පසුගිය කොටසෙ කතාව කියනවනම් මාර්ටිනස් වලෙ වැටිල හිටිය ගවනර්ව බේරගෙන ලිලි හා තාරා කැටුව මාර්ටිනස් විසින් පාලනය කරන කදවුරක් වෙත රැගෙන යනවා.සොහොයුරන් දෙදෙනෙකු වන මිච් හා පීට් ඇතුළු මාර්ටින්ස් විසින් නායකත්වය ගෙන යන කණ්ඩායමට ගවනර් එහෙමත් එකතු වෙනවා.මාර්ටින් විසින් ගවනර්ව තම කණ්ඩායමට එකතු කරගත්තෙ ඔහු මේගන් නම් කුඩා දැරියත් සමග සිටි නිසාත් ඔහු වෙනස් වී ඇති බව දැක්ක බවත් යනුවෙන් පවසනවා.ඊලග දිනයෙ මාර්ටින් ගවනර් හට ගොල්ෆ් ක්‍රීඩා කිරීමට කතා කරනවා,ඒ අවස්ථාවෙ ගවනර් බීමත් ම සිටි මාර්ටින් ට ගොල්ෆ් පිත්තකින් පහර දී හපාකන්නන් සිටි වලකට ඇද දමනවා.එසේ කරනු ලබන්නේ නැවත වරක් කෑම්ප් එකේ පාලනය ඔහු අතට ගැනීමේ අපේක්ෂාවෙන්.කෑම්ප� �� එකේ නායකත්වය බාරගෙන සිටි මාර්ටින් මියයාමෙන් පසුව තාවකාලික නායකත්වයට පීට් පත්වෙනවා.පසුව පීට,මිච් සමග ගවනර් එකතු වී වුවමනා ද්‍රව්‍ය සොයා ගමන් කරනව,එවිට දිවි බේරාගත් කිහිපදෙනෙක් සිටින තැනක් ඔවුන්ට හම්බවෙනවා,ඔවුන්ගෙ� ��් එම ද්‍රව්‍ය සොරාගත යුතු බවට මිච් පවසන අතර තාවකාලික නායකත්වයෙ පසුවන පීට් එයට කැමති වෙන්නේ නෑ.පීට්ගෙ කණ්ඩායම අනාරක්ෂිත යැයි හිතන ගවනර් ලිලි හා ඇයගෙ පවුලෙ අය කැටුව වෙනම එතනින් පලා යනවා.එම ගමනෙදී මඩ ගොහුරක සිරවී සිටින සොම්බි මිනිසුන් දැකීමෙන් ගමන අතහැර දමන ඔවුන් නැවත කලින් සිටි කෑම්ප් එකට එනවා.පසුදින ගවනර් විසින් පීට් ව මරාදමා මිච් ව ගවනර් ගෙ සිතුම් පැතුම් වලින් වෙනස් කරගන්නවා.ගවනර් එම කණ්ඩායමේ නායකයා බවට පත්වන අතර එම කෑම්ප් එකේ සිටින අයට පැහැදිලි කර දෙනවා ඔවුන්ට ආරක්ෂිතව ඉන්න පුලුවන් එකම තැන සිර ගේ කියලා.ඊට පසුව ගවනර් සිර ගේ තිබෙන පැත්තෙ ඔත්තු බැලීමට ගිය අවස්ථාවක සොම්බි මිනිසුන්ගෙ මල සිරුරු පුලුස්සමින් සිටින මිෂෝනිව හා හර්ෂල්ව දකිනවා,ඔහු තම අත තිබූ තුවක්කුව ඔවුන් වෙත එල්ල කරනවා.ඔතනින් තමයි කොටස අවසන් වුනෙ.
අද එතැන් සිට.......මෙම වසරේ විකාශය වූ නවතම කොටසත් සමග හෙට දින හමුවෙමු!
The Walking Dead (2013) S04E08 සිංහල උපසිරැසි සමග
Related movie you might like to see :

The Walking Dead (2013) S04E07 සිංහ...

The Walking Dead (2013) S04E06 සිංහ...

The Walking Dead (2013) S04E05 සිංහ...

The Walking Dead (2014) S04E16 සිංහ...

The Walking Dead (2014) S04E15 සිංහ...

The Walking Dead (2014) S04E14 සිංහ...

The Walking Dead (2014) S04E13 සිංහ...

The Walking Dead (2014) S04E12 සිංහ...
Labels:
The Walking Dead
Post a Comment