Latest Subtitles :

Anjaam Pathiraa (2020) සිංහල උපසිරැසි සමඟ


ඔන්න එහෙනම් ආයිමත් පාරක් ආවා තවත් ත්‍රිලර් චිත්‍රපටයක් අරගෙන. මේක නම් ඉතිං එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි දාම ඝාතකයෙක්ගේ කතාවක්. සාම්ප්‍රදායික මලයාලම් පරිසරයෙන් ඔබ්බට ගිය එකක්.මං වගේම ත්‍රිලර් චිත්‍රපට ලෝලියෝ එනකම් මඟ බලන් හිටපු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.අපි එහෙනම් දැන් චිත්‍රපටය දිහාවට හැරෙමු.

සාමාන්‍යයෙන් අපරාධ ගවේෂණය කරන කතා ගත්තහම ගොඩක් ඒවා එකම ටයිප් එකට යන්නෙ.මුල ඉදන්ම කතා නායකයා තමයි පෙරමුණේ ඉන්නෙ,එයාට ඉහළින් වෙන කෙනෙක් නෑ.ඒ අස්සෙන් තව ඔය වගේම කතා නායිකාවකුත් ඉන්නවා,එයත් එච්චරම තමයි.එක එක ජාතියෙ වැඩකට නැති පඩි වදන් වගේම දුෂ්ටයවත් නිකං ජේත්තුකාර ස්වරූපයකින් තමයි ඉදිරිපත් කරන්නේ.සමහර ඒවල පසුබිම් සංගිතේ (BGM) ගැනත් ආයි කිව යුතු නෑනේ.චිත්‍රපටයෙ බාගයක් යද්දී ඔක්කොම අච්චාරුවක් කරගෙන අභිරහස විසදිලත් ඉවරයි,වීරයව උලුප්පලා පෙන්වනවා.ගොඩක් කතාවල වෙන්නෙ ඔහොම දෙයක්. Anjaam Pathira ඔබට දකින්න ලැබෙන සුපුරුදු කතා තේමාවෙන් වෙනතකට ගිය චිත්‍රපටයක්.ඒ මොකද කියල කිව්වොත්,

වසරේ වැඩිම ආදායම් ලද මලයාලම් චිත්‍රපටය වෙමින්,
අද්භූත,බියකරු ස්වභාවයෙන් යුත් අනර්ග පසුබිම් සංගීතයෙන් රස ගැන්වූ,
ඇඟ කිලිපොලා යන ජවනිකා සමගින් මුල සිට අවසානය වන තුරුම ඔබට ත්‍රාසයෙන්,වගේම භීතියෙන් අඩුවක් නොකරන,
බටහිර චිත්‍රපටවලට පවා සම කල හැකි,
දෑස් ඉවතට නොගෙන නැරඹිය හැකි,
ඔබට කිසිම අයුරකින් සිතාගත නොහැකි මට්ටමේ අවසානයකින් (Twist) සමන්විත විශිෂ්ට ගණයේ චිත්‍රපටයකි.

Anjaam Pathiraa එහෙමත් නැත්නම් පස්වන මැදියම් රාත්‍රිය Crime/Thriller කියන වර්ගීකරණයට ලක්වූවක්.මෙහි රචනය වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Midhun Manuel Thomas විසින්.චිත්‍රපටයේ තරු අතර Virus,Take Off මලයාලම් චිත්‍රපටවල සිටි Kunchacko Boban සමගින් Sharaf U Dheen,Unnimaya Prasad,Jinu Joseph,Sreenath Bhasi යන අය සිටින අතර Kunchacko Boban ගේ වෙනස් ආකාරයක රංගනයක් ඔබට දැක බලාගන්න පුලුවන්.සංගීත අධ්‍යක්ෂණය Sushin Shyam කර තිබෙනවා. 2020 ජනවාරි 20 වැනි දින තිරගත වූ මෙය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින් අවසානයේ නතර වුනේ වසරේ වැඩිම ආදායම් ලද මලයාලම් චිත්‍රපටය ලෙසයි.චිත්‍රපටය සඳහා ගූගල් මනාප ප්‍රතිශතය 97% ක් හා IMDb මීටරේ 8.1/10 එකක අගයක් සටහන් කරනවා.

මේ චිත්‍රපටය Thriller එකක් නිසාම අද චිත්‍රපටයෙ කතාව ගැන මෙහෙම කියන්නම්.කාටවත් කරදරයක් නැති අහිංසක සාමාන්‍ය කෙනෙක් හිත් පිත් නැති සාහසික දාම ඝාතකයෙක් බවට පත් කොහොම තියෙයිද කියල ඔයාලට දැනගන්න ඕන නම්,Ratsasan,Evaru වැනි චිත්‍රපටවලට පවා අභියෝග කළ හැකි මෙය ත්‍රිලර් රසයට කැමති සෑම කෙනෙක්ටම බලන්න ආරාධනා කරනවා.ඒ වගේම ඔබට කිසිම අයුරකින් හිතා ගත නොහැකි අවසානයක් තියෙනවා කියලත් මතක තියාගන්න.අවසානයේ මෙය ඔබ නැරඹු හොදම ත්‍රාසජනක චිත්‍රපට ලැයිස්තුවට වැටෙනවා නොඅනුමානයි.එහෙනම් මම ගියා.ඔබට සුභ දවසක්! ජයවේවා!

* දැනට නිකුත් වූ HDTV හා HD පිටපත් ද්විත්වයටම සිංහල උපසිරැසි ලබා දී ඇත.

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google