Latest Subtitles :
Recent Movies

Indrajith (2017) සිංහල උපසිරැසි සමඟ


සුළු අඩු පාඩු ඇතත්,රසවත් කතා තේමාවක් අඩංගු වන Indrajith (2017) චිත්‍රපටය Action, Adventure,Fantasy යටතේ වර්ගීකරණය කළ හැක්කක්..මෙය Kalaprabhu ගේ අධ්‍යක්ෂණය යටතේ ඔහුගේ පියා වන Kalaipuli S. Thanu විසින් නිෂ්පාදනය කර තිබෙනවා.මෙහි රංගනයෙන් Kadal (2013), Yennamo Yedho (2014),Ivan Thanthiran (2017) වැනි චිත්‍රපටවල රගපෑ Gautham Karthik සමඟින් සුරූපි නිළියක් දෙදෙනෙක් වන Ashrita Shetty හා Sonarika Bhadoria එකතුවෙනවා. සිත්ගන්නා දසුන් කිහිපයකින්ම සමන්විත මෙම චිත්‍රපටය පවුලෙ සැමටම රසවිදින්න පුලුවන්.

කෙලින්ම කතාවට බහින්නම්. ඉන්ද්‍රජිත් චෙන්නායි වෙතට ඔහුගේ මාමාගේ ආරාධනයෙන් පැමිණෙනවා.ඔහුගේ මාමා මොහුව ගෙන්නගන්නේ පුරාවිද්‍යා ගවේශණ කරන ආයතනයක කලින් අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල මයිල්වාගනන් නම් පුරාවිද්‍යා මහචාර්‍යවරයෙකු විසින් සිදු කරගෙන යන ව්‍යාපෘතියකට එක්කාසු කරගන්නයි.මෙම ව්‍යාපෘතිය තමයි ලෝකේ තියෙන ඕනම රෝගයක් සුව කරන්න හැකියාව තියෙන කුඩා ගල් කැබැල්ලක් සොයාගැනීම.මේ පුරාතන ගල් කැබැල්ල ගැන ඔහුගෙ සීයා මාර්ගයෙන් මයිල්වාගනන් හට හොද හෝඩුවාවක් ලැබෙනවා.මොවුන් මේ ගල් කැබැල්ල සොයා ගමන් කරන අතරවාරයේ තවත් කෙනෙක් මේ ගල් කැබැල්ල සොයා පැමිණෙනවා,ඒ තමයි කපිල් ශර්මා,පුරාවිද්‍යා ගවේෂණ ආයතනයේ නවතම අධ්‍යක්ෂකවරයා.මෙම ගල් කැබැල්ල සොයා ඉන්ද්‍රජිත් ඇතුලු පිරිස යන ගමනේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන බිහිසුනු සිද්ධීන් දාමයකින් යුත් මෙය නරඹන්න කැමති කට්ටිය ට්‍රේලරය බලලම අරගන්න.ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නත්තලක් හා නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

Beyond Skyline (2017) සිංහල උපසිරැසි සමඟ

2010 වසරේ තිරගත වූ Skyline චිත්‍රපටයේ දිගහැරුමක් වන මෙහි අධ්‍යක්ෂනය Liam O'Donnell.නිෂ්පාදන කටයුතු Matthew Chausse,Liam O'Donnell හා Brothers Strause සිදු කර තිබෙනවා. Frank Grillo, Bojana Novakovic, Iko Uwais, Callan Mulvey, Yayan Ruhian, Betty Gabriel හා Antonio Fargas යන තරු රංගනය සදහා එකතු වී තිබෙනවා.2010 වසරේ චිත්‍රපටයේ තිබූ මන්දගාමි ස්වරූපය ඉවත ලා මෙම චිත්‍රපටයේ ක්‍රියාදාම, ත්‍රාසජනක ජවනිකා බොහෝ සෙයින් දැකගන්න පුලුවන්.පළමු චිත්‍ර‍පටිය ඔබ නොබැලුවා කියලා මේක බලන්න කිසිම ගැටළුවක් නැහැ. මොකද කතා දෙක සම්පුර්ණයෙන්ම වෙනස් නිසා..

ලොස් ඇනජලීස් නුවරට අමුතු ආකාරයේ යාත්‍රාවක් කඩා පාත් වෙනවා.ඒ යාත්‍රාවෙන් නිකුත් කරන එලියක් නිසා පොලවේ සිටින මිනිසුන් එම යානාව වෙත ඇදගන්නවා.මෙලෙස පොලිස් පරීක්ෂක මාර්ක් කෝර්ලේ ගේ පුතුණුවන් වන ට්‍රෙන්ට්වත් මෙම යානාව වෙත ඇදගන්නවා.කෙසේ හෝ තම පුත්‍රයාව බේරගන්න පරීක්ෂක මාකුත් මෙම යානාවට ඇතුලු වෙනවා.යම් හේතුවක් නිසා මෙම යානය අග්නි දිග ආසියාවේ යම් තැනකට කඩා වැටෙනවා.දැන් මාක්ගේ උත්සහය තමයි තම පුත්‍රයාව මින් ගලවගන්න එක හා මෙම පිටසක්වළයින්ව පෘථියෙන් පලවා දැමීම.දිවි බේරාගත් කිහිපදෙනෙක් මෙම සටනට මාක් සමගින් එකතු වෙනවා.එහෙනම් විද්‍යා ප්‍රබන්ධ,පිටසක්වළ ජීවින් ඉන්න චිත්‍රපටවලට කැමති කට්ටිය අරගෙන බලන්න.

Ippadai Vellum (2017) සිංහල උපසිරැසි සමඟ

ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපට කාණ්ඩ යටතෙ වර්ගීකරණයට ලක් වුනු Udhayanidhi Stalin සමඟින් සුරුපී නිලි Manjima Mohan රඟන නවතම චිත්‍රපටයක් වන Ippadai Vellum (2017),Gaurav Narayanan ගේ අධ්‍යක්ෂණයක් වන අතර A. Subaskaran ගේ නිෂ්පාදනයක්.

චෝටා ,ඔහු භයානක ත්‍රස්තවාදියෙක්. අතීතයේ දී පවා ඔහු බෝම්බ පිපිරවීම මගින් මුලු ඉන්දියාවම බියෙන් සලිත කිරීමට සමත් වූ අයෙක්.(අපිටත් මේ වගේ අත්දැකීම් වලට අතීතයේදී මුහුණ දෙන්න සිදුවුනා කියලා ඔයාලා දන්නවා ඇතිනේ).කෙසේ නමුත් වාසනාවකට චෝටා නම් මේ ත්‍රස්තවාදියා දැන් උත්තර් ප්‍රදේශ් වලට තියෙන බන්ධනාගාරෙක හිරබත් කමින් ඉන්නේ.වාසනාව අවාසනාවක් කරමින් බන්ධනාගාරය පුපුරා දමා ඔහු එතනින් පැනගන්නවා.ඔහුගේ මීලග ඉලක්කය තමයි ඉන්දියාවේ වෙනත් නගරයක් බෝම්බ පිපිරවීමෙන් සුනුවිසුනු කරලා දාන එක.හැබැයි ඔහු ඔහුගේ සගයන් එක්ක සන්නිවේදනය කරන්නෙ පොලීසියට හා වෙනත් සයිබර් අපරාධ විමර්ශකයන්ට ලුහුබදිනවා තියා හිතන්නවත් බැරි විදිහකට.හිරෙන් පැන ගත් මොහු බෝම්බය පිපිරවීමට ඉලක්ක කල නගරය වෙත ගමන් කරනවා.මොහුගේ මේ පැනයාම පොලිසියට දැන් හිසරදයක් වෙලා තියෙන්නෙ මොකද අතට අරන් තිබ්බ දේ කටට දාගන්න බැරි වුනානේ.චෝටාගේ මීලග බෝම්බ දැමීමට ඉලක්ක කල නගරය ගැන කිසිදු හෝඩුවාවක් නොදන්නා පොලීසිය විසින් මුලු ඉන්දියාව පුරාවටම ඔහුගේ පැන යාම පිලිබදව හෙලි කර ඔහුව දුටු තැන අත් අඩංගුවට ගැනීමට යළි නියෝග නිකුත් කරනවා.

මධුසුදනන්,එහෙමත් නැත්නම් මධූ කියන්නෙ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්.තම පියාගේ මිය යාමෙන් පසුව තමන්ව මේ තත්වෙට ගත්තේ බස් රථ රියදුරු රස්සාව කරන ඔහුගේ ආදරණීය අම්මායි.ඒ වගේම ඔහුට තව නංගිලා දෙන්නෙකුත් ඉන්නවා.තමන්ගේ අම්මගෙ හිතේ තියෙනවා එයාලගෙම කියලා අලුත් ගෙයක් හදාගන්න.මේ හීනෙට පණ දෙන්න මධුසුදනන් දිවා රෑ නොබලා වැඩ කර රස්සාවෙන් බැංකු ලෝන් එකක් ගන්නවා.ඒත් හදිසියේම ඔහුගේ රස්සාව නැතිවෙනවා.තම මවගේ සතුට නැති කරන්න හොඳ නැති නිසා මේ බව ඔහු තමන්ගේ අම්මට කියන්නෙ නැහැ.තමන්ට තියෙන ප්‍රශ්න ගැන නම් එයාගෙ අම්මා හාංකවිංසියක්වත් දන්නෙ නෑ.ඒ වගේම ඔහු බාර්ගවී කියලා සල්ලිකාර ගැහැනු ළමයෙක්ට ආදරේ කරනවා.මේ දෙන්නගේ සම්බන්දෙට නම් පොලිස් නිලදාරියෙක් වෙච්ච බාර්ගවීගේ අයියා විරුද්ධත්වය පල කරනවා.අයියාගෙ විරුද්ධත්වය හමුවේ රෙජිස්ටාර් ගාවට ගිහින් විවාහ වෙන්න ඔවුන් දෙන්නා දිනයක් දාගන්නවා. මධුසුදනන් කියනවා රෙජිස්ටාර් ගාවින් විවාහ වෙන දවසට යාලුවෙක්ගේ කාර් එකක් අරන් එන්නම් කියලා.

කුලන්දවේලු,ඔහු හඬකැවීම් ශිලිපියෙක්.ඔහුගෙ රස්සාවෙන් සොච්චම් මුදලක් ලැබුනත්,තම හඩකැවීම් වැඩසටහන් බලා සතුටු වෙන කුඩා ළමුන් දෙස බලා ඔහුත් සතුටෙන් මේ රස්සාව කරන් යනවා.එයාගෙ බිරිදට බබා ලැබෙන්න ඉන්න නිසාම ඔහු ඇයට පොරොන්දු වෙනවා වැඩ ඉවර වෙලා එයාව බලන්න එන්නම් කියලා.මැදියම් රාත්‍රියේ වැඩ අවසන් කරන මොහු එයාගෙ බයික් එකෙන් තමන්ගේ ගමනාන්තය බලා ගමන් කරනවා.

තවත් කියන්න යන්නේ නෑ,මං මෙහෙම කියන්නම්.පත්තර වලයි ප්‍රවෘත්ති වලයි එක් සිරස්තලයක් වැටෙනවා.ඒ තමයි "ත්‍රස්තවාදී චෝටා ගෙ සගයන් දෙදෙනෙක් වන මධුසුදනන් හා කුලන්දවේලු පොලිස් අත් අඩංගුවට."නිර්දෝෂි පුද්ගලයන් දෙදෙනෙක් වූ මධුසුදනන් හා කුලන්දවේලු මෙම ත්‍රස්තවාදියට මැදි වුනේ කෙසේද? ඔවුන් තම නිර්දෝශී බාවය කෙසේ ඔප්පු කරාවිද? කියලා ත්‍රාසය, ක්‍රියාදාම, කුතුහලය පිරුණු මෙය නරඹන්න ආරාධනා කරනවා.

 සැ.යු. - අන්තර්ජාලයට විවිධ කාල පරාසයන්ගෙත් යුත් පිටපත් දෙකක් නිකුත් වී ඇති හෙයින් එම පිටපත් දෙක සඳහාම උපසිරැසි SRT ගොනුව තුල අඩංගු කර තිබෙනවා.ඔබ ලග ඇති පිටපතට ගැලපෙන උපසිරැසි ගොනුව තෝරාගැනීමට සැලකිලිමත් වන්න.තවද IDX ලෙස නිකුත් කර ඇත්තේ පැය 2යි විනාඩි 19ක් ලෙස දක්වා ඇති (TamilMV) පිටපතට අදාළ උපසිරැසි පමණක් බව සලකන්න.

Kickboxer Retaliation (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න පොරොන්දු වෙච්ච විදිහට ආයේ ආවා ඊයේ ලබාදුන්න Kickboxer චිත්‍රපටයේ ඊලග දිගහැරුම අරගෙන.ඒක බලපු කට්ටිය දන්නවා ඇති ඒකේ තිබ්බ සටන් ජවනිකා ටික කොහොමද කියලා.සම්මාන ලාභි අධ්‍යක්ෂකයෙක් වන Dimitri Logothetis තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය,කතාව රචනය සිදු කරලා තියෙන්නෙ.කලින් චිත්‍රපටයේ කතාවත් ඔහු අතින් තමයි රචනා වුනේ.මෙහි රංගනයෙන් කලින් චිත්‍රපටයේ සිටි Alain Moussi, Jean-Claude Van Damme,Sam Medina හා Sara Malakul සමඟින් නව චරිත ඔස්සේ Christopher Lambert,Hafþór Júlíus Björnsson එකතු වී තිබෙනවා.එමෙන්ම සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වන Ronaldinho හා බොක්සින් ශුර මයික් ටයිසන්වත් දැකගන්න පුලුවන්.

කතාව :
කලින් චිත්‍රපටය බැලුවනම් මතක ඇති කර්ට් ස්ලෝන් ( Alain Moussi) විසින් තමන්ගේ අයියව මරපු ටොංග් පෝගෙන් ( Dave Bautista) තම පලිය අරගත්තා කියලා.වැඩේ ලේසි වුනේ නෑ කියලත් දන්නවනේ.කොහොමහරි අවසානයේ කර්ට්,ලියුවත් (Sara Malakul ) එක්කගෙන ආයෙමත් තායිලන්තයට එන්නෙ නෑ කියලා හිතාගෙන යන්න යනවා.අද එතැන් සිට...ඔවුන්ට වැඩිකලක් සතුටින් ඉන්න වෙන්නෙ නෑ,මොකද කියනවනම් ටොංග් පෝගේ මිනිමැරුම සම්බන්දයෙන් කර්ට්ව නැවත තායිලන්තයට ගෙනැවිත් හිර කරනවා.හැබැයි මේ හිරගෙදරත් ටොංග් පෝට කැමති කට්ටිය ඉන්න තැනක්. මෙවරත් ඔහුට අනුග්‍රාහකයෙකු ගෙන් ආරාධනාවක් ලැබෙනවා හිරෙන් නිදහස් වෙන්න ඕන නම් මොන්ග්කුට් කියලා උස අඩි 6'8ක් හා බර රාත්තල් 400කින් යුත් කෙනෙක් එක්ක සටන් කරන්න කියලා.ඔහු සටනින් ජය ලැබුවහොත් ඔහුට නිදහස වගේම මුදල් තාග්‍යයකුත් දෙන බවට පොරොන්දු වෙනවා.කර්ට් මෙම ඉල්ලීම අහක දානවා. කෙසේ නමුත් අනුග්‍රාහකයා විසින් කර්ට් ගේ බිරිඳ වන ලියුව පැහැරගන්නවා.කර්ට් අවසානයේ සටන් කරන්න තීරණය කරත් ඔහුට වැටහෙනවා ටොංග් පෝව පරද්දපු විදිහට මොහුව පරද්දන්න බෑ කියලා,මොකද මොන්ග්කුට් කියන්නෙ ටොංග් පෝ වගේම හතර ගුණයක් විතර ශක්තිය තියෙන මහ දැවැන්තයෙක්.කර්ට් ගේ පුහුණුකරු විදිහට මෙවරත් ඩුරෑන්ඩ් ව කර්ට් හට මුණගැහෙනවා.ඒත් ඔහු කලින් සිටි ඩුරෑන්ඩ් නෙවෙයි ඔහුටත් යම් අභාග්‍යසම්පන්න ඉරණමකට මූන දෙන්න වෙලා තියෙනවා.ටොංග් පොගේ කට්ටිය හිරගෙදර ඉන්නකොට කර්ට් හට මොනා වෙයිද? කර්ට් හට ජෛව ඉංජිනේරු තාක්ෂණයෙන් නිර්මාණය කල මොන්ග්කුට් නම් අති දැවැන්ත ශක්තිමත් මිනිසාව පරද්දන්න පුලුවන් වෙයිද? ඔහුගේ බිරිඳට මොනවා වෙයිද? කියලා දැනගන්න ඕන නම් කලින් චිත්‍රපටයටත් වඩා ක්‍රියාදාම ජවනිකා අඩංගු මෙය නරඹන්න ආරාධනා කරනවා.ඉංග්‍රිසි උපසිරැසි ගොනුවක් තවමත් නිකුත් වෙලා නිසා අසාලිවීමක් තමයි කරන්න වුනේ,අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.ඔබට ජය!

Kickboxer Vengeance (2016) සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටය නම් දැනටමත් ගොඩක් දෙනෙක් බලලා ඇති,තාම බලපු නැති අය ඉන්නවනම් අරගෙන බලන්න.බලපු අයත් කැමති නම් ආයේ අරන් බැලුවට කමක් නෑ.මොකද මේකේ දෙවනි කොටසකුත් ඇවිල්ලා තියෙනවා.Kickboxer: Vengeance (2016) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John Stockwell විසින් වන් අතර Alain Moussi, Jean-Claude Van Damme, Dave Bautista, Gina Carano, Georges St-Pierre and Darren Shahlavi වැනි දැවැන්ත චරිත මේ චිත්‍රපටයේ දැකගන්න පුලුවන්.මේ චිත්‍රපටය ගැන කියනවනම් 1989 වසරේ තිරගත වූ සුපිරි නළු Jean-Claude Van Damme රඟපෑ Kickboxer චිත්‍රපටයේ Reboot එකක්.මෙම චිත්‍රපටයෙත් අපිට Jean-Claude Van Damme ව දැකගැනීමේ හැකියාව තියෙනවා. මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන Darren Shahlavi රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටයත් මෙය වනවා,ඔහුටත් මෙම චිත්‍රපටය උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඇමරිකානු ඩොලර් මිලියන 17 ක් පිරිවැයකින් ලබා ඇති ආදායම ඩොලර් මිලියන 287ක්.චිත්‍රපටය ගැන ඒකෙන්ම හිතාගත්තැකිනේ.

කතාව පැත්තට හැරුනොත් එරික් ස්ලෝන් (Darren Shahlavi) ,ලෝක කරාතේ ශුරතාවය ලබා ගත් කෙනෙක්.මේ හැමදෙයක් පිටිපස්සෙන් ඉඳන් ඔහුව දිරගන්වන්නෙ වගේම ඔහුගෙ පුහුණුකරු වෙන්නෙත් එයාගෙම සහෝදරයා වන කර්ට්
ස්ලෝන්.මාර්සියා නම් සටන් සඳහා අනුග්‍රහය දක්වන ගැහැණු කෙනෙක් මොවුන් වෙත පැමිණිලා ආරාධනාවක් කරනවා තායිලන්තයේ පැවැත්වෙන උමංබිමේ සටනක් සඳහා සහභාගි වන ලෙසට.ඒ වගේම ඒ සටනින් එරික් හට සල්ලි වගේම කීර්ති නාමයත් ලබාගන්න පුලුවන් බව පවසනවා.කෙසේ නමුත් මෙම යෝජනාවට කර්ට් වැඩිය සැලකිල්ලක් දක්වන්නෙ නෑ.එරික් කරාතේ සෙල්ලම් කරාට උමං බිමේ තරඟ කියන්නෙ කෙනෙකුගේ මරණය තෙක් සටන් වදින ක්‍රීඩාවක් බව ඔහු
හොඳකාරවම දන්න නිසයි.කර්ට් ගේ විරෝධය මත එරික් තායිලන්ත තරඟය සඳහා යනවා.තායිලන්තයට පැමිණෙන ලෙස කියා එරික් විසින් කර්ට් හට එවන ආරාධනාවක් මත ඔහුත් තායිලන්තය බලා ගමන් කරනවා.ඔහුගේ ඇස් පනාපිටම දැකගන්න ලැබෙනවා ඔහුගේ අයියා වළල්ල තුළදී මේ වනතෙක් කිසිදු තරගයක් පරාජය නොවූ උමං බිමේ ශූරයා වන ටොංග් පෝ (Dave Bautista) අතින් මරණයට පත්වෙනවා.මෙම නීතිවිරෝදි සටන් කරන බිමට පොලීසියෙන් කඩා පැන මෙම මරණයේ ඇසින් දුටු සාක්කි කාරයා විදිහට කර්ට් ව පොලීසියෙන් අරගෙන ගොස් නැවත තායිලන්තයට නොපැමිණෙන ලෙස දන්වා ඇමරිකාව වෙත පිටත් කර හරිනවා.ඒත් කර්ට් ඇමරිකාව වෙත නොයා තායිලන්තයේම සිට ඔහුගේ අයියාගේ තායිලන්ත පුහුණුකරුගෙන් ඉල්ලා සිටිනවා ඔහුව පුහුණු කරවන ලෙසට.එමෙන්ම ඔහු ටොංග් පෝ ට අභියෝග කරනවා තමන් හා තරග කරන ලෙසටත්.කර්ට් හට තමන්ගේ අයියගෙ පළිය සුපිරි ශූරයෙක් වන ටොංග් පෝගෙන් අරගන්න පුලුවන් වෙයිද කියලා විනාඩි 90ක් පුරාවට ක්‍රියාදාම ජවනිකා වලින් පිරුණු මෙය අරගෙනම බලන්න.එහෙනම් මෙහි මීලග චිත්‍රපටයෙන් හමුවෙමු!

Mersal (2017) සිංහල උපසිරැසි සමඟ



 විජේ සමඟින් සමන්තා රුත් ප්‍රභූ,නිත්‍යා මෙනන්,කාජල් අගර්වාල් ඇතුලුව සත්‍යරාජ් හා ස්පයිඩර් චිත්‍රපටයේ නලුවාට වඩා දුෂ්ට චරිතයෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත් වසඟ කරගත් එස්.ජේ සූර්‍යා එහෙමත් නැත්නම් මෑතකදී බිහිවූ සුපිරි ගණයේ දුෂ්ට චරිතය රංගනයෙන් දායක වන Mersal (2017) චිත්‍රපටය Raja Rani (2013) හා Theri (2016) වැනි ජනප්‍රිය ඔබ වෙත ගෙනා Atlee Kumar අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටයයි.ආදායම් වාර්ථා බිඳ දැමූ Baahubali 2: The Conclusion (2017) චිත්‍රපටයේ රචකයා වන K. V. Vijayendra Prasad අතින් තමයි මේ කතාවත් රචනා වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටයේ සංගීතය ඔස්කාර් සම්මානලාභි සංගීත අධ්‍යක්ෂක A.R. Rahman අතින් හැඩවී තිබෙනවා.ඔහුගේ සංගීතය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉන්දියානු මුදලින් කෝටි 120 ක පිරිවැයක් ලබා නිපදවූ මෙහි ඇස්තමේන්තුගත ආදායම කෝටි 240 පමණ වෙනවා. මේ වන විට මෙම චිත්‍රපටය සඳහා IMDb හි 8.8/10 ක්,Times of India හි 3.5/5 ක සමඟින් ගූගල් මනාප ප්‍රතිශතය 90% ක් පමණ වෙනවා. 

ඩොක්ටර් මාරන් (විජේ),රෝගීන් වෙනුවෙන් අඩු මුදලට තම වඟකීම් අකුරට ඉටු කරන අවංක වෛද්‍යවරයෙක්.ඒ වගේ ඔහු ගොඩක් ජනප්‍රියයි වගේම සම්මානලාභි පුද්ගලයෙක්.ඔහුගේ අභිප්‍රාය තමයි ආර්ථිකමය වශයෙන් පොහොසත් නැති රෝගීන් හට නොමිලේ වෛද්‍ය ආධාර ලබා දෙන එක.කොහොමහරි ප්‍රංශයේදී තවත් සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්ට අවසන් ගමන් යන්නත්,ඉන්දියාවේදී තවත් පුද්ගලයන් හතර දෙනෙක්ට අතුරුදහන් වන්නටත් සිදු වෙනවා.මේ සම්බන්දව පරීක්ෂණ පවත්වන්නේ රත්නවේල් (සත්‍යරාජ්) කියලා පොලිස් නිලදාරියෙක්.අවසානයේ ඔහු මේවට වඟකිව යුත්තේ මාරන් යැයි සිතා ඔහුව අත් අඩංගුවට ගන්නවා.ප්‍රශ්න කිරීම් වලදී ඔප්පු වෙනවා මේ මිනිමැරුම් කර තිබෙන්නෙ වෙනත් අයෙක් විසින් බවත් එම තැනැත්තා ඩොක්ටර් මාරන්ගේ අනන්‍යතාවත් සොරාගෙන ඇති බවට.එතකොට මේ අපරාධ කරේ වෙනත් කෙනෙක්ද? මේ ඩොක්ටර් මාරන් කියන්නේ ඇත්තටම කවුද,දොස්තර කෙනෙක්ද නැත්නම් විජ්ජාකරුවෙක්ද? ඔහු ඉලක්ක කරලා මිනිස්සු මරන්න හේතුව මොකක්ද? මේ පුද්ගලයින් දෙදෙනෙක් නම් ඔවුන්ට තියෙන සම්බන්දය මොකක් වෙන්න පුලුවන්ද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න.

 *මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HD පිටපත් සදහා ගැලපේ.

Blade of the Immortal (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න ටික කාලෙකට පස්සේ ආයේ මේ පැත්තේ ඇවිත් යන්න හිතුවා.Blade of the Immortal නම් මෙම ජපන් චිත්‍රපටය සඳහා පාදක වෙලා තිබෙන්නෙ ජපාන මන්ගා කතාවක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Takashi Miike විසින් වන අතර ඔහුගේ 100 වෙනි චිත්‍රපටය මෙය වීම විශේෂත්වයක්. ඔහු තමා සම්මාන 14ක් දිනාගනිමින් තවත් සම්මාන 27ක් සඳහා නිර්දේශ වූ අතිශය ජනප්‍රිය වූ 13 Assassins (2010) චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. ඔහුගේ චිත්‍රපට ගැන ඒකෙන්ම හිතාගත්තැකිනේ. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය මේ වසරේ Cannes Film Festival හි පෙන්වූ අතර සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා Warner Bros සමාගම විසින් අප්‍රේල් 29 වැනිදා නිකුත් කරනු ලැබුවා.Blade of the Immortal චිත්‍රපටයට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් ගූගල් පරිශිලකයන්ගේ 92% ක මනාප ප්‍රතිශතයකුත්, කුණු තක්කාලි හි 81% ක ප්‍රතිශතයක් හා IMDB හි 7.1 ක ඉහළ මනාපයක් ලබාගැනීමට හැකිවෙලා තිබෙනවා.දැන් කතාව පැත්තට හැරෙමු.

සිරුරේ හටගන්නා කැපුම් පහරවල්,තුවාල ඉබේ සුවවෙන අමරණීයත්වය හෙබි සමුරායි වරයෙක් තමයි මන්ජි කියන්නේ.ඔහුට මේ අමරණීයත්වය ලැබෙන්නෙ තම ජීවිතය අවසන් කිරීමට තරම් සමත් සටනක අවසානයේ යෞබිකනි නම් පුරාතණ කාන්තාවක් මගින්.ඒ සටන මොකක්ද කියලා බලලම දැනගන්න.අවුරුදු 50ක කාලයක ඇවෑමෙන් පසු මන්ජි වෙත රින් නම් කුඩා ගැහැණු දැරිවියක් ඇවිත් එක ඉල්ලීමක් කරනවා.ඒ තමයි තමන්ගේ පියාව ඝාතනය කරපු වගේම තම මවට දරුණු ඉරණමක් අත්කර දුන් අනටොසු කගහෙසාගේ නායකත්වයෙන් යුතු කඩු සටන් වල මනා නිපුණත්වය හෙබි කණ්ඩායමකින් ඇයට පලිගන්න ඕන කියලා.මුලදී මන්ජි ඇයගේ ඉල්ලීම පිලිගන්නේ නෑ ඒත් පස්සේ ඔහු ඇයට උදව් කරන්න පෙලඹෙනවා.ඔහුට පස්සේ දැනගන්න ලැබෙනවා මේ අනටොසු කගහෙසා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නොවන බව වගේම ඔහුගේ හැකියාව ඉතා තියුණු බව.මන්ජි හට මුහුණ පාන්න වුණු කුරිරු අතීතයත් කුඩා දැරිවියට උදව් කරන්න බොහෝ සේ බලපානවා.මාලුවා නහින්නේ කට හින්දා කියලා කියමනක් තියෙනවා වගේම මේ දැරිවිය නිසා මන්ජිට නොහිතන විදිහේ කරදරවලට මුහුණ පාන්න වෙනවා.අනටොසු කගහෙසා,රින්ගේ දෙමාපියන්ව ඝාතනය කරන්න ඇත්තම හේතුව මොකක්ද? රින් ගේ පලිය මන්ජිගේ උදව්වෙන් සම්පූර්ණ කරන්න පුලුවන් වෙයිද? අනටොසු ඇතුළු ඔහුගේ කණ්ඩායමේ ප්‍රධාන අරමුණ මොකක්ද,ඔවුන්ට එය ඉටු කරගන්න ලැබේවිද? මන්ජි ඇත්තටම අමරණීයද? රින් නිසා මන්ජි හට මුහුණ පාන්න වෙන කරදර කෙබඳුද? උත්තර දැනගන්න නම් බොහෝ සෙයින් ක්‍රියාදාම ජවනිකා අඩංගු මෙය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා.ඔබට සුභ දවසක්!

The Dark Tower (2017) සිංහල උපසිරැසි සමඟ

2017 වසරේ තිරගත වූ මෙම The Dark Tower චිත්‍රපටය සඳහා පාදක වී තිබෙන්නෙ Stephen King ගේ කෘතියක්.එයා ගැන කට්ටිය දන්නවා ඇතිනේ.සුප්‍රකට It කෘතියත් එයාගෙම තමයි. මේ අවුරුද්දේ ඒක පාදක වෙලා අලුත්ම චිත්‍රපටයකුත් තිරගත වුණානේ.ඒවගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nikolaj Arcel විසින්.මෙහි Idris Elba,Matthew McConaughey හා Tom Taylor යන අය රංගනයෙන් එකතුවෙලා තිබෙනවා.Fantasy/Science fiction යටතේ වර්ගීකරණය වී ලොව පුරා තිරගත වීමෙන් The Dark Tower චිත්‍රපටය ඩොලර් මිලියන 111ක මුදලක් උපයාගත්තා.

කතාව :
ජේක් කියන්නෙ වයස අවුරුදු 11ක පිරිමි ළමයෙක්.මෙයාට අමුතු අමුතු හීන පේන්න ගනවා.ඒ හීන වල වෙනත් ලෝකයක කළු හැදගත් මනුස්සයෙක් වගේම ඔහුට විරුද්ධව ඉන්න තුවක්කු කරුවෙක් ජීවත් වෙනවා.එතකොට අර කළු හැදගත් මනුස්සයා උත්සහ කරන්නේ ලෝකය, අන්ධකාරයෙන් ආරක්ෂා කරන අඳුරු කුළුන බිඳ වට්ටලා ලෝකය අන්ධකාරයෙන් පුරවන්න.ඒ කියන්නේ නිකං ලෝක විනාසයක් වගේ දෙයක් තමයි.මේ හැම දෙයක්ම ජේක් චිත්‍රවල සිතුවම් කරලා තියාගන්නවා.මේ දේවල් අම්මටයි,සුළු පියාටයි කිව්වහම එයාලා හිතන්නේ මෙයාට මානසික රෝගයක් තියෙනවා කියලයි.ජේක්ගේ පියාගේ මරණය නිසා ඇති වූ මානසික කම්පනය හින්දා මේ වගේ හීන පේනවා ඇති කියලා ඔවුන් ඔහුට වෛද්‍ය ආධාර දෙන්න හදනවා.ඔහුව එතනට එක්ක යන්න එන දෙන්නව දැකලා ඔවුන් ගැන සැක හිතිලා ජේක් ගෙදරින් පැනලා යනවා එයාගේ හීනවල ඉන්න තුවක්කු කරුවව හොයාගෙන.ජේක් හට පස්සේ දැනගන්න ලැබෙනවා මේ දේවල් හීනයක් නෙවෙයි ඇත්තක් වගේම ඔහුටත් යම් බලයක් තියෙනවා කියලා.ජේක් හට තුවක්කු කරුවව හම්බවෙයිද? කළු හැදගත් මනුස්සයගෙන් ලෝකය බේරගන්න ජේක්ටයි,තුවක්කු කරුවටයි පුලුවන් වෙයිද? කියලා අරගෙනම බලන්න.

Wish Upon (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න අදත් තව චිත්‍රපටයක් අරන් ආවා,මේක කලින් දෙන්න හිතන් හිටියත් දමිළ චිත්‍රපටයක් කරන්න වුණ නිසා ටිකක් විතර ප්‍රමාද වුණා.එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ.

Fantasy, Horror, Thriller යටතේ වර්ගීකරණය වෙලා තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ සුප්‍රකට හොරර් චිත්‍රපට අධ්‍යක්ෂක  James Wan ගේ සමගාමිකයෙක් වන  John R. Leonetti විසින්.ඒ වගේම කතාව ලියලා තියෙන්නෙ Barbara Marshall විසින්.මෙහි එන නලු නිලි පිරිස ගත්තොත්  Ramona and Beezus (2010),Oz the Great and Powerful (2013) හා The Conjuring (2013) වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු සුරූපි නිළි Joey King හා The Maze Runner (2014) චිත්‍රපටයේ මින්හෝ ගේ චරිතය නිරූපණය කල Ki Hong Lee සමඟින් පසුගිය දිනවල Shooter රූපවාහිනි කතාමාලාවෙන් බොබ් ලී ස්වැගර් ලෙස ඔබ හමුවට ආ Ryan Phillippe දැකගන්න පුලුවන්.

කතාව :
ක්ලෙයාර් ෂැනොන් කියන්නෙ වයස අවුරුදු 17ක් විතර ඇති ගැහැණු ළමයෙක්.මෙයාගෙ අම්මා එයා පොඩි කාලෙ සියදිවි නසාගෙන මැරිලා තියෙනවා. ඇයගේ තාත්තා ජොනතන්,ඔහු කලින් සංගීතඥයෙක් වුවත් ඔහු  විනෝදයක් විදිහට දැන් කසළ ගොඩේ තියෙන පාවිච්චියට ගන්න පුලුවන් දේවල් එකතු කරන්නෙක් විදිහට වැඩ කරන කෙනෙක්.කුණු ගොඩක තිබිලා මෙයාට දවසක් චීන සංගීත පෙට්ටියක් හම්බවෙනවා.මේක වටින එකක් කියලා හිතලා මෙයා තමන්ගේ දුව වන ක්ලෙයාර්ට උපන්දින තෑග්ගක් විදිහට තෑගි කරනවා.මේ පෙට්ටිය ගැන වැඩි සැලකිල්ලක් ක්ලෙයාර් නොදැක්වුවත් පාසලේ ඇයට සිද්ද වෙන යම් යම් අකරතැබ්බ නිසා පෙට්ටිය මත කොටා ඇති "ප්‍රාර්ථනා හතක් ඉල්ලීම් කල හැක" යන වැකිය දකින නිසාත් ඇය යම් යම් ප්‍රාර්ථනා කරනවා තමන්ගේ වාසියට.ඒත් එක්කම ඇය වටේ ඉන්න අය අනතුරු වලින් ජීවිතය හැරදා යන්නටත් සිද්ද වෙන්න පටන් ගන්නව.පස්සේ ඇයට දැනගන්න ලැබෙනවා මේ පෙට්ටිය ප්‍රාර්ථනා ඉටු කරාට,ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නෙත් යම් වන්දියක් අරගෙන කියලා..මේ ප්‍රාර්ථනා ඉටු කරන චීන සංගීත පෙට්ටියේ අබිරහස මොකක්ද? ක්ලෙයාර් හට මොනවා වෙයිද? ක්ලෙයාර්ගේ අම්මා සියදිවි නසාගැනීමට හේතුව මොකක්ද? ක්ලෙයාර් හට වැරැදුනු තැන නැවත හරිගස්සන්න පුලුවන් වෙයිද? මේ ඔක්කෝටම උත්තර චිත්‍රපටය බලලම දැනගන්න.

 *මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු Blu-Ray පිටපත් සදහා ගැලපේ.





Vivegam (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න මාස තුනකට වගේ කාලයකට පස්සේ ආයේ උපසිරැසියක් අරගෙන ආවා.මේ පාර අරගෙන ආවේ කොලිවුඩ් සිනමාවේ "වසරේ ක්‍රියාදාම චිත්‍රපටය" ලෙස නම් කරන්න පුලුවන් චිත්‍රපටක්.ඒ තරමටම චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය තෙක්ම ක්‍රියාදාම ජවනිකා වලින් අනූනයි.දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන අජිත් කුමාර් රඟන විවේගම් චිත්‍රපටය, වෙන මේ වසරේ බොහෝ දෙනා තිරගත වෙනකම් මඟ බලන් හිටිය චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.මොකද කියනවනම් සිනාමාශාලා වල ප්‍රවේශ පත් ඉතාමත් ඉක්මනින් අවසන් කරන්න සමත් වෙච්ච චිත්‍රපටයක්.

මෙම වසරේ අගෝස්තු 24 වැනි දින තිරගත වූ මෙහි, අධ්‍යයක්ෂණය,කතාව,ත ිර රචනය මේ හැම දෙයක්ම සිදුකර තිබෙන්නෙ සිවා විසින්.කොලිවුඩ් සිනාමාව ගත්තොත් සිවා යි,අජිත් කුමාර් කියන්නේ සාර්ථක සංකලනයක්.මුලින් ඔවුන් 2014 වසරේ කරපු Veeram (2014) චිත්‍රපටය මෙගා හිට් එකක් වූ අතර,ඔවුන්ගේ සාර්ථකත්වය නැවතත් 2015 වසරේ තිරගත වූ Vedalam (2015) චිත්‍රපටයෙන් විදහා පෑවා.ඉතින් මෙවරත් Vivegam (2017) චිත්‍රපටය,ඔවුන්ගේ මීට පෙර චිත්‍රපටයට වඩා බොහෝ සෙයින් බොක්ස් ඔෆීස් වාර්ථා හමුවේ සාර්ථක වෙන්න එහෙමත් නැත්නම් මෙගා හිට් එකක් වෙන්න පුලුවන් කම ලැබුණා.Sathya Jyothi Films යටතේ Senthil Thyagarajan හා Arjun Thyagarajan මෙහි නිෂ්පාදන කටයුතු කර තිබෙනවා.එමෙන්ම කවුරුත් හඳුනන Anirudh Ravichander අතින් සංගීතවත් වී ඇති අතර ඔහු, සිවා හා අජිත් කුමාර් සමඟ සම්බන්ද වුණ දෙවනි අවස්ථාවත් මෙය වෙනවා.

රංගනය පැත්තට හැරුණොත්,අජිත් කුමාර් විසින් ඔහුගේ චරිතයට සාධාරණයක් කර ඇති බව දැකගත හැකි අතර,ඔහුගේ මෙම රංගනය,විශේෂයෙන් ක්‍රියාදාම ජවනිකා ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගැනීමට සමත්කම් දැක්වුවා.ඔහුට අමතරව මෙවර අජිත් කුමාර් සමඟින් ප්‍රධාන චරිත ලෙස සුරූපි නිළි වන කාජල් අගර්වාල්,විවේක් ඔබරෝයි හා අක්ෂරා හසන් එක් වී තිබෙනවා.කාජල් අගර්වාල් ගේ රංගනයත්,මෙහි අනික් චිත්‍රපටවලට සාපේක්ෂව සුදුසු ලෙස යොදාගෙන තිබීම විශේෂත්වයක්.

කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් නිසා කතාව ගැන මුකුත් නොකියා ඉන්නම්.ක්‍රියාදාම ජවනිකාවලින් සපිරුණු අජිත් කුමාර් ගේ සුපිරි චිත්‍රපටයක් බලන්න කැමති අය එහෙනම් අරන් බලන්න.ඔබට ජය!

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HD පිටපත් සදහා ගැලපේ.


Mister (2017) සිංහල උපසිරැසි සමඟ

මම මුලින් දීපු Winner (2017) තෙලිඟු චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර තිබ්බ නිසාම අද තවත් තෙලිඟු චිත්‍රපටයක් අරන් ආවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Bruce Lee-The Fighter,Aagadu,Baadshah වැනි චිත්‍රපටවල අධ්‍යක්ෂකවරයා වන Sreenu Vaitla විසින්.මෙහි රංගනය සඳහා අප කලින් ලබාදුන් Loafer (2015) චිත්‍රපටයේ රගපෑ Varun Tej සමඟින් Lavanya Tripathi හා Hebah Patel යන නිළියන් දෙපළ එකතු වී තිබෙනවා.

කතාව පැත්තට හැරුනොත් චේයි (වරුන් තේජ්) එයාගේ අම්මයි තාත්තයි එක්ක ප්‍රංශයේ තමයි ජීවත් වෙන්නේ. එක දවසක,ගැහැනු ළමයෙක්ව එක්ක එන්න එයාපෝට් එකට යන චේයි හට වැරදීමක් නිසා ගෙදර එක්ක එන්නේ වැරදි ගැහැනු ළමයෙක්ව.ඒ ගැහැනු ළමයා ඉන්දියාවේ ඉඳන් ආපු මීරා කියලා කෙනෙක්.යම් හේතුවක් උඩ ඒ ගැහැනු ළමයට චේයි ලගේ ගෙදර නවාතැන් දෙන්න වෙනවා. ඒක වෙන්නෙත් චේයිගේ පොඩි සැලැස්මකට අනුවයි.කොහොමහරි ඒ ගැහැනු ළමයට ප්‍රංශයේ ඉන්න වෙන්නෙ දින පහයි.ඔහොම චේයි එක්ක ප්‍රංශයේ වටේ රවුම් ගහ ගහ මීරා ඉන්නකොට මීරා ගැන ආදරයක් චේයි ගේ හිතේ ඇතිවෙනවා.චේයි මීට කලින් කාටවත් ආදරය කරලා නැති නිසා ඒක තමයි එයාගේ පලමු ආදරය.චේයිගේ ආදරේ ලබාගන්න ගෙදර අයත් චේයිට උපරිම සහයෝගය ලබාදෙනවා.කෙසේ නමුත් චේයි ත් හිතන් ඉන්නේ මීරාගේ හිතෙත් එයා ගැන ආදරයක් තියෙනවා කියලා.පස්සේ කොහොමහරි චේයි මීරට තමන්ගේ ආදරේ ප්‍රකාශ කරන්න හදනකොටම ඔන්න මෙන්න තියෙද්දී මීරම චේයිට කියනවා එයා ඉන්දියාවේ ඉන්න සිද්දාර්ත් කියලා කෙනෙක්ට ආදරය කරනවා,එයාලා විවාහ වෙන්න ඉන්නෙ කියලත් චේයි ඇගේ හොද යාලුවෙක් විතරක් කියලත්..තමන්ගේ පලමු ආදරේ ඇස් පනා පිටම කැඩිලා ගියාට පස්සේ ඇස් දෙකේ කදුලු හංගන් ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් චේයි හට නැතුව යනවා.මීරා ඉන්දියාවට ගියාට පස්සේ චේයි හට මීරාගෙන් ඇමතුමක් එනවා සිද්දාර්ත් විවාහය ප්‍රතික්ෂේප කරලා කියලා.ඒ නිසා ඇයට සියදිවි නසාගන්න හිතිලා තියෙන්නේ කියලා.සියල්ල දමලා ගහලා චේයි මීරාට උදව් කරන්න ඉන්දියාව බලා යනවා.ඔහොම මීරගේ ගමට යන අතරවාරයේ චන්ද්‍රමුකී කියලා තව ගැහැණු ළමයෙක්ව චේයි හට මුණ ගැහෙනවා.එතනින් පස්සේ චේයි හට කරදර පිට කරදර එන්න ගන්නවා.මේ චන්ද්‍රමුකී කියන්නේ කවුද? සිද්දාර්ත් විවාහය ප්‍රතික්ශේප කරන්න හේතුව මොකක්ද? චේයි පසුපස මැර කණ්ඩායම් තුනක් හඹා එන්න හේතුව මොකක්ද? චේයි එනකම් අවුරුදු ගානක්ම ඉන්දියාවට වෙලා බලා ඉන්න අනික් කෙනා කවුද? චේයිගේ ආදරේ කවුරු දිනාගනීවිද? මේ හැම ප්‍රශ්නෙකටම පිලිතුරු විනෝදය,ක්‍රියාදාම ජවනිකා පිරුනු මේක බලලම දැනගන්න.

Motta Shiva Ketta Shiva (2017) සිංහල උපසිරැසි සමඟ

ගිය මාසේ පුරාවටම කිහිපදෙනෙක්ම උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරපු චිත්‍රපටයක් එක්ක තමයි අද ආවේ.මේ චිත්‍රපටය බලන්න වුනේ නම් මේ ලගකදී.හොඳයි කියලා හිතුණු නිසා ඔන්න අරන් ආවා.අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බෙ HC පිටපතක් නිසා කාල රාමු හදාගෙන තමයි මේක අරගෙන ආවේ.මෙහි සුපිරි නලුවෙක් වන Raghava Lawrence සමගින් Sathyaraj හා සුරූපි නිළි Nikki Galrani හා දුෂ්ටයාගේ චරිතය සඳහා පිට පිට වසර දෙකකදීම හොඳම දුෂ්ට රංගනයට සම්මානයෙන් පිදුම් ලැබූ Ashutosh Rana එකතු වී තිබෙනවා.එතකොට මේකේ නම තමයි Motta Shiva Ketta Shiva .මෙය Sai Ramani ගේ අධ්‍යක්ෂණයෙනුත් R. B. Choudary ගේ නිෂ්පාදනයෙන් හා Amresh Ganesh ගේ සංගීතයෙන් හැඩ වී තිබෙනවා.වීරයා තිරයට පිවිසෙන පසුබිම් සංගීතය නම් හරිම සිත්ගන්නා සුළුයි.

කතාව පැත්තට හැරුනොත් GK (Ashutosh Rana) කියන්නෙ ප්‍රබල දේශපාලනඥයෙක්. ඔහුගේ නීති විරෝධි වැඩවලට බාධාවක් වෙන කිසිවෙකු හට යහතින් නම් ඉන්න වෙන්නෙ නෑ.ඒ වගේම ඔහු පොලීසියට වෛර කරන කෙනෙක්.ඔහුගේ ක්‍රියාකලාපය නිසාම පොලිස් කමිශ්නර් කෙනෙක් වන කිරුබාකරන් (Sathyaraj) ඔහු හා හැප්පෙන්නට සිද්ද වෙනවා.කිරුබාකරන් මොන දේ කලත් දේශපාලනය බලය පාවිච්චි කරලා GK හැමවේලේම බේරෙනවා.ස්ථාන මාරුවක් මගින් චෙන්නායි නගරයට ශිවකුමාර් (Raghava Lawrence ) නම් පොලිස් කාරයෙක් එනවා.මොහු දූෂිත නිලදාරියෙක් මෙන්ම GK හට කඩේත් යනවා.ඒත් එක් නොසිතූ විරූ මොහොතකදී වන යම් සිදුවීමක් නිසා ශිවාකුමාර්,GK හා ගැටෙනවා.හදිසියේම චෙන්නායි වෙත පැමිණි ශිවාකුමාර් යනු කවරෙක්ද? GK හට කඩේ යමින් සිටි ශිවා ඔහු හා ගැටීමට හේතු වූ කාරණය කුමක්ද? ඊලගට මොකද වෙන්නේ කියලා චිත්‍රපටය බලලම දැනගන්න.

Kidnap (2017) සිංහල උපසිරැසි සමඟ

ඔයාලට මං කලින් දීපූ Call (2013) චිත්‍රපටය මතකද ? ඒකේ Halle Berry ගේ රංගනයත් ඔබට අමතක වෙන්න විදිහක් නෑ. අද අරන් ආවේ Halle Berry රඟන එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටයක්. ත්‍රාසජනක චිත්‍රපට බලන අය නම් මේක මඟහැරගන්න එපා.

මම කාර්ලා ඩයිසන්,මගෙ මහත්තයා මගෙ වෙන් වෙලා වෙනත් අයෙක් එක්කලා ජීවත්වෙන්නේ.මට කියලා හැමදේකටම ඉන්නේ මගේ පුතා ෆ්රැන්කියි.එයාට තාම අවුරුදු 6යි.මං ආපනශාලාවක සේවිකාවක් විදිහට වැඩ කරනවා.ලොකු සල්ලියක් නම් හම්බෙන්නේ නෑ,ඒත් මටයි මගේ පුතාටයි ජීවිත් වෙන්න ඒ හම්බවෙන පඩිය ප්‍රමානවත්.එක දවසක් පුතාව පාක් එකට එක්ක යන්න ඕන නිසා මං එයාව මං වැඩ කරන තැනට එක්ක ගියා,මොකද එතකොට මට කෙලින්ම ආපනශාලාවේ වැඩ ටික ඉවර කරලා පුංචි පුතා එක්ක පාක් එකට යන්න පුලුවන් හින්දා.ඒත් එදා මාත් එක්ක වැඩ කරන අනික් සේවිකාව ඇවිත් තිබ්බේ නෑ,ආපනශාලාවේ ඇවිත් හිටිය සෙනගත් ගොඩක් වැඩියි.මං සේවිකාවක් නිසා සමහරු මාව විහිලුවකට ගන්න අවස්ථාත් නැත්තෙමත් නෑ.මොන දේ වුනත් රස්සාව වටිනවනේ කියලා මං ඒවා වැඩිය ගානකට ගන්නේ බොහොම අඩුවෙන්.ඉතින් අනික් සේවිකාවත් නැති නිසා ආපනශාලාවේ වැඩ ඔක්කොම මට තනියෙන් තමයි කරන්න වුනේ,කෑම හදලා දෙන්න කෙනෙක් හිටියට ඒවා ඇවිල්ලා ඉන්න කට්ටියට පිලිගන්වන්න හිටියේ මං විතරයි.මගේ පුංචි පුතා මාත් එක්ක පාක් එකට යන්න ආපනශාලාවේම තියෙන පුටුවකට වෙලා බලන් ඉන්නවා.ආපනශාලාවේ කෙනා කියනවා අද අනික් කෙනා නැති හින්දා ඩබල් ටයිම් වැඩ කරන්නලු,ඒවා කොහේ කරන්නද? පුතාව පාක් එක්ක යන පොරොන්දුව පිට මං එයාව මෙහෙට එක්ක ආවේ,මං කෙලින්ම බැහැ කිව්වා.වාසනාවකට මං කලින් කිව්ව සේවිකාව ආපනශාලාවට එනවා කියලා මට පුතා එක්ක පාක් එකට යන්න අවසර ලැබුනා.පුතා එක්කලා මගේ වාහනේ මං පාක් එකට ගියා.ඉස්සරහට යනකොට මං දැක්කේ කෙනෙක් ඉඳන් ළමයින්ගේ මූනේ සායම් තවරනවා.මගේ පුතත් ඕක දැකලා එයාට සායම් ගාගන්න ඕන නේ කියලා කිව්වා.පුතා මූණ පාට කරගන්නවට අකැමති නිසා මං බොරුවක් කියලා එයාගේ අවධානය වෙනස් කරා.පස්සේ කොහොමහරි පාක් එකේ තිබ්බ ෂෝ එකක් බලන්න මායි මගේ පුතයි එතන තිබ්බ බංකුවක් මත වාඩි වුනා.ටික වෙලාවක් ගියේ නෑ,මගේ දුරකතනය නාද වුනා.පාක් එකේ කට්ටියගේ කෑගැහැලි ,ෂෝ එකේ සද්ද බද්ද නිසා ෆ්රැන්කිට ඉන්න තැනම ඉන්න කියලා මං කෝල් එක ගන්න ටිකක් එහාට ගියා.පස්සේ මට දැනගන්න ලැබුනේ මට හරි හමන් රස්සාවක් නැති නිසා ෆ්රැන්කී ගේ තාත්තා,ෆ්රැන්කීගේ සම්පූර්න භාරකත්වය ඉල්ලනවා කියලා.මොකද කියනවනම් එයාලට මට වඩා සල්ලි බාගේ තියෙනවනේ.මේ ප්‍රශ්නේ උසාවි යන්න තරම් දුරදිග ගිහින් කියලා මට දැනගන්න ලැබුනා.කොහොමහරි මට කෝල්
එකේ වැඩි වෙලා ඉන්න ලැබුනේ ෆෝන් එකේ බැටරිය බැස්සා.මං ආපහු ෆ්රැන්කී හිටිය තැනට ආවා,ඒත් ඒ බංකුවේ ෆ්රැන්කී හිටියේ නෑ.එතන හිටිය අයගෙන් මං මගෙ පුතාගෙ හැඩරුව කියලා ඇහුවත් ඒ කිසි කෙනෙක් මගේ පුතාව දැකලා නෑ.මගේ පපුව ගැහෙන්න ගත්තා,මගේ පුතාව මං හැමතැනම හෙව්වා.ඒත් හම්බුනේ නෑ,ඒත් මගේ වාසනාවකට මම දැක්කා ගෑනු කෙනෙක් මගේ පුතාව වාහනෙකට බලන් දාගන්නවා.අනේ මගේ පුතා ෆ්රැන්කී... මං දුවලා ගිහින් ඒ වාහනේ නවත්තන්න හැදුවත් උන් නවත්තන්නෙ නැතුව යන්න ගියා.පස්සේ මට මගේ වාහනේ මතක් වුනා.වාහනෙට නැගලා මං උන් පස්සෙන් එලෙව්වා.උන් මං පස්සෙන් එන එක වලක්වන්න කරන්න පුලුවන් හැමදේම කරා.ඒත් මං නැවතුනේ නෑ.අන්තිමේදී උන් මගේ පුතාව වාහනෙන් එලියට දානවා කියලා තර්ජනය කරලා උන් මගේ ගමන් මග වෙනස් කරා.ඒත් මං නැවතුනේ නෑ.මගේ පුතා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මං ලෑස්තියි,මං උන් පස්සේ ආයිමත් ලුහුබදින්න පටන් ගත්තා.මට මේ ලුහුබැදීමේ මුහුණ දීමට වූ බාධක,සොයාගැනීමට හැකි වූ සුලමුල ඉතා සුලුපටු නෙවෙයි.එහෙනම් කාර්ලා ඩයිසන් සමඟ එක්වී එයාගේ පුංචි පුතා පැහැරගත් අය පසුපස ලුහුබඳින්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.



John Wick Chapter 2 (2017) සිංහල උපසිරැසි සමඟ

IMDB මීටරේ 8.1 එකට කැරකුනු පසුගිය පෙබරවාරි 10 වැනි දින තිරගත කල John Wick 2 නම් සුපිරි ගණයේ චිත්‍රපටය එක්ක තමයි අද ආවේ.අන්තර්ජාලයට හොඳ කොපියක් අද දින තමයි නිකුත් වෙලා තිබුනේ.මේ වගේ ෆිල්ම් එකක් කැමරා කොපි වලින් බලන්නහොඳ නැති නිසා තමයි මෙච්චර කාලයක් ඉවසන් හිටියේ.එහෙනම් ඔන්න හොඳ කොපියක් එනතුරු ඉවසන් හිටිය අයට දැන් බලන්න පුලුවන්.මේක බලන්න කලින් මුල් චිත්‍රපටය බලපු නැති අය ඒක බලලා හිටියොත් නම් උපරිම රසවින්දනයක් ලබාගන්න පුලුවන්.මොකද මේක පටන් ගන්නෙ මුල් චිත්‍රපටය ඉවර වෙච්ච තැනින්.

කතාව :-
ජෝන් වික් එහෙමත් නැත්නම් බුගී මෑන් ගේ බිරිඳ මෙලොව හැරගිහින් යම් කාලයක් ගත වුනත් ඔහුට ඒ මතකයන් වලින් මිදෙන්න බැරුව තමයි ඉන්නෙ.විශ්‍රාම ගිහින් සිටින ඔහු සාමකාමි ජීවිතයක් ඔහුගේ බලු පැටියා එක්ක ගත කරමින් ඉන්න කොට ඔහුගේ ගේ දොරකඩට අමුත්තෙක් ඇවිත් තට්ටු කරනවා. බැලින්නම් ඒ වෙන කවුරුවත් නෙවෙයි මීට අවුරුදු ගණනාවකට පෙරාතුව කිසිවිටෙකත් කළ නොහැකි මෙහෙයුමක් සම්පූර්ණ කල නිසා ඔහුට විශ්‍රාම යන්න උපකාර කර ප්‍රතිඥාවක් දුන් ඉතාලියේ ලොකු අපරාධකරුවෙක් වෙන සැන්ටිනෝ ඩී ඇන්ටෝනියෝ. සැන්ටිනෝ,ජෝන් හට කොන්ත්‍රාත්තුවක් බාර දීමට ඇවිත් හිටියත් විශ්‍රාම සුවයෙන් පසුවෙන ජෝන් එය ප්‍රතික්ශේප කරනවා.එහි ප්‍රතිවිපාකයක් ලෙස සැන්ටිනෝ ජෝන් ගේ ගෙදරට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ගේ පොලවට සමතලා කරනවා.ඔහු ලබාදී තිබෙන ප්‍රතිඥාව තුල තිබෙන කඩ කල නොහැකි නීති දෙකක් නිසා ජෝන් හට සැන්ටිනෝගේ කොන්තාත්තුව බාර ගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැතිවෙනවා.ඒ කොන්ත්‍රාත්තුව තමයි සියලුම අපරාධවල මුලුසුන හොබවන හයිටේබල් නොහොත් ඉහළ මේසයේ අසුනක් හිමි සැන්ටිනෝගේ සොහොයුරියව ඝාතනය කරන එක.නිදන් හිටිය සිංහයෙක්ව නැගිටවපු සැන්ටිනෝ හට මොනවා වෙයිද? මේ කොන්ත්‍රාත්තුව නිසා ජෝන් වික් හට මොනා වෙයිද? චිත්‍රපටය ආරම්භයේ සිටම ගිනි විසිවෙන ක්‍රියාදාම ජවනිකාවලින් පිරුණු මෙය ඊට පිලිතුරු සපයාවි.


Winner (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න වෙනසකටත් එක්ක ටොලිවුඩ් චිත්‍රපටයක් අරගෙන ආවා.ඉංග්‍රීසි,හින් දි,දෙමළ චිත්‍රපට උපසිරැසි ගැන්වීම කරලා තිබුනත් මං තෙලිගු චිත්‍රපටයක් උපසිරැසි ගන්වපු පලමු අවස්තාව මේකයි.චිත්‍රපටය තමයි Winner (2017).මං කැමතිම නිලියක් තමයි මේකේ ඉන්නෙ.ඒ වෙන කවුරුවත් නෙවෙයි තෙලිගු සිනමාවේ නැතුවම බැරි චරිතයක් වන Rakul Preet Singh.නලුවා ගැන කියනවනම් Subramanyam For Sale හි හිටිය Sai Dharam Tej තමයි මේකේ ප්‍රධාන නලුවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gopichand Malineni.ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නෙ Nallamalupu Bujji හා Tagore Madhu.එතකොට මේකේ Music කරල තියෙන්නෙ S. Thaman.තෙලිගු චිත්‍රපට බලන කෙනෙක් නම් ඔහුව නොදැන ඉන්නට විදිහක් නෑ.ජනප්‍රිය චිත්‍රපට ගණනාවක්ම ඔහුගෙ මියුරු සංගීතයෙන් හැඩ වෙලා තියෙනවා.මේ චිත්‍රපටයෙ සිත්ගන්නා ගීත කිහිපයක්ම තිබුනා. ඒ ඔක්කෝටමත් සිංහල උපසිරැසි කරලා තමයි අරන් ආවේ.

කතාව :-
ධර්මේන්ද්‍රා රෙඩ්ඩි කියන්නෙ අශ්ව තරග වලට ඔට්ටු අල්ලන මහ පරිමාණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක්.හැබැයි ඔහුගේ මේ දියුනුවට හේතුව වුනේ එරට අංක එකේ ජොකියා වන ඔහුගේ පුත් මහේන්ද්‍ර රෙඩ්ඩියි.කෙසේ නමුත් ඔහුගේ පියාගෙ දැඩි විරුද්ධත්වය මත ඔහු ආදරය කරන ගැහැනු ළමයෙක් එක්ක විවාහ වෙලා ගෙදරින් යන්න යනවා.මහේන්ද්‍ර රෙඩ්ඩි ඇයත් එක්ක ඔහොම සන්තෝසෙන් කාලය ගත කරත් අවසානයේ ඇය මෙලොවට පුතෙක් බිහිකර මෙලොව අතහැර යනවා.මෙතැන් සිට අපි ඔහුව සිද්දු (Sai Dharam Tej) යැයි හදුන්වමු. මහේන්ද්‍ර රෙඩ්ඩි ගේ අතහැර යාමෙන් පසුව ධර්මේන්ද්‍රා රෙඩ්ඩිගේ ව්‍යාපාර වල විශාල ලෙස පාඩු ලබනවා.දැන් මොහුගේ එකම අභිප්‍රාය වෙන්නෙ නැවත තමන්ගේ පුතාව තමන් ළගට ගන්න එක.බොරු ආදරයක් පෙන්නලා ධර්මේන්ද්‍රා රෙඩ්ඩි නැවත මහේන්ද්‍ර රෙඩ්ඩි හා පුතාව ගෙදරට එක්කන් එනවා.ධර්මේන්ද්‍රා රෙඩ්ඩිගේ එකම අරමුණ තමයි මහේන්ද්‍ර රෙඩ්ඩිගෙන් ඔහුගේ පුතාව වෙන් කරලා මහේන්ද්‍ර රෙඩ්ඩ්ගේ අවධානය තමන්ගෙ ව්‍යාපාර වලට යොමුකරවන එක වගේම ඔහුට වෙනත් විවාහයක් කර දෙන එක.ධර්මේන්ද්‍රා රෙඩ්ඩි විසින් පුංචි සිද්දුව තමන්ගෙ තාත්තට වෛර කරන තැනට වැඩ සිද්ද කරනවා.අනතුරුව මේ හැමදෙයක්ම ඉවර වෙන්නෙ සිද්දු ගේ අතහැර පැනලා යාමෙන්.

අවුරුදු 20ක් ගතවූවායින් පසුව,අර කලින් කී සිද්දු දැන් පත්තරේක ක්‍රියේට්වි හෙඩ් කෙනෙක් විදිහට වැඩ කරනවා.හැබැයි ඔහු දේවල් දෙකකට වෛර කරනවා.එකක් තමා ඔහු තාත්තලාට වෛර කරනවා,අනික තමා ඔහු අශ්වයන්ට වෛර කරනවා.සිද්දුගෙ තාත්තා ඔහුව හැමතැනකම වගේ හෙව්වත් ඔහුව හම්බවෙන්නෙ නෑ.පස්සේ සිද්දු,සිතාරා (Rakul Preet Singh) කියලා ගැහැනු ළමයෙක්ගේ හිත දිනාගන්න උත්සහ කරනවා.හැබැයි ඇය නම් සිද්දුට පොඩ්ඩක්වත් කැමැති නෑ.ඇගේ එකම බලාපොරොත්තුව තමයි ජාතික ශූරතා ධාවන තරගයෙන් රන් පදක්කමක් ගන්න එක.ඉගෙන ගන්නවා කියලා ගෙදරට කියලා මෙහෙ ඇවිත් ධාවන තරගවලට සහභාගි වෙන එක තමයි ඇය කරන්නෙ.සිද්දුව සිතාරා ප්‍රතික්ෂේප කරන නිසා ඒකේ තරහට සිද්දු,සිතාරාගෙ තාත්තට දුවගේ කෙරුවාව අකුරක් නෑරම කියලා දානවා.ඒ වෙලාවෙම ඇවිත් සිතාරව එක්කන් යන ඇයගේ තාත්තා,ඇයට විවාහයක් හදිසියේ ලෑස්ති කරනවා.සිතාරාගේ තාත්තාත් අශ්ව ව්‍යාපාර වලට සම්බන්ද නිසාම ඇයව විවාහ කරදෙන්න හදන්නෙ එරට ඉන්න ආධි කියලා හොඳම ජොකියෙක්ට.ඇගේ විවාහය ගැන දැනගන්නා සිද්දු මේ විවාහය වෙන තැනට එනවා.සිතාරත් මේ විවාහයට පොඩ්ඩක්වත් කැමති නෑ.ඇයට ඕන කොහොමහරි ඇගේ හීනේ ඉටු කරගන්න.සිතාරට මේ විවාහයෙන් බේරෙන්න ඕන කමට සිද්දුව පෙන්නලා කියනවා එයා තමයි හයිද්රාබාද් වලට හොඳම ජොකියා කියලා.ඒ වගේම ඇය කියනවා ආධි හා සිද්දු අතර අශ්ව රේස් තරගයක් තියලා ඒකෙන් දිනන කෙනාව තමයි එයා විවාහ කරගන්නෙ කියලා.ඔහොම කතාබහ යන අතරවාරයේ මහේන්ද්‍ර රෙඩ්ඩි ඔතනට ඇවිත් කියනවා කලින් කී ජොකියා නොහොත් ආධී කියන්නෙ අවුරුදු 20 ගානකට පෙර තමන්ව අතහැර ගිය තමන්ගේ එකම පුතා වන සිද්දාර්ත් රෙඩ්ඩි කියලා.ඒ වගේම ඔහුගේ පුතා සිතාරා විසින් කල අභියෝගය බාර ගන්නා බවත් කියනවා.

මේ වෙන සිද්දිය දැකලා සිද්දු පුදුමයට පත්වෙනවා.තාත්තලට වගේම අශ්වයන්ටත් වෛර කරන සිද්දු සිතාරා වෙනුවෙන් වගේම තමන්ගේ පියා වෙනුවෙන් මේ අශ්ව රේස් එකේ අභියෝගය බාර ගන්නවා.සිද්දුගෙ අනන්‍යතාවයෙන් මහේන්ද්‍ර රෙඩ්ඩි ගාව ඉන්නෙ කවුද කියන එක හොයාගන්නත්,තමන්ගෙ පියාට කෙසේ හෝ ලං වෙන්නත්,සිතාරගේ ආදරය ලබාගන්නත්,තමන්ගේ සීයට පාඩමක්උ ගන්වන්නත් සිද්දු අදිටන් කරගන්නවා.සිද්දුට මේ දේවල් ඔක්කොම කරන්න පුලුවන් වෙයිද කියලා දුක,සතුට,ක්‍රියාදා ම ජවනිකා පිරුනු මෙය කිසිදු කම්මැලිකමක් නැතිව බලලා එහෙනම් උත්තර දැනගන්න.ජයවේවා!


Dora (2017) සිංහල උපසිරැසි සමඟ

Horror,Thriller,Fantasy යටතේ වර්ග කරන්න පුලුවන් චිත්‍රපටයක් එක්ක තමයි අද මං ආවේ.Nayanthara,Harish Uthaman,Thambi Ramayya ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි අධ්‍යක්ෂණය Doss Ramasamy විසින් වන අතර නිෂ්පාදනය කරලා තියෙන්නෙ A. Sarkunam.එමෙන්ම සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Vadacurry,Pugazh වැනි චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කල Vivek Siva and Mervin Solomon විසින්.මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතය නම් හරිම සිත්ගන්නා සුළුයි.චිත්‍රපටයේ හොඳ කොපියක් අනතර්ජාලයට ඊයේ දින තමයි නිකුත් වුනේ.මේ චිත්‍රපටයේ එන ලස්සන ගීතයක් වන Engapora Dora ගීතයට ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ කාල රාමු හරියට නොතිබුණු නිසා ඒකේ කාල රාමු හදන්න වුනා .ඕක ට විතරක් හදලා නිකං ඉන්න හදනකොට Ra Ra Ra ගීතයටත් හදන්න වුනා.Ra Ra Ra ගීතය නම් ගායනා කරන්නෙ පසුගියදා කතාබහට ලක්වුණු සුපිරි තරුව Anirudh Ravichander.කොහොම හරි සින්දු දෙකත් එක්කම සම්පූර්ණ චිත්‍රපටයම අරන් ආවා.සින්දු එක්ක දෙන්න හිටිය නිසා තමයි ටිකක් පරක්කු වුනේ,නැත්නම් මීට කලින් දෙන්න තිබුනා.

කතාව පැත්තට හැරුනොත් පල්ලවාකෝඩි (නයන්තරා) එයාගෙ තාත්තා එක්ක ජීවත්වෙන අහිංසක තරුණියක්.අහිංසකයි කිව්වට අහිංසමත් නෑ ඕං.තාත්තටත් හරිම ආදරන් ඉන්න ඇයව විවාහ කරලා දෙන්න ඇගේ පියා පුදුම විදිහට මහන්සි වෙනවා.ඒත් ඇය නම් ඒවා කනකට ගන්න කෙනෙක් නෙවෙයි.තාත්තාවත් මට්ටු කරන් තමයි ඉන්නෙ.තාත්තට ඕන වෙනවා මෙයාව පන්සල් එක්ක යන්න.බස් එකෙන් බැහැලා පයින් යන්න තියෙන නිසා මෙයා කියනවා බෑ කියලා.කාර් එකක යමු කියලා මෙයාව කැමැති කරගෙන ටැක්සි කාර් එකක් ඉල්ලගන්න කියලා මෙයාලගෙ නැන්දා කෙනෙක් ගාවට යනවා.නැන්දා ටැක්සි සේවාවක් පවත්වගෙන යන කෙනෙක්.ටැක්සි ඉල්ලන්න ගිහින් පල්ලකෝඩි වලියකුත් දාගෙන චැලේන්ජ් එකකුත් නැන්දා එක්ක දාගන්නවා.ඒ තමයි එයාලා වගෙ පල්ලකෝඩිත් ටැක්සි සේවාවක් පටන් ගන්නවා කියලා.කොහොමහරි නැන්දට දියුණු වෙන්න උදව් කරලා තියෙන්නෙ පල්ලවකෝඩිගෙ තාත්තා.දැන් නැන්දා එයාලව නොසලකා හරිනවා.චැලේන්ජ් එකකුත් දාගත්ත එකේ එකතු කරලා තියෙන සබ්බ සකලමනාවම අරන් ගිහින් කාර් එකක් ගන්න යනවා ටැක්සි සේවාව පටන් ගන්න.ඔහොම ගන්න ගියාට පස්සේ පල්ලවකෝඩි මිලදී ගන්නෙ පරණ ජාතියෙ කාර් එකක්(ඒක වෙන්නෙත් හරි අමුතු විදිහට).කාර් එක අරන් ගෙදර ගියාට අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා.කාර් එක නිකන්ම ස්ටාට් වෙනවා වගෙ දේවල්.පස්සෙ පල්ලවකෝඩිට දැනගන්න ලැබෙනවා මේ කාර් එකට ආත්මයක් අරක්ගෙන කියලා.ඊලගට වෙන දේ දැනගන්න කුතුහලය,භීතිය,ත්‍ර ාසය කෙමින් කෙමින් නැංවී අවසානය වන විට උච්චම අවස්ථාවට පත්වන සුපිරි නිළු නයන්තරාගෙන් සුපිරි රංගනයෙන් හැඩවූ Dora (2017) නරඹන්න Horror,Thriller,Fantasy රසිකයන්ට ආරාධනා කරන ගමන් මම නවතිනවා.

Boyka: Undisputed IV (2016) සිංහල උපසිරැසි සමඟ

IMDB අගය 8.1ක් වූ Scott Adkins රඟන Undisputed කතා මාලාවේ අලුත්ම කතාව අරන් තමයි අද ආවේ.කලින් චිත්‍රපට කිහිපය නොබැලුවා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.හොද සටන් කිහිපයක්ම බලාගන්න පුලුවන් චිත්‍රපටයක් තමයි මේක.කතාව පැත්තට හැරුනොත්,යූරී බොයිකා සිර ගෙයින් පැනයාමෙන් පසුව යුක්‍රේනයෙ උමං බිමෙහි තරග සඳහා සෙල්ලම් කරනවා.ඔහොම ඉන්න අතර වාරයේ ඔහුට අවස්තාවක් ලැබෙනවා බුඩපෙස්ට් වල පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියක් සඳහා ඉදිරිපත්වෙන්න. හැබැයි ඒකට ඉදිරිපත් වෙන්න නම් යූරි හට සුදුසුකම් ලැබීමේ තරගයකට මුලින් මුහුණ දී ඉන්න වෙනවා.ඔහුගෙ ප්‍රතිවාදියා විදිහට ඉන්න වික්ටර් කියන කෙනත් ඔහු වගේම දක්ෂයෙක්,බොයිකා එම තරගය දිනන නමුත් පසුව ඔහුට දැනගන්න ලැබෙනවා ඔහුගෙ ප්‍රතිවාදියා වෙච්ච වික්ටර් ඔහු එල්ල කල ප්‍රහාර හේතුවෙන් මියගිහින් කියලා.වික්ටර් තමන් අතින් මිය ගිය නිසා යූරී වික්ටර්ගෙ බිරිද සොයා රුසියාව වෙත යනවා ඇයගෙන් සමාව ඉල්ලීමට.රුසියාවට ගියාට පස්සෙ ඔහුට දැනගන්න ලැබෙනවා වික්ටරුයි බිරිදයි එරට සවුරාබ් නම් අපරාධ කරුවෙක්ගෙන් විශාල මුදලක් ණයට අරන් ඒ සල්ලි වලින් ළමයින් වෙනුවෙන් සේවා සපයන මධ්‍යස්තානයක් පවත්වාගෙන යනවා කියලා.වික්ටර්ගේ මරණය නිසා ඔහුගෙ බිරිදට මෙම ණය ගෙවාගන්න බැරිව ලොකු කරදරේක වැටිලා වගේම සවුරාබ් ඇයව සිතැගි සේ තමන්ගේ වැඩ වල යොදවාගන්නා බවත් යුරී හට දැනගන්න ලැබෙනවා.දැන් යූරී හට ඕන කරන්නෙ තමන් අතින් වෙච්ච වැරැද්ද හරිගස්සගන්න.ඒ නිසා ඔහු ඇගේ ණය ගෙවන්න ඉදිරිපත් වෙනවා.සවුරාබ් මේ සදහා ඔහුට අපූරූ යෝජනාවක් ගේනවා,ඒ තමයි තමන් වෙනුවෙන් අසීරු තරග කිහිපයකට සිටියොත් ඇයව මේ සියලු දේවලින් නිදහස් කරනවා කියලා.වෙන කරන්න දෙයක් නැති තැන යූරි මේ යෝජනාව පිලිගන්නවා.ඊට පස්සේ මොකද වෙන්නෙ කියලා අරන්ම බලන්න.


Kung Fu Yoga (2017) සිංහල උපසි‍රැසි සමඟ


අද අරගෙන ආවේ ජැකී චෑන්ගෙ අලුත්ම චිත්‍රපටයක්.ඒ තමයි පසුගිය ජනවාරි 28 දින චීනයේත්,පෙබරවාරි 3 වැනිදා ඉන්දියාවෙත් තිරගත කිරීම පටන් ගත්ත Kung Fu Yoga (2017) චිත්‍රපටය. ඉන්දියාවත් චීනයත් එක්ව කල සම නිෂ්පාදනයක් වෙන මේකේ කතාව වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ හොංකො චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වන Stanley Tong විසින්. මීට කලිනුත් ඔහු ජැකී චෑන් සමගින් එකතු වෙලා Police Story 4,Rumble in the Bronx,The Myth වැනි චිත්‍රපට කිහිපයකුත් කරලා තියෙනවා.කුන්ග් ෆූ යෝගා තමයි එම සුසංයෝගයේ නවතම චිත්‍රපටය වෙන්නෙ.නළු නිළි පිරිස ගැන කියනවනම් සුපිරි නළු චැකී චෑන් සමගින් Soonu Sood,Disha Patani,Amyra Dastur යන ඉන්දියාවේ තරු කිහිපයක් එකතු වී තිබෙනවා.මීට අමතරව චැකීගේ කණ්ඩායමේ අය ලෙස Aarif Rahman, Zhang Yixing,Miya Muqi යන අයව දැකගන්න පුලුවන්.

ආදායම් වාර්ථා දිහාවට හැරුනොත්,කුන්ෆූ යෝගා චිත්‍රපටය නිකුත් කර පලමු සතිය තුළ චීනයේ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 138.8 මුදලක් ඉපයීමට සමත් වුනා.ඒ කියන්නෙ චිත්‍රපටය හදන්න ගිය මුදල වගේ දෙගුණයක් මුදලක් පලමු සතිය තුලම හොයාගන්න පුලුවන් වුනා.හරියටම බැලුවොත් ඉන්දියාවේ සාර්ථක චිත්‍රපටයක් වෙච්ච අමීර් ඛාන් ගේ දනගල් චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලබාගත් මුදලට වඩා වැඩි මුදලක් මේ චිත්‍රපටය ලබාගත්තා.වැදගත්ම එක තමයි ජැකී චෑන් මේ වෙද්දී තරුණ විය පහු කරලා ගොඩක් කාලයක් ගත වුනාට පසුවත් චීනය තුල ඔහුගේ චිත්‍රපටි වලට තියෙන ඉල්ලුම තාමත් අඩුවෙලා නෑ කියන එක ආදායම් වාර්ථා අතින් පේනවා.

චීනයේ ඉන්න සුප්‍රසිද්ධම පුරාවිද්‍යා මහචාර්‍යවරයෙක් තමයි ජැක් (ජැකී චෑන්).ඉන්දියාවේ කෞතුකාගාරයක ඉදන් ඔහුගෙ උදව් බලාපොරොත්තුවෙන් අශ්මිතා (Disha Patani) කියලා මහචාර්‍යවරයෙක් වූ ගැහැණු ළමයෙක් එනවා.එයා ඉල්ලන උදව්ව තමයි මගධයේ නැතිවුණ වස්තුව හොයාගන්න උදව් කරන්න කියන එක.(මගධ නිධානය හා සම්බන්ද අතීත කතාවක් චිත්‍රපටය ආරම්භයේදී බලාගන්න පුලුවන් වෙයි).ඇගේ ඉල්ලීම පිලිගෙන ජැක් හා එයාගෙ කණ්ඩායම නැතිවුන නිධානය හොයන් යනවා.පස්සේ ඔවුන්ට දැනගන්න ලැබෙනවා ඒ නිධානය තියෙන්නෙ මිදුණු විලක කියලා.මේ කට්ටිය ඔහොම නිධානය හොයන් මිදුණු විලට යනකොට කුලී හේවායෝ වගයක් ඇවිත් මේ කට්ටිය හිර කරලා,සීතල අයිස් ගුහාවක් අස්සේ මැරෙන්න කියලා දාලා යනවා.නිධානය ගැන කෙසේ වෙතත් ජැක්ගේ කන්ඩායාමේ කෙනෙක් මිදුණු විලේ තිබ්බ දියමන්තියක් අරන් පැනලා යනවා.ඔන්න කොහොමහරි ජැක්ගේ කට්ටියට අයිස් ගුහාවෙන් එලියට එන්න පුලුවන් වෙනවා.පස්සේ ජැක්ට දැනගන්න ලැබෙනවා අර හොරකම් කරපු කැරට් 212ක් වටින දියමන්තිය,ඩුබායි වල වෙන්දේසියකට දාලා කියලා.දැන් දියමන්තිය හොරකම් කරා කියලා අහුවෙලා තියෙන්නෙ ජැක් ව.දැන් ජැක් ඇතුලු කණ්ඩායමේ වැඩේ තමයි මේ දියමන්තිය කොහොමහරි වෙන්දේසියෙන් බේරගෙන මගධ මහ ධනස්කන්ධයට යන පාර හොයාගන්න එක.අර කුලී හේවායන්ටත් ඕන කරන්නෙ කොහොමහරි නිධානය හොයාගන්න. දියමන්තිය තමයි නිධානයට යන පාර වෙන්නෙ. දියමන්තිය හොයන් යන ගමනෙදී තවත් කෙනෙක් ජැක් ට ද්‍රෝහි වෙනවා.මගධ නිධානය සොය ජැක් ඇතුළු කණ්ඩායම නොයෙක් බාධක හමුවේ වරෙක ඩුබායි වලටත්,තවත් විටෙක ටිබෙටයත්, ඉන්දියාවටත් යන සංචාරය තමයි කුන්ෆූ යෝගා තුලින් විනාඩි 107කට ආසන්න කාලයක් තුල බලාගන්න පුලුවන් වෙන්නෙ.අශ්මිතා කියන්නෙ ඇත්තටම මහචාර්‍යවරියක්ද? මගධ නිධානය සත්‍යක්ද? කියලා චිත්‍රපටය විනෝදයෙන් බලලම දැනගන්න.ඒ වගේම ලෝකේ වටේ තියෙන ලස්සන දර්ශන කිහිපයක්ම දැකගන්නත් පුලුවන්.

තව දෙයක් කියන්න ඕන,මේ වෙද්දී අන්තර්ජාලයේ මේ චිත්‍රපටයට අදාළ අංග සම්පූර්ණ කිසිදු උපසිරැසියක් නිකුත් කර නෑ.දැනට නිකුත් වෙලා තියෙන ඒවලත් මැදින් මැදින් කොටස් බොහෝ අඩුයි.සම්පූර්ණ චිත්‍රපටයටම කාල රාමු හදාගෙන තමයි මේක අරන් ආවේ.වැරදි තිබුණොත් සමාවෙන්න.චැකී චෑන්ගෙ චිත්‍රපටවලට කැමති අය ඉන්නවා නම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් මම කොමාව තබනවා.දැනට අවසන් කර තිබෙන චිත්‍රපට 2-3ක් ඉදිරියේදී බලාගන්න පුලුවන් වෙයි.ඔබට සුභ දවසක්,ජයවේවා!

Pagadi Aattam (2017) සිංහල උපසිරැසි සමඟ

මෑතකද බලපු විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක් වුන Dhuruvangal Pathinaaru (2016)  හි ප්‍රධාන චරිතය නිරූපණය කල Rahman  මේ චිත්‍රපටයෙත් පොලිස් පරීක්ෂක චරිතෙටම එක් වෙලා තියෙනවා.ඔහුගෙ රංගනය කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවනේ.මෙය ත්‍රිලර් කාණ්ඩය යටතට වැටිලා තියෙන නිසා ප්‍රධාන චරිතය වෙච්ච රහමන්ට අමතරව අලුත් මුහුණු කිහිපයක් බලාගන්න පුලුවන්.

කතාවෙ කුතුහලය ‍රැකගන්න ඕන නිසා මං මෙහෙම කියන්නම්.සූර්යා කියන්නෙ ධනවත් පවුල් පසුබිමක් තියෙන සෙල්ලක්කාර තරුණයෙක්.මෙයාගෙ අතෙ මුදල්,බලය යහමින් ගැවසෙන නිසාත් ගැහැනු ළමයිව දාගන්නවා කියන්නෙ මෙයාට හරි සිම්පල් වැඩක්.ඒකේ ප්‍රතිඵලයල් විදිහට මෙයාට ගැහැණු ළමයි බර ගානක් පෙම්වතියන් විදිහට අශ්‍රය කරනවා.ඒ වගේම මෙයා ගැහැණු ළමයි ව දාගන්නෙ මෙයාගෙ අහිංසක චරිතේ එලියට පෙන්නලා,කොච්චර ගැහැනු ළමයි රන් කරත් එකිනෙකාව අනික් කෙනා මුණගැහෙන්නෙ නැතුව තියාගන්න බැරි නම් වැඩක් නෑ.ඉතින් සූර්යා ඒකත් ගානට මිම්මට කරගන්නවා.ඒකෙන් හිතාගත්ත හැකි නේ අපෙ කොල්ලගෙ තරම.ඔහොම සෙල්ලක්කාර ජීවිතයක් ගත කරමින් ඉන්න සූර්යා දවසක් රෑ පබ් එකකට ගිහින්  ගැහැනු ළමයෙක්ගෙ අතක් අල්ලන්න ගිහින් වෙන කෙනෙක් එක්ක වලියක් දාගන්න ගිහින් බොහොම අමාරුවෙන් තමයි ඒ වලියක් නොයා නවතින්නේ.පාටිය ඉවර වෙලා පහුවදා එයාගේ කෙල්ලෙක්ව හම්බවෙන්න කියලා එයාගෙ බයික් එන අතර වාරයේ යම් කෙනෙක් එයාව පැහැර ගන්නවා.පස්සෙ එයාට සිහිය එනකොට ඔහුව මිනී පෙට්ටියකට සමානකම් ඇති පෙට්ටියක හිර කරලා කියලා ඔහුට දැනගන්න ලැබෙනවා.ඒ වගේම ඒ පෙට්ටිය ඇතුලෙ ජංගම දුරකතනයකුත් තියෙනවා.සුර්යව පැහැරගත්  කෙනා ඒ දුරකතනයට ඇමතුමක් අරන් කියන්නෙ,ඔයාට මේ පෙට්ටියෙන් එලියට එන්න ඕන නම් මට ඔයාගෙ යමක් ඕන කියලා.(ඉල්ලන දේ මොකක්ද කියලා නම් මම කියන්නෙ යන්නෙ නෑ.) පස්සෙ සූර්යා අහනවා පැහැරගත්ත කෙනා කවුද කියලා.ඒ කෙනත් සූර්යට දෙන්නෙ පුදුම උත්තරයක්,පුලුවන් නම් ඒ කවුද කියලා හොයාගන්න.මූ දැන් මූට සෙට් වෙලා හිටිය කෙල්ලෝ එකින් එකා ගැනයි උන්ගෙ පවුල් වල හිටිය අය ගැනයි මතක් කර කර බලනවා,එකෙක් දෙන්නෙක් නම් මදැයි,මූට කෙල්ලො බර ගානක් සෙට් වෙලා හිටියනේ.තමන් ඉන්නෙ කොහෙද කියලා වෙනදට පැයක් පැයක් පාසා තමන්ගෙ අම්මව දැනුවත් කරන සූර්යගෙන් වෙනදා වගේ කෝල් එකක් වත් නැති හින්දා.සුර්යාගෙ දෙමව්පියන් පොලීසියෙ පැමිනිල්ලක් දානවා.පරීක්ෂණය කරන පොලිස් නිලදාරියා තමයි ACP දේවේන්ද්‍ර කුමාර් (රහමන්).සුර්යව පෙට්ටියක හිර කරන්න තරම් ඔහු කරපු ලොකු වැ‍රැද්ද මොකක්ද? එයාට පෙට්ටියෙන් එලියට එන්න පුලුවන් වෙයිද?  ACP දේවේන්ද්‍ර කුමාර් ට මෙය විසදීමට පුලුවන් වෙයිද? පොලීසියට පැහැරගැනීම සම්බන්දව කිසිදු හෝඩුවාවක් නොගැනීමට තරම් පැහැරගත් තැනැත්තා දක්ෂ වූ විට චිත්‍රපටය ඉදිරියට කෙසේ ගලා යාවිද?

විශේෂම කාරණය තමයි චිත්‍රපටයේ නිර්මාපකයන් මේ චිත්‍රපටය මගින් සමාජයට ගැඹුරු පණිවිඩයක් ලබාදීමට සමත්වී තිබෙනවා.පනිවිඩය මොකක්ද කියල මං කියන්නෙ යන්නෙ නෑ,ලොකු විස්තරයක් චිත්‍රපටය බැලුවොත් ඔයාට දැනගන්න පුලුවන් වේවි.කුතුහලයෙන් යුතු වූ හෝරා 2ක් පුරාවට චිත්‍රපටයෙන් දෑස් ඉවතට නොගෙන කිසිදු කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයක් බව ඉඳුරාම කියන්න පුලුවන්.

~ ජීවිතය සිහිනයක් මිස සෙල්ලමක් නෙවෙයි. ~

Lion (2016) සිංහල උපසිරැසි සමඟ

Garth Davis අධ්‍යක්ෂණය කළ පලමු චිත්‍රපටය වන Lion,IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.0 ක ඉහළ ලකුණු අගයකුත් Rotten Tomatoes හි 86% ක් වැනි ඉහළ අගයක් ලබාගෙන තියෙනවා.තිර රචනය Luke Davies විසින් වන අතර නිෂ්පාදනය සඳහා Iain Canning,Angie Fielder, Emile Sherman යන ත්‍රිත්වය එකතු වෙලා තියෙනවා.Saroo Brierley හා Larry Buttrose විසින් රචිත "A Long Way Home" නම් සත්‍ය කතාවක් මේ සඳහා පාදක වී තිබෙනවා.

මෙය පලමුවර 2016 වසරේ සැප්තැම්බර් 10 වන දින Toronto International Film Festival හි ලොව පුරා ප්‍රදර්ශනය කිරීම ඇරඹුනා.අවසානයේ ලොව පුරා ප්‍රදර්ශන වලින් පසු චිත්‍රපටය නිපදවීමට වැය වූ මුදල මෙන් හය ගුණයක මුදලක් උපයමින් මේ වසරේ පැවැත්වීමට නියමිත 89 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය,හොඳම සහය නළුවා,හොඳම සහය නිළිය හා හොඳම තිර රචනය ඇතුලු සම්මාන හයකට නිර්දේශ වෙමින් වෙනත් සම්මාන 64කටත් නිර්දේශ වෙමින් තවත් සම්මාන 28ක් දිනාගෙන තිබෙනවා.2008 වසරේ පැවැත්වුනු ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුලු සම්මාන ගණනාවක් දිනාගත් Slumdog Millionaire (2008) හි Dev Patel හා ඔස්කාර් හි හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබූ Nicole Kidman සමඟින් Rooney Mara එක් වී තිබෙනවා.එමෙන්ම ඉන්දීය සුපිරි නළුවෙකු වන Nawazuddin Siddiqui සුළු චරිතෙකින් දැකගන්න පුලුවන්.

කුඩා දරුවෙක් අතරමං වුනොත් ඔහුට වෙන්නේ එක්කෝ අකාලෙ මැරෙන්න එහෙම නැත්නම් සිතක් පපුවක් නැති මිනිසුන්ගේ ග්‍රහණයට නතු වී ඔවුන්ගේ නොයෙක් ආකාරයේ නීති විරෝධි වැඩ සඳහා යෙදෙන්නයි.වාසනාව තියෙන කෙනෙක්ට තමයි තමන්ගෙ නිවෙස් බලා නැවත යෑමට හැකිවෙන්නේ.කාත් කවුරුවත් නොදන්න නොදන්නා පලාතක අතරමං වූ කුඩා දරුවෙකු පත්වෙන තත්වය මනාව පෙන්වීමට නිර්මාපකයන් සමත් වී තිබෙනවා.විටෙක් ඔබේ මුවට සිනහවක් ගෙනාවත් තවත් විටෙක නෙතට කඳුලක් ගෙන ඒමටත් මෙයට හැකි වී තිබෙනවා.ඔබට අහක දමන්න කිසිදු දසුනක් මෙම චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ නෑ.Dev Patel ගේ රංගනයත් ඉතා දැකුම්කලුයි.

කතාව පැත්තට හැරුනොත් සරෝ කියන්නේ අවුරුදු පහක් පමන වයසැති පිරිමි ළමයෙක්.එයාගෙ අම්මා ගල් උස්සලා තමයි එයාවයි එයාගෙ අයියාවයි,පුංචි නංගිවයි ජීවත් කරවන්නේ.එයාගෙ අයියාත් පොඩි රස්සාවක් එහෙම කරනවා.මේ පුංචි පවුල දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්නේ.අයියා මලෝ දවසක් කෝච්චියක ගල් අඟුරු හොරකම් කරලා විකුණලා,ඒ විකුණන සල්ලිවලින් ගෙදරට කිරිපිටි ගේනවා.අම්මා නම් ඔය විත්තියක් දන්නෙ නෑ.සරෝගේ අයියා රෑට රස්සාවක් කරන නිසා පුංචි සරෝට ත් ඕන වෙනවා අයියා එක්ක රස්සාවට යන්න.පොඩි ළමයින්ට බර වැඩ කරන්න බෑ කියලා අයියා සරෝට කිව්වත් පුංචි සරෝගේ දැඩි ඇවටිල්ලට එයාව එක්කන් ගෙදරින් දුර බැහැර වැඩට යන්න කියලා දුම්රිය නැවතුම්පොල වෙත යනවා.කොහොමහරි පුංචි සරෝට අයියව මඟහැරෙනවා.අයියා ව හොයන්න කියලා කෝච්චියට නගින සරෝට කෝච්චියෙම නින්ද යනවා.ඒ කෝච්චිය බඩු ගෙනියන එකක් කියලවත් ඔහුට වැටහීමක් නෑ.ඇහිරිලා බලද්දී සරෝ ඉන්නේ එයාගේ ගෙදරින් සැතපුම් 1500ක් දුරින් තියෙන කල්කටාවේ.තමන්ගේ නම ගම හරියට කියාගන්න බැරි සරෝ දැන් ඉන්නේ කාත් කවුරුවත් නොදන්න පලාතක.එක එක තැන් වල ජීවිතය ගත කරමින් ඉන්න ඔහුව ඕස්ට්‍රේලියානු යුවළක් ඕස්ට්‍රේලියාවට ගෙනියනවා.අවුරුදු කිහිපයකට පසු තරුණ වියට පැමිණෙන සරෝ තමන්ගේ ඇත්ත දෙමව්පියන්,තමන්ගෙ පවුල සොයා එන චාරිකාව තමයි මෙම චිත්‍රපටයෙන් දිග හැරෙන්නේෙ. අනිවාර්යයෙන්ම අරගෙන බලන්න.100%ක් විශ්වාසයෙන් කියන්න පුලුවන් මේ විනාඩි 118 අපතේ යන එකක් නම් නෑ කියලා.පුලුවන් නම් අදහසක් දක්වගෙන යන්න.ඔබට සුභ දවසක්!


Arrival (2016) සිංහල උපසිරැසි සමඟ

මෙවර පෙබරවාරි 27 වන දින පැවැත්වීමට නියමිත Oscar (2017) සම්මාන උළෙලේ සම්මාන කිහිපයකටම මෙය නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.ඒවා නම්,
වසරේ හොඳම චිත්‍රපටය,හොඳම අධ්‍යක්ෂණය,හොඳම තිර රචනය,හොඳම සිනමාරූපණය,හොඳම චිත්‍රපට සංස්කරණය,හොඳම ශබ්ද සංකලනය,හොඳම ශබ්ද සංස්කරණය

හොඳම චිත්‍රපටයට හිමි සම්මානය සඳහා සම්මාන උළෙලවල් කිහිපයකම නිර්දේශ ලැයිස්තුවට මෙය එක්වී තිබෙනවා.
BAFTA Awards 2017,AACTA International Awards 2017,Alliance of Women Film Journalists 2017,Austin Film Critics Association 2016,Awards Circuit Community Awards 2016,Dallas-Fort Worth Film Critics Association Awards 2016,Georgia Film Critics Association (GFCA) 2017,Houston Film Critics Society Awards 2017,Indiana Film Journalists Association, US 2016,Indiewire Critics' Poll 2016,North Texas Film Critics Association, US 2017,Oklahoma Film Critics Circle Awards 2017,Online Film Critics Society Awards 2017,Phoenix Critics Circle 2016,Phoenix Film Critics Society Awards 2016,San Francisco Film Critics Circle 2016,Seattle Film Critics Awards 2017,Southeastern Film Critics Association Awards 2016,St. Louis Film Critics Association, US 2016,Venice Film Festival 2016,Washington DC Area Film Critics Association Awards 2016

අත්කරගත් ජයග්‍රහන කිහිපයක්...
AFI Awards USA 2017 (වසරේ චිත්‍රපටය),Austin Film Critics Association 2016 (හොඳම චිත්‍රපටය-තෙවන ස්ථානය),Broadcast Film Critics Association Awards 2016 (හොඳම විද්‍යා ප්‍රබන්ධය),Denver Film Critics Society 2017(හොඳම විද්‍යා ප්‍රබන්ධය),American Cinema Editors, USA 2017 (හොඳම සංස්කරණය),Austin Film Critics Association 2016 (හොඳම තිර රචනය),Broadcast Film Critics Association Awards 2016  (හොඳම තිර රචනය),Dublin Film Critics Circle Awards 2016(හොඳම අධ්‍යක්ෂණය,හොඳම තිර රචනය,හොඳම නිළිය),Florida Film Critics Circle Awards 2016 (හොඳම දෘශ්‍ය ප්‍රයෝග),Iowa Film Critics Awards 2017(හොඳම නිළිය),Kansas City Film Critics Circle Awards 2016(හොඳම තිර රචනය)

මෙපරිදිම සම්මාන උළෙලවල් විශාල ප්‍රමාණයක හොඳම අධ්‍යක්ෂනය,හොඳම නිළිය,හොඳම තිර රචනය ඇතුලු සම්මාන ගණනාවකට නිර්දේශ වීමට මෙම චිත්‍රපටය සමත් වී තිබෙනවා.


ඔස්කාර් සඳහා නිර්දේශ වූ Sicario (2015),Prisoners (2013) යන චිත්‍රපට ද්විත්මය අධ්‍යක්ෂණය කල Denis Villeneuve ගේ අධ්‍යක්ෂණයක් වන අතර,තිර රචනය  Eric Heisserer.මේ කතාව සඳහා පාදක වී තිබෙන්නේ 1998 වසරේ Ted Chiang විසින් රචිත  "Story of Your Life"  නම් කෙටි කතාවක්.IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.2 වැනි ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගනිමින් මෙය IMDB හි හොඳම චිත්‍රපට 250 හි ලැයිස්තුවේ 166 වැනි ස්ථානයේ පසුවෙනවා.Man of Steel (2013) හා  Batman v Superman: Dawn of Justice (2016) වැනි චිත්‍රපටවල Lois Lane නමින් ඔබ හමුවට ආ සම්මානලාභි නිළියක් වන Amy Adams සමඟින් Avengers (2012) චිත්‍රපටයේ ක්ලින්ට් බාර්ටන් හෙවත් හෝක් අයි චරිතය නිරූපණය කළ Jeremy Renner හා Forest Whitaker රංගනයේ යෙදෙනවා.ඩොලර් මිලියන 47ක පිරිවැයක් යොදා නිර්මාණය කළ මෙම චිත්‍රපටය අවසානයේ උපයා ඇති මුළු මුදල ඩොලර් මිලියන 185.5කි.


 කතාව ගැන කියනවනම් මෙහි කතා තේමාව පිටසක්වල ජීවීන් හා සම්බන්දයි.ඔබ මෙතෙක් නරඹා ඇති පිටසක්වළ ජීවී කතා වලට බොහෝ සෙයින් වෙනස්.මෙහි කතා නායිකාව වෙන්නේ පිලිකා රෝගයකින් දියණිය මියගිය ලොයිස් බෑන්ක්ය.ඇය විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය වරියක් ලෙස සේවය කරනවා.ඒ වගේම ඇය වාග් විද්‍යාව පිලිබඳව ප්‍රවීණයෙක්.දිනක ඇය සේවයේ නිරතව සිටින විට අත්භූත ලෙස හඳුනානොගත් අභ්‍යවකාශ යානා 12 ක් පෘථිවිය මත පතිත වෙන්න පටන් ගන්නවා.ඇමාරිකානු හමුදා නිලදාරියෙක් ඇය සොයා පැමිණීමෙන් පසුව ඇයට පිටසක්වල ජීවින් සමග සන්නිවේදනය කරන්න  අවස්ථාවක් උදා වෙනවා.එම පිටසක්වලයන්ගේ භාෂාව හාත්පසින්ම තේරුම් ගැනීමට අපහසු වූවක් වෙච්චි කොට වාග් භාෂාවේ ප්‍රවීණයෙක් වූ ලොයිස් බෑන්ක් කෙසේ ක්‍රියා කරාවිද? පිටසක්වළයන්ගේ පැමිණීමට හේතුව මොකක්ද? විශිෂ්ට ගණයේ විද්‍යා ප්‍රබන්ධයකට කැමති අය අරන් බලන්න.ඔබට සුභ දවසක්! ජයවේවා!

Collide (2016) සිංහල උපසිරැසි සමඟ

අපි හැමකෙනෙක්ට ජීවිතයේ පිස්සු විකාර දේවල් කරන්න හේතු තියෙනවා.
නමුත් හේතුව ආදරය නම්,
සමහරවිට ඒක එච්චරම පිස්සුවක් නැතිවෙන්න පුලුවන්.

2016 වසරේ ආපු ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයේ චිත්‍රපටයක් අරගෙන තමයි අද ආවේ.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ  Eran Creevy විසින්. Warm Bodies (2013) චිත්‍රපටයේ හිටිය Nicholas Hoult හා Inferno (2016) හා දැනට තිරගත වන Rogue One: A Star Wars Story (2016) චිත්‍රපටයේ ඉන්න Felicity Jones නම් නිළියත් සුප්‍රසිද්ධ නලුවන් දෙපළක් වන Ben Kingsley හා Anthony Hopkins වත් මෙහි දැකගන්න පුලුවන්.මේක බෙදාහැරලා තියෙන්නේ Open Road Films විසින්.

කතාව ගැන කියනවනම් කේසි ස්ටයින් (Nicholas Hoult ) කියන්නේ ඇමරිකාවේ ඉඳන් ජර්මනියට ගිහින් පොඩි පොඩි මගඩි කරලා සල්ලි හොයන කෙනෙක්.ඇමරිකාවෙත් ඔය වගේ පොඩි පොඩි සීන් කෝන් වලට පැටලිලා තමයි මෙහෙට ඇවිත් ඉන්නේ.ජර්මනයේදී මෙයාට ජුලියට් මාර්න් (Felicity Jones) කියලා ගැහැණු ළමයෙක්ව මුණගැහෙනවා.එයත් පවුලේ ප්‍රශ්න වගයක් හින්දා ජර්මනියට ඇවිත් ඉන්න කෙනෙක්.කොහොමහරි කේසි,ජුලියට් ට ලයින් පාරක් දානවා,පෙම් හමුවකට එන්න කියලා කේසි, ජුලියට් ට ආරාධනා කරත් ඇය ඒක ප්‍රත්ක්ෂේප කරනවා.දැනට ඔය කරන් ඉන්න පොඩි පොඩි මගඩි ටික නවත්තලා වෙන හොඳ අතක් බලාගත්තොත් පෙම් හමුවකට එන්නම් කියලත් ජුලියට්,කේසිට කියනවා.ඔන්න ජුලියට් ට තියෙන ආදරේ හින්දා කේසි ඔක්කොම වැඩ නවත්ත දාලා ඇඟ වෙහෙසලා වැඩ කරන්න පටන් ගන්නවා.ඉතින් ඔන්න ජුලියට් ,කේසි එක්ක පෙම් හමුවකට එනවා.කොහොමහරි දෙන්නත් එක්ක එක වහලක් යට ඉන්නත් පුලුවන් වෙනවා.ඔහොම දෙන්නත් එක්ක සීතලේ එලිමහනේ සතුටින් ඉන්න අතර වාරයේ ජුලියට්ට එකපාරටම සිහි නැතිවෙනවා.පස්සේ තමයි දැනගන්නේ ඇයව හොඳ කරන්න ලොකු මුදලක් ඕන කරනවා කියලා.ජුලියට්,කේසිට ආයේ නරක වැඩ නොකර ඉන්න කියලා කිව්වත් කේසි කියන දේ අහන්නැතුව එයාගේ යාලුවෙක් එක්ක කලින් වැඩ කරපු තැනට ගිහින් ලොකු වැඩකට අත ගහනවා.ඒක නම් එසේ මෙසේ වැඩක් නෙවෙයි.ලොකු ධනවතෙක්ගේ ට්‍රක් එකක් කොල්ලකන වැඩක් තමයි මෙයාලට බාර වෙන්නේ.මේක කොල්ලකන්න ගිහින් කේසි ව ලොකු කරදරේක පැටලෙනවා.මේක හින්දා,කේසි විතරක් නම් මදැයි ජුලියට් ත් ඒ වලේම වැටෙන්න වෙනවා.පෙම් යුවළට මොකද වෙන්නෙ කියලා  බලලම දැනගන්නකො එහෙනම්..විනාඩි 99ක් පුරාවටම කිසිදු කම්මැලිකමකින් තොරව රසවිඳින්න පුලුවන් චිත්‍රපටයක් කියලත් මතක් කරන්න ඕන.


හැම කෙනෙක්ට සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවා! කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම සමුගන්නවා.ඔබට සුභ දවසක්!

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google