The Lost Room (2006) E05 සිංහල උපසිරැසි සමග
අද අරගෙන එන්නේ ලොස්ට් රූම් කතාමාලාවේ පස්වන කොටසයි,මෙය අවසාන වීමට ඇත්තේ තව එක කොටසක් පමණයි.බලපු අය කතාව ගැන දන්නවා ඇති.පරීක්ෂක ජෝ මිලර් ගේ දුව අබිරහස් කාමරය ඇතුලට යාමෙන් අතුරුදන් වෙනවා,ජෝ විසින් ඇගේ දියණිය සෙවීමට ගන්න උත්සහය තමයි මුළු කතාව පුරාම දිව යන්නේ.මොහුට වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නම් නෑ.දුවව සොයාගැනීමට ඔහුට පුදගලයින් කිහිප දෙනෙකුගේ උදව් අවශ්‍ය වෙනවා.හැබැයි මෙම පුද්ගලයන් කිහිප දෙනෙක් වෙනත් අරමුණු ඇතුව තමයි ජෝ හට උදව් වෙන්නේ.ජෝට ඇත්තටම උදව් කරන්නේ කවුද? සමහර අය කියනවා ජොගේ දුවව ගෙන්වා ගැනීමට මූලික උපකරණයක් වැනි දෙයක් වුවමනා වන බව.ජෝ මූලික උපකරණය සොයා අතහැර දැමූ සිර ගෙයක් වෙත යනවා.මූලික උපකරණය කුමක්ද?ජෝට ඇගේ දියණියව නැවත ගෙන්වා ගත හැකිවෙයිද? කියලා දැනගන්න නම් මේ කතාව නරඹන්නම වෙනවා.ත්‍රාසය,කුතුහලය පිරුණු මෙය එක දිගට රස විදීමෙ හැකියාව තියෙනව.තාමත් මෙය අරගෙන බැලුවෙ නැත්නම් අදම අරගෙන බලන්න,බැලුව කියලා පාඩුවක් නම් වෙන එකක් නෑ.මෙහි අවසන් කොටසත් සමග ඉක්මනටම හමුවෙමු!
Related movie you might like to see :
Labels:
The Lost Room
Post a Comment