැත්තා රික් ඇතුළු පිරිස සමග සටනකට සූදානම් වෙනවා.ගවනර් ඊට කණ්ඩායම හදා ගන්නේ ඔවුන්ගේ නගරේ සිටින තුවක්කුවක් හැසිරිවිය හැකි අය හා කුඩා ළමුන් යොදා ගනිමින් ඊට ඔවුන් හට පුහුණුවද ලබා දෙනව.මේ අතර ඇන්ඩ්‍රියා වුඩ්බරි වලින් රික් හා පිරිස සිටින සිර ගේ වෙත පැමිණෙනවා.රික් විසින් නෙරපා දැමූ  ටයිරීස්ගේ කණ්ඩායම මිල්ටන් හට හමුවීමෙන් ඔවුන්වත් වුඩ්බරි වෙත ගෙනයනවා.ගවනර් ගේ අදහස ටයරීස්ගේ අයවද මේ සටන සදහා තම කණ්ඩායම වෙත එකතුකරගැනීමයි,නැවත සිර ගේ වෙත පැමිණි ඇන්ඩ්‍රියා නැවත වුඩ්බරි වෙත යන්නේ කැරොල් දුන් උපදෙසක්ද ඇතුවයි,ඒ උපදෙස මොකක්ද? ඇන්ඩ්‍රියා ඒ උපදෙස ක්‍රියාත්ම කරයිද කියලා දැනගන්න අද කොටස නරඹන්න.


150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

Life of Pi (2012) සිංහල උපසි‍රැසි සමග

Yann Martel නම් රචකයා 2001 වසරේ රචනා කරන ලද Life of Pi නම්  නව කතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ.මෙය  Suraj Sharma, Irrfan Khan,
Gérard Depardieu, Tabu, හා Adil Hussain යන නළු නිළි පිරිසගේ රංගනයෙන්ද Ang Lee,Gil Netter හා David Womark යන ත්‍රිත්වයේ නිෂ්පාදනයෙන්ද Ang Lee
ගේ අධ්‍යක්ෂණයෙන්ද හැඩවූවකි.මෙය IMDB ළකුණු 8.2 වැනි ඉහළ අගයක් ලබාගෙන ඇති අතර ඔස්කාර් සම්මාන 11කට නිර්දේශ වී තවත් සම්මාන 24ක් දිනා ගනිමින් තවත් සම්මාන 57ක් සදහා නිර්දේශ වී තිබෙනවා.

මෙහි කථාව ගෙතී ඇත්තේ වයස අවුරුදු 16 පමණ වූ පිසින් මොලිටර් පටෙල් නම්වූ පිරිමි ළමයෙකු වටාය.එයාගේ නම පිසින් වුනාට කවුරුත් එයාට "පායි" කියලා තමයි කතා කලේ.මෙයාගේ තාත්තට තියෙනවා පොඩි සත්තු වත්තක්.සත්තු ටිකත් අරගෙන කැනඩාවට යන්න මෙයාලගේ තාත්තා තීරණය කරනවා.එයාලා කැනඩාව බලා යන්නේ ජපන් සමාගමකට අයිති නැවකින්.මෙහෙම පවුලේ කට්ටියත් එක්ක කැනඩාව බලා යන අතරතුර මෙයාලව කුණා‍ටුවකට අහුවෙලා නැව මුහුදුබත් වෙනවා.කොහොමින් හෝ නැවේ සිටින සියලු දෙන මැරෙන අතර පායි ජීවිතාරක්ෂක බෝට්‍ටුවකට නැගලා යාන්තමින් ජීවිතේ බේරගන්නවා,දැන් ඉතුරුවෙලා ඉන්නේ පායි එක්ක සත්තු හතර දෙනෙක් විතරයි.ඒ සත්තු හතර දෙනා තමයි සීබ්‍රා කෙනෙක්,ඔරං ඔටං කෙනෙක්,බලු දිවියෙක් හා රිචඩ් පාකර් කියලා අති බිහිසුණු බෙන්ගාලි ව්‍යාඝ්‍රයෙක්.අවසානයේ මේ සත්තු හතරදෙනා අතරින් ඉතුරුවෙන්නේ එක සතෙක් පමණයි,ඒ තමයි රිචඩ් පාකර් නම් බිහිසුණු ව්‍යාඝ්‍රයා.දැන් පායිට ඉන්න වෙන්නේ දරුණු බෙන්ගාලි ව්‍යාඝ්‍රයෙක් එක්කයි.කුණා‍ටුවෙන් ගැලවුණු පායි මේ දරුණු ව්‍යාඝ්‍රයාගෙන් තම ජිවිතේ කොහොම ආරක්ෂා කරගනියිද?භීතිය,ත්‍රාසය,කුතුහලය,ස්ථානෝචිත ප්‍රඥාව,ධෛර්යය,නිර්භීතකම,ඉවසීම,දුක,වේදනාව,ආදරය,බලාපොරොත්තුව,මිතුදමක අසිරිය ද එක්වුණු මෙය අපූර්ව ගණයේ සිනමා සිත්තමක් වනු නොවනුමානයි.


Battlestar Galactica: Blood & Chrome (2012) සිංහල උපසි‍රැසි සමග

2012 වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ රුපවාහිනා නාලිකාවක් වන Sci-Fi Channel හි විකාශය වුන කෙට් රුපවාහිනි කතාමාලවම එකතු කරතැනු සම්පුර්ණ චිත්‍රපටියක් තමයි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ.මේට කලින් Sci-Fi Channel හි විකාශය වුන The Lost Room [2006] රුපවාහිනි කතාමාලාවද අප ඔබට තිළින කලා මතක ඇති.

හරි දැන් මේ චිත්‍රපටිය ගැන කියන්නම් 

දක්ෂ ලෙස තම ඉගෙනීම නිමා කල විලියම් ඇඩමා අළුතින්ම නිපදවන ලද ගැලැක්ටිකා යානාවේ සේවයට බඳවා ගැනීමත් සමඟයි කතාව ආරම්භ වන්නේ.නමුත් ඔහුට තමා ප්‍රිය කරන රාජකාරියක් නම් නොවෙයි පැවරෙන්නේ.මේ යානාව විශේෂිත වූ යානාවක්.මේ චිත්‍රපටය පුරා දිවයන්නේ ඔහුගේ ප්‍රථම සයික්ලෝන යුද්ධයේදී ඔහුට මුහුණ දීමට සිදුවන අත්දැකීම් සම්භාරයයි.



The Walking Dead (2013) S03 E10 සිංහල උපසි‍රැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගත කිරීම්හීදී 8.7 ඉහල ප්‍රේක්ෂක මනාප ලබා ගත්තකි,මේ එහි 10වන කොටසයි. රික් ඇතුළු පිරිස ග්ලෙන් හා මැගී සොයා මිකෝනිගේ මග පෙන්වීම යටතේ වුඩ්බරි වෙත පැමිණි අතර ඔවුන් දෙදෙනාවත් බේරගෙන,ඩැරල්වයි මර්ල්වයි බේරගෙන ඔවුන් වුඩ්බරි වෙතින් පැන යනවා.මර්ල් ව යම් හේතුවක් නිසා නැවත හිර ගේ වෙත ‍රැගෙන නොයන්න ග්ලෙන් තීරණය කරනවා,එම නිසා ඔහුව එහෙට ගෙන නොයන අතර ඩැරලුත් ඔවුත් සමග යන අතර රික් ඇතුළු පිරිස නැවත හිර ගේ බලා ගමන් ගන්නවා.ඔහොම ඉන්න කොට ගවනර් ඇතුළු පිරිස හිර ගේ සොයා එනවා රික් ගෙන් පළි ගැනිමට.මේ අතර මීනී කන මිනිසුන් හිර ගේ පි‍ටුපස සිට ආක්‍රමණයක් එල්ල කරනවා,සෝ තැවුලෙන් පසුවන රික් මේ සොම්බි මිනිසුන්ගේ ආක්‍රමණයට අසුවෙනවා,බලන්නකෝ එහෙනම් රික්ව මේ සොම්බි මිනිසුන්ගේ ආක්‍රමණයෙන් බේරගන්නේ කවුද කියලා.....

150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

Sinister (2012) සිංහල උපසි‍රැසි සමග

කාලයක් ඉදන් අපේ කට්ටිය ඉල්ලපු ෆිල්ම් එකක් අරන් ආවා.මේ ෆිල්ම් එක දෙන්න පමාවුන එක ගැන සමාවෙන්න.කොහොම හරි ඔන්න අද දවසේ චිත්‍රපටිය ඔයාලට හම්බවෙනවා.මේ චිත්‍රපටය IMDbහි 6.7ක අගයක් ලබාගෙන තියනවා.මේ චිත්‍රපටියේ Ethan Hawke හා Juliet Rylanceක්ද රංගනයෙන් දායකත්වය දක්වනවා. චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

Ellison Oswalt කියන්නේ නවකතා රචකයෙක්.මෙයා ලියන්නේ එසේ මෙසේ නවකතා නෙමෙයි මෙයා ලියන්නේ ලෝකයේ සිදුවු සත්‍ය සිදුවිම් මිනිමැරුම් ගැන කියවෙන දෙවල් ගැන ගවේෂනය කරලා කතා ලියනවා.අතැම් වෙලාවට පොලිසියටවත් හෙලිනොවු රහස් පවා මෙයාට හොයාගන්න පුලුවන් වෙලා තියනවා.මොකද සැම සිදුවිමක්ම ගැඹුරින් අධ්‍යනය කරන නිසා.කොහොම හරි මෙයා තව පොතක් ලියන්න කියලා මිනිමැරුමක් උන ගෙදරකට යනවා.මේ ගෙදර 4දෙනෙක් ගෙලවැලලාගෙන මියගිහින් තියනවා.චිත්‍රපටිය පටන් ගන්න කලින් ඒ දර්ශන පෙල ඔයාටත් දකින්න පුලුවන්.
මෙයා මේ ගෙදරට මුළු පවුලේ හැමෝම එක්ක පදිංචියට යනවා.මෙයා මේ කාරණාව ගැන තමන්ගේ බිරිදටවත් කියන්නේ නැ එයාලා අපරාදයක් සිදුවුන
ගෙදරකට නවතින්න යන්නේ කියලා.කොහොම හරි මේ ගෙදර තියලා එලිසන්ට විඩියෝ පට වගයක් පවා හම්බවෙනවා.මේ විඩියෝ පට දැක්කාම එලිසන්ට තේරනවා මේවා එසේමෙසේ අපරාධ නොවන වග.මේවාට යම් කිසි අද්භුත බලවේගයක් එකතු වෙලා තියනවා කියලා.කොහොම හරි එලිසන් මේ අභිරහස එලිකරගන්න හදනවා...නමුත් ඔහු දැනගෙන හිටියේ නැ මේ හෙලි කරගන්න හදන අභිරහස කොයි තරම් දරුණූ විදියට තමන්ගේ ජිවිතයට පවුලට බලපායිද කියලා..ඒ ගැන දැනගන්න චිත්‍රපටිය අනිවාර්යෙන් අරන් බලන්න.හොල්මන් ෆිල්ම් බය වෙන්න බලන්න කැමති අයට මේක හොද අත්දැකිමක් වේවි.

The Walking Dead (2013) S03 E09 සිංහල උපසි‍රැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගත කිරීම්හීදී 8.7 ඉහල ප්‍රේක්ෂක මනාප ලබා ගත්තකි,මේ එහි 9වන කොටසයි.ඔන්න අද මාස 2කින් පසුව තමයි වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ මීලග කොටස ‍රැගෙන ආවේ. කතාව ගැන කියනවා නම් රික් ඇතුළු පිරිස ග්ලෙන් හා මැගී සොයා මිකෝනිගේ මග පෙන්වීම යටතේ වුඩබරි වෙත පැමිණියා ඔබට මතක ඇති.පසුගිය කොටසේ කතා බැලුව නම් වුඩ්බරිවල ගවනර් යටතේ සේවය කල මර්ල් එනම් ඩැරල් ගේ අයියට හිතාගත නොහැකි ආකාරයේ අකරතැබ්බයක් වෙනවා කියලා මම කිව්වා,ඒ අකරතැබ්බෙට මර්ල්ගේ මල්ලීවන ඩැරල්ටත් හවුල් වෙන්න සිදුවෙනවා.රික් ඇතුළු පිරිසට වුඩ්බරි වලින් පැන ගත හැකිවේවිද? ගවනර් මේ සදහා කුමන ක්‍රියාමාර්ගයක් ගනීවිද? ඒ ටික දැනගන්න අද කොටස නරඹලා ඉන්න.
120MB Torrent File

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google