අද මම අරගෙන එන්නේ ටිකක් වෙනස් නිර්මාණයක්,මම මේ වගේ ෆිල්ම් එකක් දෙන පලවෙනි වතාවත් මේක තමයි,මම මේ ෆිල්ම් එක බාරගෙන ටික දවසක් වෙනවා,ඒත් මට මේකේ වැඩ ඉවර කරගන්න වෙලාවක් තිබ්බේ නෑ,ඒ දවස්වල තිබ්බ කාර්යබහුලත්වය නිසා.ඉතින් පොඩි ප්‍රමාදයක් වුනා.මේ චිත්‍රපටිය අධ්‍යකෂණය කරලා තියෙන්නේ Peter Hedges විසින්.කතාව ගැන කියනවනම් සින්ඩි හා ජිම් කියන්නේ සතුටෙන් ජීවිතය ගත කරපු යුවලක්,ඒත් මොවුන්ට දෙමව්පියෙක් වීමේ වාසනාවක් උදා වී තිබුනේ නෑ.ඉතින් ඔවුන්ට ලබන්න කැමති මොන වගේ දරුවෙක්ද කියලා හිතපු දේවල් වගයක් ලියලා ඔවුන්ගේ වත්තේ වල දානවා.එදා රාත්‍රියේ ගෙරවිලි වර්ෂාව මැද හදිසියේ අවදිවන මොවුන් හට ඔවුන්ගේ ගෙදර සිට තිමෝති කියලා පිරිමි ළමයෙක් මුණගැසෙනව.මේ තිමෝති කියන ලමයගේ වළලු කර හරියේ කොල වගයක් වර්ධනය වෙලා තිබීම පුදුමයට කරුණක්.ඉතින් මේ තිමෝති කියන ලමයා මොවුන් හට අම්මේ තාත්තේ කියලා කතා කරනවා.දරු සම්පත් නැතුව සිටි මේ දෙදෙනාගේ ජීවිතයට මෙය කෙසේ බලපාවිද? කවුද මේ තිමෝති කියන්නේ?.මේවට උත්තර හොයාගන්න මේ ෆිල්ම් එක අරගෙනම බලන්න.මේ අවුරුද්දේ බලපු තවත් ලස්සන කතාවක් අඩංගු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.
The Odd Life of Timothy Green (2012) සිංහල උපසිරැසි සමග
Related movie you might like to see :
Labels:
නාට්‍යමය,
පවුලේ සැමට,
හාස්‍යජනක
+ comments + 1 comments
ගොඩක් ස්තූතියි.
Post a Comment