Latest Subtitles :
Recent Movies

The Possession (2012) සිංහල උපසි‍රැසි සමග

සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ත්‍රාසය භීතිය කැටිකරගත් චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ.චිත්‍රපටයේ ආරම්භයේ නම් කැටයම් වලින් අලංකාරවත් වූ ලී පෙට්ටියකින් අමුතු සද්දයක් එනවා.මේ ලී පෙට්ටිය තියෙන්නේ වයසක කාන්තවක් ඉන්න ගෙයක.මේ ගෑනු කෙනාට මේ සද්දය ඇහිලා ලී පෙට්ටිය කඩන්න හදනවා.එක්වරම නොපෙනෙන බලවේගයකින් ඇය විසිවී ගොස් බිම වැටී මිය යනවා. ඊලගට ක්ලයිඩ් හා ස්ටෙෆනි කියන්නේ දික්කසාද වූ ජෝඩුවක්.ඔවුන්ට එමලි හා හැනා කියලා ළමයි දෙදෙනෙක් ඉන්නවා.මේ ළමයි දෙන්නා හා ක්ලයිඩ් අළුතින් ගත් නිවසට සති අන්තය ගත කිරීම සදහා යනවා.පසු දිනක ළමයි දෙන්නා හා ක්ලයිඩ් ඇවිදින්න යනවා,එහිදී අර කලින් සදහන් කළ කාන්තාවක්ගේ පුතා ඒ ගෙදර බඩු

Arthur Christmas (2011) සිංහල උපසි‍රැසි සමග

නත්තල් රාත්‍රියේ නත්තල් සීයා ඇවිත් කොට්ට යටින් තෑගි තබා යන බව පොඩි හිටියන්ගේ විශ්වාසයයි.ඒත් මෙසේ නත්තල් සීයා ඇවිත් කොට්ටය යටින් තෑගි කොහොම තිබ්බද කියලා කවුරුවත් දන්නේ නෑ.නත්තල් සීයා මුළු ලෝකෙටම තෑගි බෙදන අතරතුර සිදුවන අතපසු වීමකින් එක ළමයෙකුට තෑග්ගක් දෙන්න බැරිවෙනව,ආතර් කියන්නේ නත්තල් සීයාගේ බාල පුතා.නත්තල් සීයා ආතර් එක්ක මේ ළමයගේ තෑග්ග දෙන්න යන අරුම පුදුම ගමන ඔබත් අරගෙන බලන්න.ඔබ සැමට සුභ නත්තලක් වේවා! සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න 700MB (BRRIP) Torrent file 350MB (BRRIP) Torrent file 

The Nativity Story (2006) සිංහල උපසි‍රැසි සමග

එදා අද වැනි දිනක, ජෙරුසෙලම් හි බෙත්ලෙහෙම් නුවර, ගව සැලක ඉපිද, සාමයේ තතු මේ යැයි, ලොවට පෙන්වා වදාළ, නාසරෙත් හි ජේසුස් නම්, දිව්‍ය පුත්‍රයාණෝ, මිනිසා විසින් ම, ලොවට බිහි කළ පාපයට, මිනිසා විසින්ම, වන්දි ගෙවිය යුතුය යන, දේව අභිමතිය ඉ‍ටුකරන්නට මිනිස් වෙස් ගෙන, සුරලොවෙන් නරලොවට බැස ආ අසිරිමත් දිනයයි නත්තල.  තම මරණයට වගකිව යුතු සතුරන්ට පවා ආදරය පෙන්වූ හා කමාව දැක්වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් විය.ලෝකය පුරා දශ ලක්ෂ ගණකට හා සහෝදරත්වයේ පණිවිඩය දුන් ජේසුස් වහන්සේ ආදරයේ හා කැපවීමේ මූර්තියකි. ජේසුස් වහන්සේ නිහතමානි චාම් ජීවිතයක් ගත කලේය.ඔහු වයසින් මුහුකුරායත්ම දෙවියන් වහන්ස

Frozen (2010) සිංහල උපසි‍රැසි සමග

ඩෑන් වොල්කර් හා ජෝ ලින්ච් කියන්නේ ළමා කාලයේ ඉදන් හොදම යාළුවෝ දෙන්නෙක්.දවසක මේ දෙන්නයි ඩෑන්ගේ පෙම්වතිය වන පාකරුයි මවුන්ට් හෝලිස්ටන් වල තියෙන හිම පදින තැනකට යනවා.ඒත් ඇයට හිම පදින්න බැරි බව පවසන අතර කොහොමහරි එයාලා ගෙදර යන්න කලින් අන්තිම හිම පැදිල්ලකට යනවා.කොහොමින් හෝ හැන්දෑවේ කුණා‍ටුවක් එන නිසා හිම නවාතැන් පොල වේලාසනින්ම වසා දමන්න තීරණය කරනවා.දැන් ඉතින් මොකෝ කරන්නේ මෙයාලා කේබල් හරහා උඩ පු‍ටුවල තමයි ගමන් කරන්නේ.කොහොමින් හෝ මෙය පාලනය කරන කෙනාට බොස්ගේ ඔෆීස් එකට කතා කරලා තියෙනවා කියලා වෙන කෙනෙක් පනිවිඩයක් ‍රැගෙන එනවා.ඉතින් මෙයාට ගිහින් එනකම් අනිත් කෙනාට මෙය බලාගන්න කියනවා,ඒ විතරක්ම නෙවෙයි පහලට ත

Taken 2 (2012) සිංහල උපසි‍රැසි සමග

මේ චිත්‍රපට ද්විත්වයම ප්‍රංශ අධ්‍යක්ෂකවරුන් අතින් හැඩවුණු හොලිවුඩ් චිත්‍රපට වීම මෙහි ඇති විශේෂත්වයක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Olivier Megaton විසින්.සුපුරුදු විදිහටම මෙවරත් Liam Neeson,Maggie Grace,Famke Janssen නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.මෙය 2008 වසරේ තිරගතවූ Taken චිත්‍රපටයේ දෙවනි කොටස තමයි මේක.මේ චිත්‍රපටය ඔක්තෝම්බර් 3 වැනි දින තිරගතවූ අතර කලින් චිත්‍රපටය මෙන් මෙවරත් මෙය බොක්ස් වාර්ථා හමුවේ සාර්ථක වීමට හැකිවුනා.මම මෙහි පළමු චිත්‍රපටයත් කලින් දුන්නා ඔබට මතක ඇති.දෙවනි එක බලන්න කලින් පලවෙනි එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් පලවෙනි එක බලලා ඉන්න,එතකොට ඔබට කතාවේ නියම රසයක්

The Lost Room (2006) E06 සිංහල උපසි‍රැසි සමග

IMDB ශ්‍රේණිගත කිරීමෙහි 8.3 වැනි වැඩි අගයක් ලබාගත් 2006 වසරේ විකාශය වූ ලොස්ට් රූම් කතා මාලාවේ අවසාන කොටස තමයි අද ගෙන එන්නේ.මෙතෙක් මෙම කතාමාලාව බාගතකරපු හා අදහස් දැක්වූ හා නොදැක්වූ හැමෝටම ස්තුතියි කියන ගමන් අද මෙහි අවසන් කොටසත් නරඹලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා. 350MB Torrent File 500MB Torrent File සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න

The Lost Room (2006) E05 සිංහල උපසි‍රැසි සමග

අද අරගෙන එන්නේ ලොස්ට් රූම් කතාමාලාවේ පස්වන කොටසයි,මෙය අවසාන වීමට ඇත්තේ තව එක කොටසක් පමණයි.බලපු අය කතාව ගැන දන්නවා ඇති.පරීක්ෂක ජෝ මිලර් ගේ දුව අබිරහස් කාමරය ඇතුලට යාමෙන් අතුරුදන් වෙනවා,ජෝ විසින් ඇගේ දියණිය සෙවීමට ගන්න උත්සහය තමයි මුළු කතාව පුරාම දිව යන්නේ.මොහුට වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නම් නෑ.දුවව සොයාගැනීමට ඔහුට පුදගලයින් කිහිප දෙනෙකුගේ උදව් අවශ්‍ය වෙනවා.හැබැයි මෙම පුද්ගලයන් කිහිප දෙනෙක් වෙනත් අරමුණු ඇතුව තමයි ජෝ හට උදව් වෙන්නේ.ජෝට ඇත්තටම උදව් කරන්නේ කවුද? සමහර අය කියනවා ජොගේ දුවව ගෙන්වා ගැනීමට මූලික උපකරණයක් වැනි දෙයක් වුවමනා වන බව.ජෝ මූලික උපකරණය සොයා අතහැර දැමූ සිර ගෙයක් වෙත යනවා.මූලික

Silent Night (2012) සිංහල උපසි‍රැසි සමග

නත්තල හේතුවෙන් හැම වීදියක් ගානෙම නත්තල් සීයලා රොත්ත පිටින් ඉන්නවා.මේ නත්තල් සීයලා රොත්ත අතරේ එක නත්තල් සීයෙක් හැංගිලා ඉන්නවා,ඔහු මිනිස්සුන්ට ලබා දෙන්නේ සතුට,ප්‍රීතිය නොව මරණයේ වේදනාවයි.මොවු මරණයට පත් කරන්නේ වැරදි කරපු අයවයි.ඔහු ඒ සදහා පාවිච්චි කරන්නේ ඔහු විසින් නිමැවූ වැරදි කරුවන්ගේ නම් ලැයිස්තුවයි. පොලීසියට මේ මිනීමරන නත්තල් සීයව හොයාගන්න පුලුවන් වෙයිද,නත්තල් සීයා මිනිසුන් මරන්න හේතුව මොකක්ද?මේ රටේ මේ නත්තල් සීයා ගැන පුරාවෘත්තයක්ද පවතිනවා,ඒ පුරාවෘත්තය මොකක්ද?අන්තිමට මේක කියන්න තියෙන්නේ මේක පොඩ්ඩන්ට නෙමෙයි ලොක්කන්ට හදපු ෆිල්ම් එකක්.එක නිසා ලොකු අය විතරක් බලන්න. 750MB (BRRIP) Torrent Fil

Burning Bright (2010) සිංහල උපසි‍රැසි සමග

කෙලීගේ මව ගොස් සිටින අතර කෙලී ඇගේ මල්ලී වන ටොම්ව විශේෂිත වූ මානසික ආයතනයකට ‍රැගෙන යනවා.ඒත් බැංකුව පවසා සිටින්නේ ආධාර කිරීම සදහා ඇගේ බැංකු ගිණුමේ ප්‍රමාණවත් තරම් මුදල් නැති බවත් ඇගේ සුළු පියා වන ජොනී ගැවනෝ එම මුදල් සේරම ලබාගත් බවත්ය.කෙලී ගෙදර ගොස් සල්ලි වලට වුන දේ ඇගේ සුළු පියාගෙන් දැනගන්නවා.ඔහු එම සල්ලිවලින් සත්ව ප්‍රදර්ශනයක් සදහා කොටියෙක් මිලදී ගෙන තියෙනවා.එම කොටියව කූඩුවක දාලා තමයි තියෙන්නෙ .එදා රෑ සුළි කුණා‍ටුවකුත් හමා යනවා.කෙලී රාත්‍රියේ හදිසියේ දකින හීනෙකින් අවදි වෙනව.බැලින්නම් කොටියා ගේ ඇතුලේ.කෙලීවයි ඇගේ මල්ලි වන ටොම්වයි ගේ ඇතුලේ හිරවෙනවා.නිකනුත් නෙවෙයි සති ගණනක් බඩගින්නේ හිටිය කොටියත

The Lost Room (2006) E04 සිංහල උපසි‍රැසි සමග

අද ගෙන එන්නේ සිව්වන කොටසයි.මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක් ඇය මේ කාමරයේ සිරවී නොපෙනී යනවා.ඔහු තම දියණියව සොය

The Walking Dead (2012) S03 E08 සිංහල උපසි‍රැසි සමග

අද ගෙන එන්නේ වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ අටවන කොටසයි.මර්ල් විසින් පැහැරගත් ග්ලෙන් හා මැගී සොයා රික් ඇතුළු කණ්ඩායම මිකෝනි ගේ මග පෙන්වීමෙන් වුඩ්බරි වෙත පැමිණෙනවා.ඒ අතර සිර මැදිරියේ සිටින කාර්ල් ඇතුළු පිරිසට තවත් අලුත් කණ්ඩායමක් මුණ ගැසෙනවා.අන්තිමේදී වුඩ්බරි පාලනය කරන ගවනර් නමැත්තාගේ එක ඇසකුත් නැති වෙනවා.ගවනර් ලග සේවය කරපු මර්ල් හට හිතා ගත නොහැකි ආකාරයේ අකරතැබ්බයකට තමයි මෙදා පාර මුහුණ දෙන්න වෙන්නේ,වැඩිය කිව්වේ නෑ මෙය විනාඩි 45ක කතාවක් නිසා.එහෙනම් අරගෙන බලලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා. 350MB Torrent File 190MB Torrent File 150MB Direct Links සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න සැ.යු - ල

The Lost Room (2006) E03 සිංහල උපසි‍රැසි සමග

අද ගෙන එන්නේ තුන්වන කොටසයි.මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක් ඇය මේ කාමරයේ සිරවී නොපෙනී යනවා.ඔහු තම දියණියව ස

The Lost Room (2006) E02 සිංහල උපසි‍රැසි සමග

මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.ඒ කොටස් 6ම සති දෙක තුනක් ඇතුලත ඔබ වෙතට ගෙන එමට අනිවාර්යෙන් අපි කටයුතු කරනවා.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක

The Odd Life of Timothy Green (2012) සිංහල උපසි‍රැසි සමග

අද මම අරගෙන එන්නේ ටිකක් වෙනස් නිර්මාණයක්,මම මේ වගේ ‍ෆිල්ම් එකක් දෙන පලවෙනි වතාවත් මේක තමයි,මම මේ ‍ෆිල්ම් එක බාරගෙන ටික දවසක් වෙනවා,ඒත් මට මේකේ වැඩ ඉවර කරගන්න වෙලාවක් තිබ්බේ නෑ,ඒ දවස්වල තිබ්බ කාර්යබහුලත්වය නිසා.ඉතින් පොඩි ප්‍රමාදයක් වුනා.මේ චිත්‍රපටිය අධ්‍යකෂණය කරලා තියෙන්නේ Peter Hedges  විසින්.කතාව ගැන කියනවනම් සින්ඩි හා ජිම් කියන්නේ සතුටෙන් ජීවිතය ගත කරපු යුවලක්,ඒත් මොවුන්ට දෙමව්පියෙක් වීමේ වාසනාවක් උදා වී තිබුනේ නෑ.ඉතින් ඔවුන්ට ලබන්න කැමති මොන වගේ දරුවෙක්ද කියලා හිතපු දේවල් වගයක් ලියලා ඔවුන්ගේ වත්තේ වල දානවා.එදා රාත්‍රියේ ගෙරවිලි වර්ෂාව මැද හදිසියේ අවදිවන මොවුන් හට ඔවුන්ගේ ගෙදර සිට

The Walking Dead (2012) S03 E07 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ හත්වන කොටස තමයි අද ගෙන එන්නේ,පසුගිය සතිවල කතාව ගැන කියනවනම් මිකෝනි හා ඇන්ඩ්‍රියා වුඩ්බරි වල තියෙන ගවනර් නමැත්තෙක් විසින් පාලනය කරන නගරයකට ගෙන යනවා,මිකෝනි හට මෙහි පාලනය කරන ගවනර් නමැත්තා පිලිබද අමුත්තක් දැනෙනවා,මේ පිලිබදව මිකෝනි ඇන්ඩ්‍රියට පැවසුවත් ඇය මේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑ.මේ නගරයෙන් පිටව යන්න මිකෝනි ඇන්ඩ්‍රියට තමා සමග එක්වන ලෙස පැවසුවත් ඇන්ඩ්‍රියා ඊට එක්වන්නේ නෑ.පසුව මිකෝනි තනිවම ගමන යනවා,මර්ල් ඇතුලු පිරිසක් එදින මුර සංචාරේ යන අතරතුර මිකෝනි විසින් සැගවී සිට ඔවුන්ව මරා දමනවා,මර්ල් ඔහු අත තිබු තුවක්කුවෙන් මිකෝනි හට වෙඩි තබනවා.මිකෝනි එම වෙඩිල්ලත

The Lost Room (2006) E01 සිංහල උපසි‍රැසි සමග

මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.ඒ කොටස් 6ම සති දෙක තුනක් ඇතුලත ඔබ වෙතට ගෙන එමට අනිවාර්යෙන් අපි කටයුතු කරනවා.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක

The Walking Dead (2012) S03 E06 සිංහල උපසි‍රැසි සමග

වොකින් ඩේඩ් කතා මාලාවේ 6වැනි කොටස තමයි මේ ඔබට ලැබෙන්නේ.පොඩි ප්‍රමාදයක් උනා මේ කොටස ලබා දෙන්න එකට කමක් නෑ කොහොම හරි 6වැනි කොටසත් සිංහල උපසිරැසි එක්ක අරගෙනම ආවා.විනාඩි 40ක රුපවාහිනි කතාමාලාවක් නිසා මම මේක විස්තර කරන්න යන්නේ නැහැ.කුතුහලයෙන් යුතුව ඔබට මේ කොටස නරඔන්න ඉඩ හදලා දෙනවා. 150MB Direct Links 280MB Torrent File  සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

The Day (2011) සිංහල උපසි‍රැසි සමග

අද මම අරගෙන ආවේ ක්‍රියාදාම, ත්‍රාසය පිරුණු චිත්‍රපටයක්.WWE Studios එකෙන් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ.මේක හැබැයි WWE එකෙන් කලාට මේකේ රගපාන්නේ නම් රෙස්ලින් නළුවෝ නෙවෙයි.කතාව ගැන මම කෙටියෙන් කියන්නම්.යුද්ධය නිසා සියලු දේවල් විනාශ වී ගිහින් ඇති අතර මින් දිවි ගලවාගැනීමට උත්සහ දරන පස් දෙනෙකු වටා තමයි කතාව දිවයන්නේ...මොවුන් අත ආයුධ තිබුනත් බඩගින්නේ,නවාතැන් ගැනීමට තැනක් හොයමින් ගමන් ගන්නවා.මේ අතර ඔවුන්ට ගෙයක් හමුවෙනවා.මේ ගෙදර තිබි ටින් කල ආහාර වගයකුත් ලැබෙනවා.ඇත්තටම මේ ටින් වල තියෙන්නේ ආහාර නෙවෙයි,ඒක සතුරන් විසින් අටවන ලද උගුලක්.මොවුන් දැන් මොනා කරයිද? හෙම්බත් වි සිටින මොවුන් සතුරාට මුහුණ දෙ

The Dark Knight Rises (2012) සිංහල උපසි‍රැසි සමග

DC කොමික්ස් සතුව ඇති ප්‍රබලතම චරිතයක් තමයි බැට් මෑන් කියන්නේ. මේ චරිතය අලලා චිත්‍රපටි සහ කාටුන් විශාල ප්‍රමාණයක් අතීතයේ ඉඳලම නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඒ හැම චිත්‍රපටයක්ම වගේ එකහා ජනප්‍රිය වෙලා ඒවාට ඉහලම වටිනා කමින් යුත් සම්මාන පවා ලැබිල තියෙනවා. නමුත් තරමක් දුරට නවීකරණය වුනු සාර්ථක නිර්මාණයක් විදියට බැට් මෑන් චිත්‍රපටයක් පැමිණියේ 1989 වසරේදී ඒ වසරේදී එම චිත්‍රපටයට ඔස්කාර් සම්මාන පවා ලැබී තියෙනවා. ඒ නිර්මාණය සිනමා ත්‍රිත්වයක් වුනා. පසු කාලීනව DC කොමික්ස් ආයතනය 2005 වසරේදී ඔවුන්ගේ නවතම සිනමා නිර්මාණය Christopher Nolan ගේ අධ්‍යක්ෂණය යටතේ එලි දැක්වුවා. එහි සාර්ථකත්වය නිසාම ලොව හොඳම චිත්

The Walking Dead (2012) S03 E05 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වොල්කින් ඩෙඩ් කතා මාලාවේ පස්වන කොටස තමයි අද ගෙන ආවේ.දැනට ලබාදී ඇති වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ කොටස් හතරම 1000කට අධික පිරිසක් බාගත කර ඇති බව දක්නට ලැබීම සතු‍ටු විය හැකි කරුණක්.ගිය සතියේ වුන දේ මම කියන්න යන්නේ නෑ,ඔබ නරඹන්න ඇති කියලා හිතනවා.පසුගිය කොටසේදී ලොරී ග්‍රිම්ස් මිය ගියා.අද එතැන් සිට..... 350MB Torrent File 150MB Direct Links සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

Savages (2012) සිංහල උපසි‍රැසි සමග

වැඩරාජකාරි ගොඩක් මැද තමයි මේක උපසිරැසි ගන්වලා ගෙනාවේ වොකින් ඩේඩ් එක දෙන්න උනු නිසා පොඩි පමාවක් උනා.කමක් නෑ කොහොම හරි පොඩි වෙලාවක් ගිහින් හරි උපසිරැසි එක්ක මේ චිත්‍රපටිය අරන් ආවා.වැඩි කතාවක් නැතුව චිත්‍රපටිය ගැන කියන්නම් බෙන් හා වොන් කියන්නේ මිතුරන් දෙන්නෙක් මොවුන් මුදල් හොයන විදිය නම් එතරම් හොද විදියක් නොවෙයි.තව දෙයක් තමයි මේ දෙන්නටම ඉන්නේ එකම පෙම්වතියක්.කොහොම හරි මොවුන් තුන්දෙනා තමන් ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට නගරයට අලුත් අපරාධ කණ්ඩායමක් නැත්නම් මැර පිරිසක් එනවා.බෙන් හා වොන් කියන්නේ ඒ වගේ දෙවල් වලට දක්ෂයින් නිසා නගරයට ආපු මැර කණ්ඩායමට ඕන වෙනවා බෙන් හා වොන්වත් ඔවුන්ගේ කල්ලියට එකතු කරග

The Walking Dead (2012) S03 E04 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ සිව්වන කොටස තමයි අද අරගෙන ආවේ,පසුගිය කොටසේ කතාව ගැන කියනවනම් සිදුවූ හෙලිකොප්ටර් අනතුරක් ගැන විපරමින් සිටින විට ඇන්ඩ්‍රියාටයි මිකෝනිවයි වුඩ්බරි වල ජීවත් වෙන අලුත් කණ්ඩායමක් මුණ ගැසෙනවා.එම කණ්ඩායමේ මර්ල් ඩික්සනුත් සාමාජිකයෙක්.හෙලිකොප්ටර් අනතුරින් පණ ගලාවගත් කෙනෙකු කණ්ඩායමේ නායකයා සේ පිලිගැනෙන ගවනර් නමැත්තාට තම කණ්ඩායම ගැන පවසනවා.ගවනර් එම කණ්ඩායම සොයා ගොස් මරා දමා ඔවුන්ගේ ආයුධ,ට්‍රක් රථ,ආහාර ලබාගන්නවා. අද එතැන් සිට.... 350MB Torrent 150MB Torrent 150MB Direct Links සිංහල උපසි‍රැසි සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැ

Brave (2012) සිංහල උපසි‍රැසි සමග

The Hunger Games, Snow White and the Huntsman හා Disney ගේBrave යන චිත්‍රපට ත්‍රිත්වයේත් කරළියට බසින ශක්තිමත් පෞරුෂයක් හෙබි කාන්තා වීරවරියන් Batman,Spiderman,Men in Black යන සුපිරි ක්‍රියාදාම චිත්‍රපට සමග කරට කර නැගී සිටින්නේ එතෙක් ක්‍රියාදාම චිත්‍රපටවල තනි භුක්තිය උරුම කොටගෙන සිටි පුරුෂ පක්ෂයට අභියෝගයක් වෙමිනි.බැලූ බැල්මට එතරම් අසාමාන්‍ය දෙයක් සේ නොපෙනුණද පසුගිය වසරවලදී 20th century නිෂ්පාදනාගාරය විසින් එළි දැක්වුණු සෙසු චිත්‍රපට අතරින්හොදම චිත්‍රපට 10 අතරට ඒමට වරම් ලැබුණේ කාන්තා චරිත පෙරමුණ කරගත් චිත්‍රපට 2ක් පමණි.ඒ 2002 වසරේදී තිරගතවූ My Big Fat Greek Wedding හා 2008 වසරේ නිකුත් වූ Mamma

Arrow (2012) S01 E04 සිංහල උපසි‍රැසි සමග

සතිපතා පලවෙනි Arrow කතාමාලාවේ සිව්වැනි කොටස තමයි ඔබට අද ලැබෙන්නේ.මේ කතාමාලාව කලින් ඉගි කල පරිදිම කොයි කා අතරත් ඉමහත් ජනප්‍රියතාවයට පත්වෙලා තියනවා කියලා කියන්න පුලුවන්.කොහොමත් මේ කතාව සිංහල උපසිරැසි සමගින් අපි දෙන්න මුලින්ම තිරණය කෙරුවෙත් අරන්න ඒ හේතුව නිසාම තමයි.විනාඩි 40ක කොටසක් නිසා කතාව ගැන වැඩි පැහැදිලි කිරිමක් නොකර ඉන්නම්.ඔබට කතාවේ රසය උපරිමයෙන්ම විදගන්න ඉඩහැරලා. 350MB Torrent file  150MB Torrent file 150MB Direct Links සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

The Walking Dead (2012) S03 E03 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ තුන්වෙනි කොටස තමයි අද අරන් ආවේ.ගිය සතියේ කතාව ගැන කෙටියෙන් කියනවනම් හර්ෂල්ව සොම්බි මිනිසෙක් හපා කෑ අතර කට්ටිය එකතුවෙලා ඔහුව හිර කුටියට ‍රැගෙන යනවා.ඒ වගේම මොවුන් සිර කදවුරට පැමිනෙන විට තවත් පිරිසක් එම සිර මැදිරිවල සැගව සිටියා.ඔවුන් සාමාන්‍ය මිනිසුන් නොව දරුණු අපරාධ කරුවන්ය.රික් ගේ කණ්ඩායම අපරාධ කරුවන්ගේ කණ්ඩායම සමග ආහාර බෙදා ගැනීමක් සිදු කරනවා.ඒ වගේම රික්ගේ කණ්ඩායමට මොවුන්ද එකතු වී සොම්බි මිනිසුන් කිහිප දෙනෙකුවත් මරනවා.රික්ගේ අදහස වී තිබුණේ අපරාධ කරුවන් සියළු දෙනාවම අවසානයේ මරා දැමීමයි.කෙසේ හෝ රික් අපරාධ කරුවන්ව මරා දමනවා,ඔවුන් නැවත සොම්බි මිනිසෙකු සප

Fire with Fire (2012) සිංහල උපසි‍රැසි සමග

Josh Duhamel,Rosario Dawson,Bruce Willis වැනි සුපිරි තරු රගන ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි මෙදාපාර අරගෙන ආවේ.ජෙරමි කෝල්මන් කියන්නේ ගිනි නිවන භටයෙක් විදිහට ‍රැකියාව කරන කෙනෙක්,දවසක් ඔහු වැඩ මුරය නිමා වී වෙලද සැලකට යන අතර ඔහු වෙලදසැල තුල සිදුවන මිනීමැරුමක් දකිනවා.එහිදී මිනීමරුවන් ඔහුවද මැරීමට තැත් කරන අතර ඔහු කෙසේ හෝ ඉන් ජීවිතය බේරාගන්නවා.හේගන් නම් අපරාධ කරුවෙකු හදුනාගැනීමේ අවස්ථාවකදී මේ අපරාධය සිදු කලේ හේගන් බව ජෙරමි හදුනා ගන්නවා.තමන්ම හදුනාගත්තේ ජෙරමි බව දැනගත් හේගන් ඔහුට මරණ තර්ජන දිගින් දිගටම් එල්ල කරනවා.පොලීසිය විසින් ජෙරමිව ආරක්ෂා කිරීම සදහ ඔහුට වෙනම ආරක්ෂාවක් සහ නව අනන්‍යතාවයක්ද ලබා දෙනව

The Walking Dead (2012) S03 E02 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වොකින් ඩේඩ් කතා මාලාවේ 2වැනි කොටසත් එක්ක තමයි අද ආවේ.මේතෙක් ආ කතාමාලාව ගැන කෙටි සටහනක් මම පහුගිය සතියේ ඔබට කිව්වනේ.පසු ගිය කොටසින් රික් ඇතුළු පිරිස තමන්ට නවතින්න තැනක් සොයමින් යනවිට ඔවුන්ට තැනක් හම්බවෙනවා.එක එසේ මෙසේ තැනක් නෙමෙයි හිරගෙදරක්.මොවුන් එතන නවතින්න තිරණය කරනවා.නමුත් නොසිතු විරු ලෙස සොමිබි මිනිසුන්ගේ පහර දිමකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා.මෙහිදි හර්ෂල් ව සොම්බි මිනිසෙක් හපාකනවා.අද කොටසින් ඔබට හර්ෂල්ට සිදුවුයේ කුමක්ද? ඒ වගේම මොවුන් පැමිණෙන විට එම සිර මැදිරි වල සැගවි සිටිය අනිත් පුද්ගලයන් කවුරුන්ද? ඔවුන් දරුණු අපරාධ කාරයින් නම් ඔවුන් මොවුන්ට මොනා කරයිද?මේ සියල්ලම දැනගන්න

One Missed Call (2008) සිංහල උපසි‍රැසි සමග

මේකත් ජපන් ‍ෆිල්ම් එකක් වන Chakushin ari ‍ෆිල්ම් එකේ Remake එකක්.ලියන් කෝල් ගේ මිතුරියක් වන ෂෙලී මිය යාමෙන් පසුව ලියන්ගේ දුරකථනය නාද වෙනවා.එය වොයිස් මේල් වෙත මාරුකරන අතර එහි දක්වා ඇත්තේ ඇය මැරෙන දවස හා වෙලාවයි.ඇය මැරෙන දවස ලං වෙනවිට ඇගේ යාළුවා වන බෙත් නමැත්තියක් හමුවීමට යනවා.නමුත් එකවරම ඇය වැටී මිය යනවා.ඇයත් සමග සිටි බෙත් මැරුණු ලියන්ගේ පෙම්වතා එක්ක කතා කරන විට ඔහුත් කියනවා ඔහුටත් ඊට සමාන වොයිස් මේල් එකක් පැමිණි බව.ඒ සමගම ඔහුත් ඇද වැටී මිය යනවා.ඒ මිය යන සෑම අවස්ථාවකම මිය ගිය අයගේ කටෙන් ටොෆි එකක් එලියට එනවා.ඇය මේ ගැන පැවසීමට පොලිසිය වෙත ගිය නමුත් කවුරුවත් ඇයව විශ්වාස කිරීමට පෙලඹෙන්නේ නෑ.නමුත

Revolution (2012) S01 E05 සිංහල උපසි‍රැසි සමග

සතිපතා පලවන රෙවලුෂන් කතා මාලාවේ පස්වැනි කොටස සමගින් තමයි අද මුණ ගැසෙන්නේ චාර්ලි හා මයිල්ස් එකතු වි ඔහුගේ චාලිගේ සහොදරයව හොයාගෙන යන බව පසු ගිය කොටස් නරඹපු ඔබ දන්නවා ඇති.මොවුන් අවසානයේ තමන්ගේ ගමනාන්තයට ලගා වෙනවා ඒ කියන්නේ හමුදාව චාලිගේ සහෝදරයා හිරකරගෙන සිටි තැනට පැමිණෙනවා.නමුත් මොවුනට එතනට පැමිණියාට පසු දකින්න ලැබෙනවා හාමුදාව විසින් වාශ්ප එන්ජිමක් සහිත කෝචිචියක් නැවත පණගන්වාගෙන නගරයට යන්න හදනවා.චාලිට තමන්ගේ සහෝදරයව බේරාගැනිමට ලැබෙන අවසන් අවස්ථාව මේක වෙන්න පුලුවන් ඇයට ඔහුගේ මල්ලිව බේරාගැනිමට හැකිවෙයිද නැත්නම් ඔවුනුත් හමුදාවේ සිරකරුවන් වේවිද? 350MB Torrent  150MB Direct Links සිංහල

The Walking Dead (2012) S03 E01 සිංහල උපසි‍රැසි සමග

2010-2012 අවුරුදු වල අතිශය ජනප්‍රිය වූ කථාමාලාවක ඊයේ දිනයේ සිට විකාශනය වෙමින් පවතින තුන්වෙනි කථා මාලාව තමයි අප අද සිට ඔබ වෙත ලබා දෙන්න හදන්නේ.මෙහි පලමු කතාමාලාවේ සිට උපසිරැසි දෙන්න අප සිතා සිටියත් විශාල පිරිසක් දැනටමත් පලවෙනි හා දෙවැනි කතා මාලා නරඹා ඇති නිසා අප කෙලින්ම මෙහි තුන්වැනි කතාමාලාවේ සිට උපසිරැසි ලබා දිමට සිතුවා.කලින් කතාමාලාවේ සිදුවි සියල්ල මම කෙටියෙන් පැහැදිලි කරන්නම් ඔබට මතක් වෙන්නත් එක්ක රික් පොලිස් පරක්ෂකයෙක් එක් වැටලිමට ගොස් එහිදි ඔහුට වෙඩි වැදි රොහල්ගත වෙනවා රික්ට නැවත සිහිය එනවිට රොහලේ කවුරුත් නැහැ.ඔහු එළියට පැමිණ බලනවිට තැන තැන මිනිස්සුමැරිලා මුලු නගරයම පාළු වෙලා.ඔහු කොහ

Chernobyl Diaries (2012) සිංහල උපසි‍රැසි සමග

ඔබ චෙර්නෝබල් න්‍යෂ්ටික පිපිරිම ගැන විස්තර දන්නවද? නැත්නම් මේ ලිපිය කියවන්න කලින් මෙන්න මේ ලින්ක් එකින් පිවිසිලා ඒ ලිපිය කියවලා ඉන්න. Chernobyl disaster චර්නොබීල් ඛෙදවාචකය හරි ලිපිය කියවපු නිසා ඔයා චෙර්නෝබල් න්‍යෂ්ටික ප්‍රති-ක්‍රියාකාරකය පිපිරීම ගැන විස්තර ටිකක් දැනගන්න ඇති.මේ පිපිරිම නිසා ප්‍රිප්යාට් නගරය විශාල ව්‍යසනයකට මුහුණ පෑවා.ඒ නගරයේ තිබූ හැම දෙයක්ම සුනු විසුනු වී ගිය අතර ඒ ප්‍රදේශය අවුරුදු ගානක් ඉදන් අතහැරලා දාපු නගරයක්.කෙල්ලෝ කොල්ලෝ කට්ටියක් මේ නගරෙට යූරී කියලා හමුදාවේ වැඩ කෙනෙක්ගේ උදව් ඇතිව මේ නගරේ සවාරියක් යනවා.එයාලා ගිය නමුත් නගරේ අලුත් වැඩියා කටයුතු සිදු කරනවා කියලා ප

Eden Lake (2008) සිංහල උපසි‍රැසි සමග

2008 වසරේ තිරගතවුනු මෙය Horror චිත්‍රපට යටතේ විශේෂ තැනක් ගනී.IMDb චිත්‍රපට දර්ශකයේ 6.9 වැනි අගයක් ලබා ගත් මෙය සම්මාන 4 දිනා ඇති අතර සම්මාන 5 සදහා නිර්දේශ වී තිබෙනවා.චිත්‍රපටය මනා තාත්වික අන්දමින් නිර්මාණය කර තිබීම තවත් සුවිශේෂි අංගයකි.මෙහි Kelly Reilly,Michael Fassbender වැනි තරු රංගනයෙන් දායකත්වය දක්වනවා. කතාව ගැන කියනවනම් ස්ටීව්,ජෙනි යුවල තම සති අන්ත නිවාඩුව ගත කිරීමට ඈත පිහිටි ප්‍රදේශයකට යනවා.ඒ පෙම් සුව විදිමින් ඔවුන්ගේම ලොවක හුදෙකලා වන්නටය.ඔවුන්ගේ එම සතුට වැඩි වෙලා විදින්න ලැබෙන්නේ නැත.මක්නිසාද යත් ඔවුන් හට මුහුන දීමට සිදුවූයේ ඔවුන් කවරදාකවත් නොසිතූ සිදුවීම් පෙලකටය.අනුකම්පාවක ගැවිවත්

Superman Returns (2006) සිංහල උපසි‍රැසි සමග

Superman කියන චරිතය ලොවට දායාද කලේ DC කොමික්ස් කියන ලොව සුපතල කොමික්ස් ආයතනයයි. මේ චරිතය මුල් වරට හඳුන්වා දුන්නේ 1932 දී Jerry Siegel සහ Joe Shuster කියන නිර්මාණ ශිල්පින් දෙදෙනා විසිනුයි. ඒ එකල Detective Comics, Inc ලෙස හැඳින්වූ සහ අද DC කොමික්ස් කියන ආයතනයේ කොමික්ස් පොතකටයි. සුපර් මෑන් කියන්නේ පෘතුවියේ මනුෂයෙක් නෙමෙයි. කොමික් පොත් වල සඳහන් වන අයුරින් ඔහු පැවතෙන්නේ Krypton කියන ග්‍රහ ලෝකයෙන්. ඔහුගේ පියා විද්‍යාඥයෙක්. නමුත් ඔවුන්ගේ ග්‍රහ ලොවේ සිදුවෙන විනාශ වීමක් නිසා ඔහුව ඔහුගේ පියා කුඩා කාලයේදීම රොකට්ටුවකින් පෘතුවියට එවනු ලබනවා. පසුව පෘතුවියේ Smallville කියන කුඩා ගමේ ගොවිපල යුවලක් විසින්

Revolution (2012) S01E01 සිංහල උපසි‍රැසි සමග

දවසක මේ මුළු පෘතුවියේම විදුලිබලය ඇනහිටියොත් මොකද වෙන්නේ ? හිතාගන්න පුළුවන්නේ නේද ? මෙම කතා මාලාවේ තේමාව වෙන්නේ අන්න ඒ කාරණාවයි. කතාව ගැන හැඳින්වීමක් කෙරුවොත්, මෙය විද්‍යා ප්‍රබන්ධ වර්ගීකරනයටයි අයිති වෙන්නේ. එක් දිනක් රාත්‍රියක මුළු ලෝකයේම විදුලිය බිඳවැටීමක් සිදුවෙනවා. විදුලිය ආධාරයෙන් ක්‍රියා කරන සියලුම යන්ත්‍ර සුත්‍ර ක්‍රියාවිරහිත වෙනවා. අඩුම තරමේ බැටරියක් වත් ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. නමුත් මේ සිදුවීම සිදුවෙන මොහොතේ රාත්‍රියේ එකතරා පුද්ගලයෙක් යම්කිසි වැඩසටහනක් USB මෙමරියකට බාගත කිරීමක් කරනු ලබනවා. එම මොහොතේම ඔහු විසින් මෙම සිදුවීම තම සහෝදරයාට දුරකතනයෙන් කියන අවස්ථාවේදී විදුලිය බිඳ

6 Bullets (2012) සිංහල උපසි‍රැසි සමග

ඔන්න අලුත්ම අලුත් චිත්‍රපටියක් ගෙනාවා ඒ වගේම කාලෙකින් වෑන් ඩෑම්ගේ වැඩ කිඩ බලාගන්න හොද චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. IMDB Ratings වල 6.5 වැනි අගයක් ලබාගෙන තියෙනවා.කතාව ගැන කියනවනම්,ඇන්ඩෲ ෆේඩන් (Joe Flanigan) කියන්නේ සටන් ශිල්පියෙක් ඔහු සටන් තරගයකය සහභාගිවීම සදහා තම පවුලේ අය සමග මෝල්ඩාවට ගමන් ගන්නවා,ඔවුන් මෝල්ඩාව පිවිස පැය කිහිපයකින් අනතුරුව ඔහුගේ දුව අතුරුදහන් වෙනවා.ඔවුන් හිතන්නේ තම දුවව කවුරුන්හෝ පැහැරගෙන ඇති බවයි.ඔවුන් තම දුවව බේරාගැනීමට පොලීසියේ සහය පතනවා.නමුත් පොලීසියට පැහැරගැනීම සම්බන්ධයෙන් කිසි තොරතුරක් දැනගැනීමට ලැබෙන්නේ නෑ.ඇන්ඩෲ ෆේඩනුයි ඇගේ බිරිදයි දුව දුවව හොයාගැනීමට සැම්ස

Poseidon (2006) සිංහල උපසි‍රැසි සමග

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුප්‍රකට නළු Josh Lucas විසින්.ඒ වගේම Kurt Russell, Jacinda Barrett, Richard Dreyfuss යන අය විසින් සෙසු චරිත නිරූපණය කරනවා.කථාව ගැන කියනවනම් සැප පහසු ලෙස නිර්මාණය කරපු නැවක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මෙම නැවේ විශාල පිරිසක් විනෝදකාමි ලෙසින් ගමන් ගන්නවා.මෙම නැව හෝටලයක් වගේ විශාල එකක්.මෙලෙස කතාව ගලාගෙන යන අතරතුර විශාල මුහුදු ‍රැල්ලකින් නැව අනතුරට පත්වෙනවා, එසේ ඔවුන් කවරදාවකවත් නොසිතූ දෙයකට ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා.එසේ අනතුරට පත් නැවේ මුහුදෙන් යට තියෙන කොටස උඩට ඇවිත් අනෙක් උඩ කොටස මුහදට යට වෙනවා.ඒ කියන්නේ නැව උඩු ය
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google