Latest Subtitles :
Recent Movies

Bodom (2016) සිංහල උපසිරැසි සමඟ

ලේක් බොඩම් කියන්නේ ‍ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි වලට වයඹ දෙසින් කිලෝමීටර් 22 ක් එහායින් පිහිට එස්පෝ නගරයේ පිහිටි විලක්.1960 වසරේ ජුනි මස 4 වැනි දින තරුණවියේ පසුවන්නන් සිව් දෙනෙක් මනරම් බොඩම් විල අසල කඳවුරු බැඳ ඇති අතර අලුයම 4ත් අලුයම 5ත් අතර කාලයේ යම් පුද්ගලයෙක් හෝ පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් ඔවුන්ගෙන් තිදෙනෙකුවම පිහියකින් හෝ මොට ආයුධයකින් ඇන මරලා දමා තිබෙනවා,ඒ වගේම අනික් කෙනා තුවාල ලබනවා.මේ සිදුවීමෙන් ගැලවෙච්ච එකම කෙනා තමයි විල්හෙල්ම් ගුස්ටාෆ්සන්.මෙම සිදුවීමෙන් එම ජන ප්‍රදේශයම කම්පාවට පත්වෙනවා.පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදුකලත් ඝාතනය සිදුකල ආයුධ වගේම  ගොදුරු වූවන්ට අයිති ව තිබූ දේවල් කිහිපයක්ද අතුරුදන් වි තිබුනු අතර පොලීසිය හට කිසිවක් සොයාගත නොහැකි වුනා.

වසර කිහිපයකට පසු 1972 වසරේදී කිසිවකු බලාපොරොත්තු නොවූ ප්‍රවෘත්තියක් කෙරෙහි ජනතා අවධානය යොමු වුණා.ඒ කාර්ල් ගිල්ස්ට්‍රොම් නම් පුද්ගලයෙක් ත්‍රිත්ව ඝාතනයට වග කිව යුත්තේ තමන් බව පවසමින් ලිපියක් ලියා අවසානයේ සියදිවි හානිකරගත් ප්‍රවෘත්තියකි.ඔහු එම විල අසල ප්‍රදේශයක දිවි ගෙවූ අයෙක් බවත් ඔහු කඳවුරු බඳිනවට අකැමති අයෙක් බව දැනගන්නට ලැබී තිබෙනවා.ඔහුගේ බිරිද පවසා ඇත්තේ ත්‍රිත්ව ඝාතන සිදු වන මොහොතේ ඔහු තමන් සමඟ තද නින්දේ සිටි බවයි.එම ප්‍රකාශයෙන් පසු පොලීසිය ඔහුගේ පාපොච්චාරණය ඉවත ලනු ලැබුවා.

2003 වසරේදී තවත් ඉඟියක් මතුවුනා.ඒ තමයි එරට රෝහලක සේවයේ නියුතු වෛද්‍යවරයෙකු පවසා තිබෙනවා මිනිමැරුම සිදුවී පැය කිහිපයකට පසුව සැක සහිත පුද්ගලයෙකු හට තමන් ප්‍රතිකාර කල බව.එය එතරම් දුරදිග නොගියද එම පුද්ගලයාද ‍ෆින්ලන්තයේ නොවිසඳුනු මිනිමැරුමකට සම්බන්ද වී ඇති බවට පසුව අනාවරනය කරගන්නවා.නැවත වසර 40කට පසුව 2004 වසරේදී බොඩම් ලේක් හි සිදුවන ත්‍රිත්ව ඝාතනයට නව පණක් ලැබෙනවා.ඒ තමයි එම සිද්දියට මුහුණ පෑමෙන් අනතුරුව දිවි ගලවාගත් නයිල්ස් විල්හෙල්ම් ගස්ටාෆ්සන් විසින් ඔහුගේ යාළුවන් තිදෙනා ඝාතනය කල බවට සැක කර ඔහුව පොලිස් අත් අඩංගුවට ගන්නවා.‍ෆින්ලන්ත පොලිසීයට නව සාක්ෂි අවශ්‍ය වෙනවා.එම සිදුවීමට අදාල ස්තානයේ තිබූ ලේ වගයක් පරීක්ෂා කිරීමෙන් පසුව පොලීසිය සිදුවුන දේ අනුමාන කරනව.ඒ තමයි ඔහු එදින රාත්‍රියේ උමතු වී තම පෙම්වතියට 15  වතාවක් පිහියෙන් ඇන මරා දැමීමයි.2005 වසරේදී ඔහුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වරදකරු කිරීමට සමත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් ගස්ටෆ්සන් වැරදිකරු නොවන බව අවසානයේ සනාථ වෙනවා.බොඩම් ලේක් හි සිදුවූ ත්‍රිත්ව ඝාතනය සිදුවී වසර ගණනාවකට පසුත් ඔහුව වරදකරු බවට පත් කර ඔහුගේ කාලය සිර කුටියක් තුල ගෙවීමට නියම කිරීමත්,ඔහුට සිදුවූ අලාභ හානියත් හේතුවෙන් ඔහුට මුදලක්ද අවසානයේ පිරිනමනු ලබනවා.

මෙම ත්‍රිත්ව ඝාතනය එකල ‍ෆින්ලන්ත මාධ්‍යයේ ජනප්‍රිය පුවත් මවන්නක් වූ අතර විටින් විට එම ඝාතනයන් පිලිබඳව විවිධ න්‍යායන් මතුවන්නට පටන් ගත්තා.අද වෙනකන්,1960 වසරේ ජුනි මස සිදුවූ සාහසික ත්‍රිත්ව ඝාතනය සිදු වූ රාත්‍රියේ ඇත්තටම මොකක්ද වුනේ කියල කියන්න  කිසිවෙකු කිසිවක් නොදනියි. කෙසේ නමුත් මෙම ත්‍රිත්ව ඝාතනය තවමත් විසඳා නොමැති අභිරහසක් බවට පත්වී හමාරය.

බොඩම් විලේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයේ නොදු‍ටු පැත්තක් (මේකත් එක් න්‍යායක් වෙන්න පුලුවන්) අලලා නිපදවූ මෙම ‍ෆින්ලන්ත චිත්‍රපටය එක හුස්මට බලන්න පුලුවන් කතාවක්.කතාවේ අවසන් බාගය තරමක් විශේෂ එකක් වේවි,මොකද කියනවනම් නොසිතූ විරූ සිදුවීමක් සමගින් කතාව උඩු යටිකුරු වෙනවා.ත්‍රාසජනක කතාවලට ප්‍රිය කරන කට්ටිය අනිවාර්යයෙන් අරගෙන බලන්න.ඒවගේම Screamfest 2016 සම්මාන උළෙලදී හොඳම නිලියට හිමි සම්මානයත් මෙම චිත්‍රපටයට ලැබුනා.  සත්‍ය කතාවක් හින්දා උපරිම රසවින්දනයක් ලබාගන්න හැකිවේවි.


Incarnate (2016) සිංහල උපසිරැසි සමඟ

මේ අවුරුද්දේ තිරගත වෙච්ච  Horror, Thriller  ගණයට අයත් වෙන ‍ෆිල්ම් එකක් තමයි Incarnate (2016). මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කවුරුත් දන්න Journey 2 - The Mysterious Island (2012),San Andreas (2015)  යන ‍ෆිල්ම් අධ්‍යක්ෂණය කල Brad Peyton විසින්.ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ Insidious (2010),The Purge (2013) වැනි චිත්‍රපටවලට දායකත්වය දැක්වූ පිරිසමයි.නළු නිලියන් ගැන කියනවනම් සුපුරුදු මුණවල් කිහිපයක්ම තියෙනවා.London Has Fallen (2016),I, Frankenstein (2014),Battle Los Angeles (2011) වැනි චිත්‍රපටවලින් ඔබ හමුවට ආ Aaron Eckhart විසින් මෙහි ප්‍රධාන චරිතයට පණපොවනවා.Touch (2012-) හා Gotham (2014-) රූපවාහිනි කතාමාලාවල සිටි David Mazouz වගේම Arrow කතාමාලාවෙන් ඔබ හමුවට රාස් අල් ගුල් ගේ චරිතය නිරූපණය කල Matt Nable වගේම Game of Thrones කතාමාලාවේ මෙලිසැන්ඩ්‍රිගේ චරිතය නිරූපණය කල Carice van Houten (Valkyrie 2008, Repo Men 2010) අයත් මෙහි රංගනයෙන් දායකත්වය දක්වනවා.

කතාව ගැන කියනවනම් බියකරු ශෝකාන්තයකට මුහුණ දීමෙන් අනතුරුව රෝද පු‍ටුවකට ඇද වැටිච්ච කෙනෙක් තමයි ඩොක්ටර් සෙත් එම්බර් කියන්නේ.ඔහු යාතුකර්ම කරන කෙනෙක්.ඔහුට දවසක යම් කෙනෙක්ගෙන් ආරාධනාවක් එනවා වයස අවුරුදු 11ක පිරිමි ළමයෙකුට ආරුඨ වෙලා ඉන්න යක්ෂයෙක්ව පලවාහරින්න.හැබැයි ඔහු එම ආරාධනාව වැඩිය ගණනකට ගන්නේ නෑ.කෙසේ හෝ ඔහු එම ගෙදරට ගිහින් බලද්දී එම ආවේශ වෙලා ඉන්න ළමයගේ අම්මා කියන්නෙ මේකත් ඵල රහිත දෙයක් බවයි.මොකද වෙනත් අය ගෙනත් බැලුවත් ඔහුව සුව කරගන්න බැරිවෙලා.තමන් යාතිකර්ම කරන්නෙ සාමාන්‍ය ක්‍රමයට නොව ආරුඪ වෙච්ච කෙනාගෙ හිතට ඇතුලුවෙලා,ඇතුලෙන් තමයි යක්ෂයව අහක් කරන්නේ කියලා ළමයගෙ මවට තේරුම් කරලා දෙනවා.ආරුඪ වෙලා ඉන්න ළමයාව ටිකක් පරීක්ෂා කර බලන සෙත් හට දැනගන්න ලැබෙන්නෙ මේ තමන් සොයමින් සිටි තමන්ගෙ ශෝකාන්තයට වග කිව යුතු යක්ෂ ආත්මය බවයි.ආත්මයත් සෙත්ව සොයමින් තමයි ඉඳලා තිබෙන්නෙ බලන් යද්දී...කොහොමහරි සෙත් ඔහුගෙ කණ්ඩායම එක්ක යාතිකර්මය සඳහා වැඩ පටන් ගන්නවා.ඔහුට තේරුම් යනවා මේක කලින් යාතිකර්ම වගේ ලේසි පහසු එකක් නොවන බවත් මේක තමයි ඔහුගෙ ජීවිත කාලය තුල කරන පලවෙනි හා අන්තිම නරකම යාතිකර්මය වෙන්න පුලුවන් බව සෙත් ට දැනෙනවා.ඔහු ආවේෂ වෙච්ච ළමයගෙ හිතට ඇතුළු වුනාමයි ඔක්කොම උඩු යටිකුරු වෙනවා,සෙත් ගෙ පාලනයද ඔහුගෙ අතින් ගිලිහී යනවා.සෙත්ගේ ශෝකාන්තය මොකක්ද? සෙත්ගේ ඇත්තම අරමුණ මොකක්ද? සෙත්ට අන්තිමේදි මොකක් වෙයිද? අවසානය කවුරුවත් හිතන්නෙවත් නැති Twist එකක් තමයි තියෙන්නේ.එහෙනම් කැමති කට්ටිය අරන් බලන්න.ඔබට ජය!

~ මරණයටත් වඩා නරක සමහර දේවල් තියෙනවා. ~

The Neighbor (2016) සිංහල උපසිරැසි සමඟ

The Guest (2014) චිත්‍රපටයට උපසි‍රැසි දීලා අවුරුදු 2කට ආසන්න කාලයක් ගත වුනාට පස්සේ අද ආයිමත් ආවා සුපුරුදු පරිදිම ත්‍රිලර්,හොරර් ටයිප් එකේ ‍ෆිල්ම් එකක් අරගෙනම.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ The Collector (2009) හා The Collection (2012) යන චිත්‍රපට නිර්මාණය කල Marcus Dunstan විසින්.මෙහි ප්‍රධාන චරිතයට පණපොවන්නේ Collector චිත්‍රපට ද්විත්වයේ ප්‍රධාන චරිතය නිරූපණය කල Josh Stewart විසිනුයි.

අපේ අසල්වැසියෝ ගැන අපි කොච්චර හොඳට කියන්න දන්නවද?නාගරික ප්‍රදේශ වල නම් මිනිස්සු හැම වෙලාවෙම වගේ එනවා යනවා.ඒ වගේම ඔවුන් එක්ක සුහද කතා බහක නියැලෙන්නත් ඕන තරම් අවස්තා තියෙනවා.ජෝන් හිතන්නෙවත් නැතුව නැති, පාරේ වැටිලා තිබ්බ ඉවතලන ද්‍රව්‍ය බහාලන බාස්කට් එකක් ආයේ තමන්ගේ අසල්වැසියගෙ වත්තෙන් දාලා යන එකෙන් ඔහු එක්ක කතාවකට පැටලෙන්න සිද්ද වෙයි කියලා.බාස්කට් එක ගිහින් අසල්වැසියගෙ වත්තෙන් දාලා තම පෙම්වතිය එක්ක ගෙදර ඉන්න ජෝන්ට ඇහෙනවා කවුදෝ කෙනෙක් ගෙදර බෙල් එක ගහනවා.බැලින්නම් අර බාස්කට් එකේ අයිතිකාරයා බියර් වගයකුත් අරන් කතාවකට ඇවිත්. ජෝන් ගේ පෙම්වතියව වර්ණනා කිරීමටත් ඔහු අමතක කරන්නෙ නෑ.ඒ වගේම ඔහු ජෝන්ගේ ගෙදර තියෙන දුරදක්නය ගැනත් හිත චංචල කරවන දේවල් කියනවා.ඇතැම්විට ඒවා බියගන්වන ස්වරූපයක් ගත්තත්,ඔවුන් ඒවා නොසලකා හරිනවා.මොනා වුනත් ජෝන් හා පෙම්වතිය හොර රහසේම ගෙවල් අතැරලා පිටවෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.මොකද කියනවනම් මොවුන් දෙන්නම සුළු පරිමාණයේ වෙන කෙනෙකු යටතේ ජාවාරම් කරන දෙන්නෙක්.ඔවුන් ඒ ලැබෙන සල්ලි වලින් අලුත් ජීවිතයක් ගත කිරීමට සඳහා ලොක්කට හොරෙන් පලායන්න තමයි උත්සහ කරන්නේ.පසුදින තමන් ආපහු එනවිට ලෑස්ති වී සිටින ලෙස පවසන ජෝන් තම පෙම්වතියට සමුදා නික්ම යනව.පෑය කිහිපයකට පස්සේ ජෝන් ගෙදර පැමිනෙනවා.ඒත් ඔහුගේ පෙම්වතිය රෝසි ගෙදර නෑ.රෝසිගෙ අතුරුදන් වීමට තම අසල්වැසියව සැක කරන ජෝන් ඔහුගේ නිවෙස වෙත යනවා.ජෝන් හට මොනා වෙයිද? රෝසිව හොයාගන්න පුලුවන් වෙයිද? අසල්වැසියා මේවට වගකියන්න ඕනද? කියලා දැනගන්න ඕන නම් කුතුහලය පිරිච්ච මේ චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා.පුලුවන් වුනොත් නැවත හමුවෙමු.සුභ දවසක්!


 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google