Hannibal (2013) S01 E02 සිංහල උපසිරැසි සමග
ත්‍රාසජනක සිදුවීම් මාලාවකින් සමන්විත හනිබල් කතාමාලාව NBC නාලිකාවේ තමයි විකාශය වෙන්නේ.මෙම කතාමාලාව සදහා පාදක වෙලා තිබෙන්නේ තෝමස් හැරිස්ගේ "රෙඩ් ඩ්‍රැගන්"නම් නව කතාවයි.මෙහි කතාව ගෙතී ඇත්තේ කතා නායකයින් වන FBI විශේෂ පරීක්ෂකවරයෙක් වන විල් ග්‍රැහැම් හා මනෝ චිකිත්සකයෙක් වන ඩොක්ටර් හනිබල් ලෙක්ටර් යටතේය.කොටස් දහතුනකින් යුත් මෙම කතාමාලාව නිර්මාණය කර ඇත්තේ බ්‍රයන් ෆූලර් විසින්ය.
කතාවේ සාරාංශය ගැන කියනවනම් රහස් පරීක්ෂක විල් ග්‍රැහැම් දරුණු මිනීමරුවන් දඩයම් කරන්නෙක්.මිනිමැරු� ��් විශ්ලේෂණය කිරීම සදහා ඔහු යොදාගන්නේ ඔහුට ආවේණික වු ඔහුගේ සීතිමේ හැකියාවයි.සංකිර්ණ අබිරහස් විසදිය හැකි වන්නේ මොහුට පමණක් වීම ඔහුගේ ඇති විශේෂත්වයක්.පසුව මේ දරුණු මිනිමැරුම් විසදීමට මනෝ චිකිත්සකයෙක් වූ ඩොක්ටර් හනිබල් ඔහුට සහය වෙනවා.ඒත් ඩොක්ටර් හනිබල්ගේ අනන්‍යතාවය විල් නොදනියි.ඇත්තටම මේ ඩොක්ටර් හනිබල් යනු කවරෙක්ද?ඔවුන් දෙදෙනා එකතුවීමෙන් විසදන මිනිමැරුම් පිලිබදව තමයි මුළු කතාමාලව පුරාම ගලා යන්නේ.මේ එහි දෙවන කොටසයි.
දැනට IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.4 ලබාගත් මෙම කතාමාලාව ත්‍රාසය,කුතුහලය,රහ ස් පරීක්ෂක යන කාණ්ඩ යටතේ වර්ග කරන්න පුලුවන්,එහෙනම් උපසිරැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Post a Comment