Latest Subtitles :

Aswathama (2020) සිංහල උපසිරැසි සමඟ

ගූගල් මනාප ප්‍රතිශතය 94% ක් සමඟින් IMDb මීටරය 7.4කට කරකවන්න සමත් වෙච්ච Action,Thriller,Mystery චිත්‍රපටයක් වන Aswathama තෙලිඟු චිත්‍රපටය අරන් තමයි අද මං ආවේ.Aswathama චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ramana Teja විසින්,මේක එයාගෙ මංගල චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනවා.Ira Creations යටතේ Usha Mulpuri තමයි මෙහි නිෂ්පාදන වැඩ කටයුතු කරලා තියෙන්නෙ.ඇයම තමයි Nartanasala (2018) හා  Chalo (2018) යන චිත්‍රපටවලත් නිෂ්පාදනයෙන් එකතු වෙලා තිබුනේ. අනික් විශේෂ දේ තමයි මේ චිත්‍රපටය ද්විත්වයේම රංගනයෙන් දායක වන්නෙ Naga Shaurya විසිනුයි. මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් හුරු පුරුදු මූණු කිහිපයක්ම දැකගන්න පුලුවන්,ඒ අතර Naga Shaurya,Mehreen Pirzada, Jisshu Sengupta, Harish Uthaman,Posani Krishna Murali යන අය වෙනව.කතාව රචනය සදහා Naga Shaurya දායක වී ඇති අතර තිර රචනය අධ්‍යක්ෂක Ramana Teja ම කර තිබෙනවා.ඉන්දියානු සිනමාවේ අවදානම් සහිත ජවනිකා අධ්‍යක්ෂණය  සඳහා නමක් උසුලන මෙන්ම 2019 වසරේදී  එරට National Film Awards හි හොදම සටන් අධ්‍යක්ෂණය සදහා සම්මානයක් දිනාගත් Anbariv විසින් තමයි මෙහි සටන් අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ.ඔවුන් මෙම සම්මානය දිනාගත්තෙ කන්නඩා බොක්ස් ඔෆීස් හිට් චිත්‍රපටයක් වූ K.G.F:Chapter 1 චිත්‍රපටය සදහායි.මොවුන් විසින්ම තමයි ඉතා ජනප්‍රිය චිත්‍රපට වූ  Madras (2014),Kabali (2016) සටන් අධ්‍යක්ෂණයන් සිදු වුනේ.චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය Sricharan Pakala කර තිබෙනවා.පසුබිම් සංගීත නිර්මාණයෙන් ජනප්‍රිය සම්මානලාභි සංගිත අධ්‍යක්ෂකවරයෙකු වන Ghibran එක් වී තිබෙනවා.මොහුව නම් නොදැන ඉන්න වීදිහක් නෑ.ඔහු Raatchasan (2018) චිත්‍රපටයේ හොඳම සංගීත අධ්‍යක්ෂණය ඇතුලුව සම්මාන ගණනාවක්ම දිනාගන්න සමත් වුනා.Saaho චිත්‍රපටයෙත් පසුබිම් සංගීත නිර්මාණය කලත් ඔහු විසින් තමයි.මේ චිත්‍රපටයත් හොඳ සෙට් එකකගෙ දායකත්වයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.

කතාව :

තම නැගණියගේ විවාහයට ඇමරිකාවේ සිට පැමිණෙන තරුණයෙක්...
යම් හේතුවක් නිසා විවාහයට දින කිහිපයක් තිබියදී සියදිවි නසාගැනීමට තීරණය කරන තරුණියක්...
විටින් විට වන සිදුවන මරණයෙන් අවසන්  වන/නොවනා අතුරුදහන් වීම් ගණනාවක්...
එක් මහල්ලෙක් හා මුහුදේ ජීවිකාව කරන ධීවරයන් පිරිසක්...
මේ සියල්ලක් පසුපස සිටින මහ මොළ කරුවෙක්...

මේ  සිදුවීම් දාමය එකට ගොනු වෙන්නෙ කොහොමද කියලා දැනගෙන අබිරහසක සුලමුල සොයා යන්න ඕන නම් ත්‍රාසය හා ක්‍රියාදාම ජවනිකා වලින් හෙබි මෙය නරඹන්න ඔබට බාරයි.මම එහෙනම් ගියා,ඔබට සුභ දවසක්,ජයවේවා!

ප්‍රේක්ෂක අදහස් දැක්වීම් කිහිපයක්...

*** best in nagasourya career ***
  - A different genre film in naga sourya career... Worked well for him.must watch movie screenplay never feel you bore untill end of the movie..

*** Kick-ass Action Thriller ***
 - Naga Shaurya intense rugged transformation Superb. Action Episodes and Ghibran's BGM Goosebumps. Jisshu Sengupta's Villainous Characterization Terrific. A Must Watch Thriller.

*** Thrilling exceptional ***
 - Fantastic movie with thrilling and gripping screenplay. Loved the emotions and superb action sequences go watch for it

***මෙම ලබා දී ඇති සිංහල උපසිරැසි සියලුම වෙබ් පිටපත් සඳහා පමණක් ගැලපේ.

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න
Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google