Latest Subtitles :
Recent Movies

The Guest (2014) සිංහල උපසි‍රැසි සමඟ

අද අරගෙන ආවේ මේ අවුරුද්දේ එනකම් මඟ බලන් හිටපු Thriller චිත්‍රපට වර්ගීකරණය යටතට වැ‍ටුණු The Guest චිත්‍රපටයයි. අධ්‍යක්ෂණය Adam Wingard වන අතර Dan Stevens, Maika Monroe, Brendan Meyer and Lance Reddick යන තරු රංගනයෙන් චිත්‍රපටය හැඩගන්වනවා.කතාව ගැන කියනවනම්,පීටර්සන් පවුලෙ පුතෙක් වන කෙලෙබ් ඇෆ්ගනිස්ථාන යුද්ධෙදී මියයනවා.කෙලෙබ් තමයි එම පවුලේ වැඩිමහල්ම දරුවා.ඔහුගෙ පවුලෙ ඉන්නෙ දෙමපියන්ට අමතරව නංගී කෙනෙක් හා මල්ලි කෙනෙක්.මේ අතර නොසිතූ විදිහට ඔවුන් සිටින ගෙදරට ඩේවිඩ් කොලින්ස් නමැත්තෙක් පැමිණෙනවා කෙලෙබ්ගෙ මිත්‍රයෙක් යැයි පවසමින්.ඒ වගේම ඔහු පැමිණියේ කෙලෙබ්ට වූ පොරොන්දුවක් ඉෂ්ට කිරීමට බවත් පවසනවා,ඒ වෙන ම

Brick Mansions (2014) සිංහල උපසි‍රැසි සමග

ඔන්න කාලෙකට පස්සෙ ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා,ගොඩක් අය ඉල්ලිම් කරලත් තිබුනා මේක දෙන්න කියලා.මේ චිත්‍රපටයෙ නළුවව නම් (Paul Walker) නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ.ඒ තරමටම ඔහු ජනප්‍රිය චරිතයක්.සුප්‍රකට The Fast and the Furious චිත්‍රපට බලපු කෙනෙක් නම් මොහුව හොදාකාරවම දන්නවා.2013 වසරෙ නොවැම්බර් 30 වැනි දින කාර් අනතුරකින් මෙම අසහාය නළුවා මිය ගියා.ඔහුගෙ මිය යාමෙන් පසුව තමයි Hours හා Brick Mansion චිත්‍රපට නිකුත් කරේ.මොහුගෙ අවසන් චිත්‍රපටය වන නිකුත් වෙන්නෙ 2015 අප්‍රේල් 3 වැනි දිනයි. චිත්‍රපටයෙ කතාව ගැන කියනවනම්, බ්‍රික් මෑන්ෂන් කියන්නෙ දරුණු ගණයෙ අපරාධකරුවන් ඉන්න ඩෙට්‍රොයිට් නගරයෙ කොටසක්.මේ

Vehicle 19 (2013) සිංහල උපසි‍රැසි සමග

මයිකල් කියන්නේ හිරෙන් නිදහස් වෙලා ආපු කෙනෙක් ... ඔහු තමාගේ බිරිද හමුවීමට යන්න හිතන් ඉන්නේ අළුතින් ජීවිතයක් පටන් ගන්න අරමුණින්! නමුත් ගුවන් තොටුපලේදි වන ප්‍රමාද වීමක් නිසා ඔහුට කාර් එකක් කුලියට අරන් ගමන යන්න වෙනවා.... ටික දුරක් යනකොට මොහුට දුරකථනයක් මෙන්ම තුවක්කුවකුත් හමුවෙනවා..... ඒ වගේම මොහු පොලිස් රහස් මෙහෙයුමකට සම්බන්ධ වෙලාලු අහම්බෙන් ..... මොහු කාර් එකේ මාරුව ඇරගන්න ගන්න යන අතරමග කාරයේ ඩිකියේ ගෑනු කෙනෙක්ව ගැටගහලා තියෙනවා.... ප්‍රශ්ණ ගොඩයි!!!! මයිකල්ට තමන්ගේ බිරිද හමුවෙන්න ලැබෙයිද? ගෑනු කෙනාට පොලිස් මෙහෙයුමත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?‍මේවා දැනගන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නම වෙනවා!! සි

Believe (2014) S01E06 සිංහල උපසි‍රැසි සමග

මගෙ කාර්ය බහුලත්වය හේතුවෙන් විශාල ප්‍රමාදයකින් පසුව තමයි අද බිලීව් කතාමාලාවේ හයවන කොටසේ උපසි‍රැසිය අරගෙන එන්නෙ.දැනට නම් කතාමාලාව විකාශය වෙලා අවසන් වෙලයි තියෙන්නෙ.මේ කොටසේ උපසි‍රැසි වැඩි කොටසක් කලෙ නිසල් සහෝ,ඔහුට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.කොටස ගැන කියනවනම් බෝ ටේට්ගෙ කකුලෙ තිබෙන ට්‍රැකින් උපකරණය මුදා හරිනවා.පසුව ටේට් ඔහුගෙ නගරය බලා ගමන් ගන්නවා ඔහුව අවුරුදු හතකට නොකල වරදක් වෙනුවෙන් සිරගත කිරීමට සහය වූ ඔහුගෙ මිතුරන් සොයා ඔවුන්ගෙ පලිගැනීමට හා මේ සිද්දියෙ සත්‍ය දැනගැනීමට.ඔහු පසුපස වින්ටර් හා චැනිනුත් ගමන් කරනවා.ඒ වගේම ස්කවුරාස් ගේ මීලග අපේක්ෂකයා ගැනත් මේ කොටසින් විස්තර දැනගන්න පුලුවන්.මීලග කොටසින

Non-Stop (2014) සිංහල උපසි‍රැසි සමග

චිත්‍රපටය - Non-Stop Box office - $198,439,400 IMDB අගය - 7.2/10 අධ්‍යක්ෂණය - Jaume Collet-Serra නිෂ්පාදනය - Joel Silver Alex Heineman Steve Richards Andrew Rona රංගනය - Liam Neeson බිල් මාර්ක්ස් ලෙස Julianne Moore ජෙන් සමර්ස් ලෙස Scoot McNairy ටොම් බොවෙන් ලෙස Michelle Dockery නැන්සි ලෙස Nate Parker සැක් වයිට් ලෙස Jason Butler Harner කයිල් රයිස් ලෙස Anson Mount ජැක් හැමන්ඩ් ලෙසින් තිර රචනය - John W. Richardson Chris Roach Ryan Engle සිනමාරූපණය - Flavio Martínez Labiano සංස්කරණය - Jim May Budget - $50 million කතාව :- බිල් මාර්ක්ස් (Liam Neeson) කියන්නෙ මත්පැනට ලොල් වූ ඇමරිකානු එ

3 Days to Kill (2014) සිංහල උපසි‍රැසි සමග

කතාව දෙස හැරෙමු ඉතින් මේ කතාව දිවයන්නේ CIA වලින් ඉවත් වුනු නිලධාරියෙක් වටා ඉතින් ඊට පස්සේ මොහුව රහස් මෙහෙයුමකට එක්කහු කරගන්නවා . ඉතින් ඒ වගේම මොහුගේ පවුලේ අයද සම්බන්ධ කරලා මේ සලරුව ලස්සන විදිහට දිව යනවා ඉතින් බැලුවේ නැති අය ඉන්නවනම් බලන්න ..අපි චරිත දෙස බලමු Kevin Costner as Ethan Renner Amber Heard as Vivi Delay, one of the CIA's elite assassins Hailee Steinfeld as Zoey Renner, Ethan's estranged sixteen-year old daughter Connie Nielsen as Christine Renner, Ethan's ex-wife[9] Richard Sammel as the Wolf, arms trafficker Eriq Ebouaney as Jules, an African man whose family squats in Ethan's a

Believe (2014) S01E05 සිංහල උපසි‍රැසි සමග

කලින් කොටස ගැන කියනවනම් ටේට්වයි බෝ වයි නියෝජිත ෆැරල් ගේ අතටම අහුවෙලත් බෝගේ බලය පාවිච්චි කරලා ඒ දෙන්නා පැනලා යනවා.අන්තිමේදී ටේට්,බෝ හා වින්ටර් නිව්යෝර්ක් අතැරලා යනවා.ඒවගේම බෝ උදව් කලා වෙන් වෙලා හිටිය ආදරන්වතයන් දෙදෙනෙක්ට එකතුවෙන්නත්. අද කොටසින් - ඔර්චෙස්ටා ව්‍යාපෘතියේ වැදගත් විස්තර වගයක් කෙනෙක් දුරකථන ඇමතුමක් මගින් බෙන් වූටන් නම් බ්ලොගර් කෙනෙකුට ලබා දෙන්න හදනවා.ඒ වගේම ටේට් හා බෝ ඉන්නෙත් බෙන් වූටන් ඉන්න අපාර්ට්මන්ට් එකට එහා පැත්තේ.රහස් පිටවී ඇති බව දැනගන්න ස්කවුරාස් මෙදාපාර තරගෙට බස්සන්නේ ජොෂුවව.ඇත්තටම රහස් පිටකලේ කවුද? බෙන් හට ජොෂුවගෙන් ගැලවිය හැකිවේවිද? බෝ හට ජොෂුවව මෙල්ල කරගත හැකිවේවිද? ඒ

Believe (2014) S01E04 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසින්... බෝවයි ටේට්වයි මෑන්හැටන් වල හිරවෙනවා. පොලීසි යෙන් මෙයාල දෙන්නට ලේසි වෙන්නෙ නෑ,මෙයාලා දෙන්නට හම්බවෙනවා ධනවත් කන්තාවක්,බෝ හැම කෙනෙක්ටම උදව් කරන කෙනෙක් නිසා ඇගෙ අවුරුදු කිහිපයකට කලින් නැති වුන පුතාව ඇයට හොයලා දෙනවා.බෝ හා ටේට් නිව්යෝර්ක් වල සිටින බව ආරක්ෂක කැමරාවකින් පොලීසිය තහවුරු කරගන්නවා,නියෝජිත ෆැරල් ඔවුන් පසුපස පැමිණියත් මිල්ටන් ගෙ උදව්වෙන් ඔවුන් නැවතත් පොලීසියෙන් ගැලවෙනවා.ඒ වගේම බෝ ගේ අම්මා ගැනත්,ඇයට මෙම බලය ලැබුනෙ කොහොමද කියන එකත්,ස්කවුරාස් බෝ මාර්ගයෙන් මොකක්ද කරගන්න යන්නෙ කියලත් දැනගන්න ලැබුනනෙ.අද කොටසේ බෝ ව හා ටේට් ව පොලීසියෙ අතටම කො‍ටුවෙනවා,ඒ වගේම බෝ මෙදා පාර උදව් කරන

The Walking Dead (2014) S04E16 සිංහල උපසි‍රැසි සමග *Season Finale*

හඹා එන මරණයේ සිව්වන කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන තමයි අද ආවේ.පසුගිය කොටසේ කතාව ගැන කියනවා නම් ග්ලෙන්ට මැගීව හම්බුනා එයුජින් ඒබ්‍රහම් ඇතුලු පිරිසගෙ උදව්වෙන්,ඒත් ඔවුන්ට උදව් කරන්න පෙලඹුවේ එයුජින්.හැම තැනම දක්වලා තියෙන ටර්මිනස් එසේත් නැත්නම් නැවතුම්පොල සොයා ඔවුන් ගමන් කරනවා,එතන හිටිය ගැහැණු කෙනෙක් ඔවුන්ව සාදරයෙන් පිලිගන්නවා,අද කොටසේ රික් ඇතුලු පිරිසට කරදර කිහිපයකටම මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම මේ හැම තැනම් පුවරු වල දක්වලා තියෙන නැවතුම්පොල ගැන වැඩි විස්තරත් කතාමාලාවේ අවසන් කොටසින් එනම් අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි.එහෙනම් සයමසක් පුරාවට IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.7/10 වැනි ඉහළ අගයක් ලබාගත් හඹා

Biriyani (2013) සිංහල උපසි‍රැසි සමග

චිත්‍රපටිය - Biriyani (2013) අධ්‍යක්ෂණය - Venkat Prabhu (Mankatha - 2011) තිර රචනය - Venkat Prabhu නිෂ්පාදනය - K. E. Gnanavel Raja සංගීතය - Yuvan Shankar Raja (මෙය ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කල 100වෙනි චිත්‍රපටයයි,Mankatha චිත්‍රපටයේ තේමා ගීතය අහලා ඇතිනේ,ඒක හැදුවෙත් මෙයාම තමයි.) සිනමාරූපණය - Sakthi Saravanan සංස්කරණය - Praveen K. L.N. B. Srikanth IMDB දර්ශක අගය - 6.5/10 වර්ගීකරණය - Comedy | Thriller තිරගත වීම ඇරඹූ දිනය - 2013 දෙසැම්බර් 20 වන දින ධාවන කාලය - මිනිත්තු 150 රංගනය - Karthi සුගන් ලෙසින් (Alex Pandian - 2013) Hansika Motwani ප්‍රියංකා ලෙසින් (Theeya Velai Seiyyanum Kumaru (2

Arrow (2014) S02E17 සිංහල උපසි‍රැසි සමග

ගිය සතියෙ කතාව ගැන කියනවනම් අමන්දා ඇතුළු සියදිවි නසාගැනීමේ කණ්ඩායම ගෝලම් කදීර් විසින් නිපදවු ස්නායු කාරකයක් ගැනනේ කතාව ගියේ,ඩීගල් එහෙමත් සියදිවි නසා ගැනීමේ කණ්ඩායමෙ මෙහෙයුමට උදව් වුනා.පස්සෙ ස්ලේඩ් විල්සන්ව හොයාගන්න ඔලිවර් අමන්දාගෙ උදව් ඉල්ලුවනේ.පස්සෙ එයාලට ස්ටාලින් නගරයට එනවයි කියන කුලීමිනිමරුවක් ගැනත් දැනගන්න ලැබෙනවා,එයා වෙනකවුරුවත් නෙවෙයි ඒ ඩෙත් ස්ට්‍රෝක් ඒ කියන්නෙ ස්ලේඩ් විල්සන් කියලා දෙන්නට දැනගන්න ලැබෙනවා.අද එතැන් සිට...අද කතාව යන්නෙ හන්ට්‍රස් නැවත ස්ටාලින් නගරෙට එනවා,ස්ටාලින්වලට පැමිණ සිටින ඇයගෙ පියාව මරා දැමීමට.නිකන් නෙවෙයි කට්ටියක් එක්කයි ඇය මෙදාපාර එන්නේ,ඔලිවර් ඇතුළු පිරිසට ඇයව නවත

Believe (2014) S01E03 සිංහල උපසි‍රැසි සමග

පසුගිය සතියෙන්... බෝයි ටේ‍ටුයි ඇට්ලන්ටා සිටි එකට යනවා.ටේට් කොහොමහරි අතෙ සල්ලි නැති හින්දා කැසිනෝ එකකට ගිහින් බෝ ගේ බලයෙන් හොරට කැසිනෝ සෙල්ලම් කරලා,සල්ලි දිනාගන්නවා.ස්ක්වුරාස් විසින් FBI නියෝජිතයෙක්ට පවරනවා බෝව ලබාගන්න.ඒ කියන්නෙ මේ නගරෙදී ඔවුන් දෙන්නව කො‍ටු කරගන්න.ඔවුන් දෙන්නා ගැන කියලා ඇම්බර් ඇලට් එකක් නගරෙ පුරාම පොලීසිය දියත් කරනවා.බෝ පොලිස් මෙහෙයුම් වලින් හොදාකාරවම පැනයන බව දන්නා ස්කවුරාස් වෙනම කණ්ඩායමකින් කුලීකාරයෙක් මිලදී ගන්නවා බෝව ‍රැගෙන ඒමට.මේ කුලීකාරයත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියන්නෙ එයා බාරගත්තු වැඩක් සාර්ථකව ඉවර කරලා තමයි පස්ස බලන්නෙ.පොලීසියෙනුයි එම කුලීකාරයාගෙනුයි ටේට් ටයි බෝට

The Walking Dead (2014) S04E15 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ පහලොස්වන කොටසත් අරන් තමයි අද ආවේ.ගිය සතියෙ කොටස ගැන කියනවනම් කේරන්වයි,ඩේවිඩ්වයි මැරුවේ තමා බව කැරොල්  ටයිරීස්ට කියනවා,පස්සෙ ටයිරීස් ඇයට සමාව දෙනවා.එමෙන්ම ඔහු ඇයට කියනවා එය කිසි දාක අමතක නොකරන බවත්.මිය ගිය ලිසී ගේ හා  මීකාගේ මලසිරුරු පුලුස්සා දමන ඔවුන් ජුඩිත් වත් ‍රැගෙන ටර්මින්ස් හෙවත් නැවතුම්පොල වෙත දුම්රිය මාර්ගේ හරහා ගමන් කරනවා.අද එතැන් සිට.... සිව්වන කතාමාලාවේ අවසන් කොටසින් ලබන සදුදා හමුවෙමු. සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න 350MB Torrent File 200MB Torrent File 150MB Direct Links

Arrow (2014) S02E16 සිංහල උපසි‍රැසි සමග

ගිය සතියේ ස්ලේඩ් විල්සන් ඔලිවර් ලගෙ ගෙදර ආවනෙ,ඇවිත් නිකං හිටියෙ නෑ ගේ බලන්නත් එක්ක ඔලිවර් ගේ අම්මත් එක්ක ගෙදර එහෙ මෙහෙ ඇවිද්දා.ස්ලේඩ් තමයි ස්කල් මාස්ක් එක දාන් ඉන්න කෙනාව මෙහෙයවන්නෙත් ඔහුගෙ උත්සහය තවත් මිරාකුරු සෑදවීම බවත් ඔලිවර් ට පවසනවා.පස්සෙ පෙන්වනවා ස්ලේඩ් ඔලිවර් ලගෙ ගෙදර ඇවිත් නිකං ඉදලා නෑ ගෙදර හැමතැම කැමරා හයි කරලා ගිහින් තියෙනවා.දූපතෙදී ඔලිවර්ට ස්ලේඩ් වෙච්ච පොරොන්දුවත් මතක ඇතිනෙ ඔයාලට.ඒක තමයි ස්ලේඩ් අනුගමනග කරන්නෙ.අද කොටසින් අලුත් කට්ටියක් අදුනගන්න පුලුවන් වෙයි,අලුත් කිව්වට මේ කට්ටියට අලුත්මත් නෑ.දැන් කතාව එන්න එන්නම රසවත් කියලා ඔයාලා දන්නවනේ.ලබන සතියේ මීලග කොටසින් හමුවෙමු! සිංහල උ

Believe (2014) S01E02 සිංහල උපසි‍රැසි සමග

බෝ හා ඇයව ‍රැකබලා ගන්න දෙමව්පියන්ට් වාහනයක ගමන් ගනිමින් සිටියදී වෙනත් වාහනයක් ඇවිත් ඇයව බලාගන්න දෙමව්පියන්ව මරා දමනවා.එම මිනීමරුවා බෝව පැහැරගන්න හදන කොට වෙනත් කට්ටියක් ඇවිත් ඇයව රෝහලකට ඇතුලු කරනවා.බෝ හට විශේෂ හැකියාවක් තියෙනවා කියලා ඔයාලා දන්නවනෙ.ඇයට උදව් කරන්න මිල්ටන් වින්ටර් නමැත්තෙකු සමග වෙනම කණ්ඩායමක් ඉදිරිපත් වෙලා සිටිනවා.නොකල වරදකට සිරගත කර සිටින ටේට් නමැත්තාව මිල්ටන් වින්ටර් විසින් රහසිගත විදිහට හිරෙන් නිදහස් කරගන්නවා බෝව සොයා එන අයගෙන් ඇයව ආරක්ෂා කිරීමට.ඇයව ‍රැකබලා ගත් දෙමව්පියන්ව මරා දැමූ මිනිමරුවා ඇයව පැහැරගැනීම සදහා ඇය සිටින රෝහල වෙතත් පැමිණෙනව.ළමයින්ට කිසි සේත්ම කැමති නැති ටේට

The Walking Dead (2014) S04E14 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව ගැන මතක් කරනවනම් මැගී,බොබ්,ෂාෂා නැවතුම්පොලක් යයි පෙන්වන සිතියමක් දකිනවා.ග්ලෙන් එහෙට ගොස් ඇතැයි කියා සිතන මැගී එහෙට යන්න හදනවා.නමුත් ෂාෂා ඊට කැමැතිවෙන්නෙ නෑ.මැගී බොබ් ව හා ෂාෂා ව තනිකර හොර රහසෙම නැවතුම් පොල සොයා පිටව යනවා.මේ බව දැනගන්නා ෂාෂා හා බොබ් මැගී සොයා එනවා.මේ අතර සියල්ලම අතැර දමා ෂාෂා අතැරදමා තිබෙන නගරයක් වෙත යන්න තීරණය කරන අතර බොබ් ඉන් වෙනතකට යනවා.එම නගරයෙදී ෂාෂා හට මැගීව හමුවෙනවා සොම්බි මිනිසුන් සමූහයක් සමගම.පසුව මැගී ෂාෂා හට පවසනවා ඇය එම නගරයෙ ‍රැදී සිටියෙ බොබ් හා ෂාෂා එනතුරු බවත්,ඔවුන් නොමැතිව නැවතුම් පොල වෙත තනියම ගමන් කල නොහැකි බවත්.මේ අතර ඩැරල් හා බෙත් හට අවම

Believe (2014) S01E01 සිංහල උපසි‍රැසි සමග

 NBC නාලිකාවේ විකාශය ඇරඹූ නවතම රූපවාහිනි කතාමාලාවක් තමයි අද අරගෙන ආවේ.කතාව හදලා තියෙන්නෙ නම් Golden Globe, Academy Award සම්මාන දිනූ ඇල්ෆොන්සෝ කුරලෝන්.ඔහු තමයි පසුගියදා පැවැත්වුන ඔස්කාර් සම්මාන උළෙලේ හොදම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන ‍රැසක්  දිනාගත් Gravity චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා.මෙහි විධායක නිෂ්පාදනය කරල තියෙන්නෙ ජේ ජේ එබ්‍රහම්ස්,ඔහු ගැන කියනවනම් Person of Interest,Revolution,Fringe,Lost,Super 8,Mission: Impossible හා Star Trek යන සිත්තම් ඔහුගේ දායකත්වයෙන් බිහි වීම විශේෂත්වයක්.සුපිරි දෙන්නෙක් එකතු වුනොත් ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා ඔයාලා දන්නවනේ.කතාවත් ඒ තරම්ම අගනා නිර්මාණයක් කියලා

The Walking Dead (2014) S04E13 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව ගැන කියනවනම් බෙත් හා ඩැරල් හුදෙකලා වී කැලයේ සිටින අතර බෙත් හට මත්පැන් තොල ගෑමේ කැමැත්තක් මතු වෙනවා.ඒ බව ඩැරල් හට පවසන අතර ඩැරල් ඊට ඉඩ දෙන්නෙ නෑ,මොකද ඔවුන් ඉන්නේ කැලේ නිසා,ඩැරල්ගෙ කීම නො අසා බෙත් මත්පැන් සොයා ගමන් ගන්නවා.පසුව ඇගෙ ආරක්ෂාව පිනිස ඩැරල් ඇගෙ පස්සෙන් ගමන් ගන්නවා.ඔවුන් හට හමුවෙනවා ගොල්ෆ් ක්ලබ් එකක්.එහිදී ඔවුන් සොයමින් ගමන් කල මත්පැන් බෝතලයක් හමුවෙනවා.ඒත් ඔවුන්ට ඒවා පානය කිරීමට පිරිසුදු වීදුරුවක් හම්බවෙන්නෙ නෑ.එහි තිබූ වීදුරු බිද දමන ඩැරල් බෙත් ව ගෙයකට ‍රැගෙන යනවා.එහිදි ඔවුන් මත්පැන් පානය කරන අතර ඩැරල් හට ඔහුගෙ අතීතය මතක් වී පසුව දුන්නෙන් විදින අයුරු බෙත් හට උගන්වන

Gravity (2013) සිංහල උපසි‍රැසි සමග

2012 අවුරුද්දේ පෙබරවාරි මස 19 දින  Fright Night (2011) චිත්‍රපටයෙන් උපසි‍රැසි ගැන්වීම ඇරඹූ මම අද ලබාදෙන The Gravity (2013) චිත්‍රපටය තමයි මගේ 100 වෙනි උපසි‍රැසි නිර්මාණය වෙන්නෙ.මුලින්ම මතක් කරන්න ඕන සූම් වෙබ් අඩවියේ ඇඩ්මින් වන HEDZ ව.මා සමග සහයෝගයෙන් උපසි‍රැසි නිර්මාණය කල සියළු දෙනාවමත්,මගේ උපසි‍රැසි ගැන්වීම් වලට වචනෙකින් හරි අදහස් දක්වා මා දිරිමත් කල නොකල සියළු දෙනාටමත් ස්තූතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. පෘථිවියෙන් එපිට වන අනන්තය වන් වූ අභ්‍යවකාශයේ සුවිසැරියක් සදහා පිටත්ව යන ධීර වීර ගගනගාමීන් කණ්ඩායමකට අනපේක්ෂිත ලෙස මුහුණ දීමට සිදුවන්නේ තමන්ට කිසි විටෙක හෝ අත් විදීමට සිදු වෙතැයි ඔවු

The Walking Dead (2014) S04E12 සිංහල උපසි‍රැසි සමග

මිෂෝන් හා කාල් ඔවුන්ට අවශ්‍ය කෑම බීම සොයා ගමන් කරනවා,ඒ අතර ඔවුන් සොයාගත් ගෙදර රික් තනියම නතර වෙනවා,ජුඩිත් මියගියා යැයි හිතං ඉන්න කාල් පසුවන්නෙ හිතෙ වේදනාවෙන් ඒ එම නිසා මිෂෝන් ඔහුව සතු‍ටු කිරීමට යම් යම් දේවල් කරනවා.මේ අතර කොහොමින් හෝ මිෂෝන් හට පුතෙක් සිටි බව කාල් මිෂෝන් ගෙන් දැනගන්නවා.සිහිය නැතුව හිටිය ග්ලෙන් එක්වරම එබ්‍රහම්ගෙ ට්‍රක් එකෙදී සිහිය එනවා,බස් එකක් පසුකරගෙන ආවද යැයි ග්ලෙන් තාරාගෙන් ප්‍රශ්න කරන අතර එම බස් එකෙ සිටි සියල්ලෝම මැරී ඇති බව තාරා ග්ලෙන් හට පවසනවා.ඇය කියන දේ නො අසා ග්ලෙන් මැගී සොයා ගමන් කරනවා,ඒබ්‍රහම් ඔහුව නැවැත්වීමට උත්සහ කරන අතර එම කිසි දෙයක් නොතකා ග්ලෙන් වෙනම ගමන් ගන්නව

The Walking Dead (2014) S04E11 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව මතක් කරනව නම් බෙත් ඉන්නෙ ඩැරල් එක්ක,ඒ වගේම ඔවුන් අනාවරණය කරගන්නවා ලූක් හා මොලී ව හපාකන්නන් විසින් මරා දමා ඇති බව.ඒ වගේම ලීසි හා මිකා ටයිරීස් එක්ක ගමන් කරන අතර ඔවුන් සමග ජුඩිතුත් ඉන්නවා.පසු අවස්ථාවක ඇසෙන කෑගැසීමක් නිසා ටයිරීස් ජුඩිත්ව ළමුන් දෙදෙනාට බාර දී ඔවුන් හට උදව් කිරීමට යනවා.එතන හපාකන්නන් සමග පොර බදින පියෙක් හා පුතෙක් ව ටයිරීස් දකිනවා.හපාකන්නන් ළමුන් වෙත පැමිණෙන අතර වෙඩි හඩක් නිසා නැවත ටයිරීස් ළමුන් වෙත පැමිණෙනවා,ඒ වන විට ලමුන්ව කැරොල් විසින් බේරගෙන තියෙනවා ඔහු දකිනවා.හපාකන්නන්ගෙ ප්‍රහාරයට නතු වූ පියා ඔවුන් හට පවසනවා සලකුණු පසුපස යන ලෙසට.මැගී,බොබ් හා ෂාෂා අනාවරණය කරගන

The Walking Dead (2014) S04E10 සිංහල උපසි‍රැසි සමග

ගවනර් සිර ගෙය ට පහර දීමෙන් පසු ව කතාව ඉවර වුනෙ කුතුහල ජනක සිද්ධි කිහිපයකින් කියලා දන්නවනෙ,ගිය සතියෙ කතාව ගැන කියනවනම් රික් හා කාල් තාවකාලිකව සිටිමට ගෙයක් හොයාගන්නවා,මේ අතර ඔවුන් ගේ අඩිපාරවල් යැයි අනුමාන කරමින් මිෂෝනි ව ඔවුන් ව සොයාගෙන ආවා,ඇයට ඔවුන්ව හමුවෙච්ච තැනින් තමයි කතාව ඉවර වුනෙ.අද කොටසින් කුතුහල ජනක ගොඩක් දේවල් වලට උත්තර හොයාගන්න පුලුවන් වෙයි.දැන් දන්නවනෙ කට්ටිය තැන් තැන් විසිරිලා ඉන්නෙ කියලා.ඒ වගේම අද කොටසින් තවත් අලුත් කට්ටියක් කතාවට එකතුවෙනවා,බලමුකො ඉදිරියට එයාලා කොහොම වෙයිද කියලා.එහෙනම් මීලග කොටසින් හමුවෙමු. සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න 340MB Torrent File 200MB Torrent File

The Walking Dead (2014) S04E09 සිංහල උපසි‍රැසි සමග

කට්ටිය නොයිවසිල්ලෙන් බලන් හිටපු කොටසක් අරන් තමයි මම අද ආවෙ,එහෙනම් වෙනදා වගේම කලින් කොටසෙ කතාව මතක් කරලා ඉන්නම්.සිර කදවුරට ඇතුලු වීමෙ උපක්‍රමයක් විදිහට ගවනර් විසින් හර්ෂල්ව හා මිෂෝනිව ප්‍රාණ ඇපකරුවන් විදිහට අල්ලගන්නවා.ලිලී ව හා මෙගන්ව ගග අද්දර තබා ගවනර් හමුදාවත් අරගෙන සිර කදවුර වෙත යනවා සිර කදවුර සාමකාමිව තමන් වෙතට ගැනීමට.ගවනර් විසින් රික් හට දැනුම් දෙනවා සිර කදවුර අතහැර දමා පිටවෙන ලෙසට,නමුත් රික් පවසනවා ඔවුන් දෙගොල්ලන්ටම මෙහෙ සිටිය හැකි බව,ඒත් එය නොපිලිගන්නා ගවනර් හර්ෂල්ගෙ හිස ගසා දමනවා,මේ අතර ගග අසබඩ සිටි මෙගන්ව සොම්බි මිනිසෙකු විසින් මරාදමනව,පසුව මෙගෙන්ගෙ මල සිරුරත් ‍රැගෙන ලිලී ගවනර් වෙත

The Walking Dead (2013) S04E08 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව කියනවනම් මාර්ටිනස් වලෙ වැටිල හිටිය ගවනර්ව බේරගෙන ලිලි හා තාරා කැ‍ටුව මාර්ටිනස් විසින් පාලනය කරන කදවුරක් වෙත ‍රැගෙන යනවා.සොහොයුරන් දෙදෙනෙකු වන මිච් හා පීට් ඇතුළු මාර්ටින්ස් විසින් නායකත්වය ගෙන යන කණ්ඩායමට ගවනර් එහෙමත් එකතු වෙනවා.මාර්ටින් විසින් ගවනර්ව තම කණ්ඩායමට එකතු කරගත්තෙ ඔහු මේගන් නම් කුඩා දැරියත් සමග සිටි නිසාත් ඔහු වෙනස් වී ඇති බව දැක්ක බවත් යනුවෙන් පවසනවා.ඊලග දිනයෙ මාර්ටින් ගවනර් හට ගොල්ෆ් ක්‍රීඩා කිරීමට කතා කරනවා,ඒ අවස්ථාවෙ ගවනර් බීමත් ම සිටි මාර්ටින් ට ගොල්ෆ් පිත්තකින් පහර දී හපාකන්නන් සිටි වලකට ඇද දමනවා.එසේ කරනු ලබන්නේ නැවත වරක් කෑම්ප් එකේ පාලනය ඔහු අතට ගැනීමේ අප

The Walking Dead (2013) S04E07 සිංහල උපසි‍රැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාවෙ හත්වන කොටස තමයි අද අරන් ආවේ,පසුගිය කොටසේ කතාව ටිකක් මතක් කරගමු මුලින්ම.ගවනර්ට පවුලක් හම්බවුනා මතක ඇතිනෙ,මේ කට්ටිය අතර ඉන්න තාරා නමැත්තිය මුලින්ම ගවනර්ව පිලිගන්නේ නෑ.ඔවුන් ගවනර්ගෙ නම ඇසුවත් ඔහු හෙලි කරන්නේ බොරු අනන්‍යතාවයක්.වුඩ්බරි ගැන ඔහු පවසනවා එය බිදවැ‍ටුනෙ එහි නායකයගෙ දුර්වල කමින් බව,ඒ වගේම එහි නායකයා තමන් බව ඔහු හෙලි කරන්න යන්නේ නෑ.පිලිකාවකින් පෙලෙන ඔවුන්ගෙ පියාට ගවනර් කොහොමින් හෝ උදව් කරනවා.අවසානයේ රෝගය උත්සන්න වී ඔවුන්ගෙ පියා මියයනවා.පසුව රහසින්ම ඔවුන් හැර දමා ගවනර් පිටත් වීමට සූදානම් වෙච්ච වෙලාවක අනිත් අය ඔහුත් සමග එන බව පවසනවා.මේ ගමනෙදී ලිලි නමැත්තියක් සමග ගව

The Walking Dead (2013) S04E06 සිංහල උපසි‍රැසි සමග

ගවනර් වුඩ්බරි ගිනි තබනු ලබනවා.පසුව මාස කිහිපයකට පසු පෙන්වනවා ගවනර් වීදියක ඇවිදගෙන යනවා.එහිදී ගොඩනැගිල්ලක ජනේලයකින් පාර දිහා බලන් ඉන්න කුඩා ගැහැණු ළමයෙක් ව ගවනර් දකිනවා.ඇය දැකීමෙන් ඔහුට මතක් වෙනවා ඔහුගේ දියණිය පෙනීව.ගවනර් ඒ ගොඩනැගිල්ලට ඇතුලුවෙනව,එහීදී ගවනර් හට සහෝදරියන් දෙදෙනෙකු,රෝද පු‍ටුවක සිටින පුද්ගලයෙක් හා කුඩා ගැහැණු ළමයෙක් මුනගැහෙනවා,අද කතාව දිව යන්නෙ මේ සදහන් කල පුද්ගලයක් අතරයි.මීලග කොටසින් හමුවෙමු! සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න 320MB Torrent File 160MB Torrent File

Homefront (2013) සිංහල උපසි‍රැසි සමග

ඔන්න කාලෙකට පස්සෙ තමයි මම සූම් එකට චිත්‍රපටයක් අරන් එන්නෙ.මේ චිත්‍රපටය මම පුද්ගලිකවම එනකම් බලන් ඉදපු එකක්.මේකේ හොද කොපියක් අන්තර්ජාලෙට ඊයේ දින තමයි නිකුත් වුනේ.ඒත් අවාසනාවකට ඉංග්‍රීසි උපසි‍රැසියක් තවමත් අන්තර්ජාලෙට නිකුත් වී නැහැ(මම මේ ලිපිය ලියන විට - වෙලාව පෙ.ව 5.06).කොහොමින් හරි වෙනත් භාෂාවක උපසි‍රැසියක් අරන් තමයි පරිවර්තනය කලේ ලයින් එකින් එකට සවන් දෙමින්.හොදයි කතාව ගැන කියනවනම් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gary Fleder විසින්.කතාවට පාදක වෙලා තිබෙන්නෙ Chuck Logan ලියපු කෘතියක්.Sylvester Stallone ගේ තිර රචනයෙන් මේක හැඩවෙලා තියෙනවා.මේ චිත්‍රපටයේ සුප්‍රකට නළු නිළියන් ‍රැසක් රංගනයෙන් දායක

The Walking Dead (2013) S04E05 සිංහල උපසි‍රැසි සමග

කලින් කොටස බැලුවනම් වෙට්‍රිනරි විදුහලින් අවශ්‍ය බෙහෙත් ලබාගත් ඩැරල් ඇතුලු පිරිස ඉන් පිටවෙනවා.මීනිමරුවා කැරොල් බව දැනගැනීමෙන් අනතුරුව කැරොල් ව රික් නෙරපා හරිනවා නැවත සිර ගෙය වෙත නො එන ලෙසට.රික්ට හමුවෙච්ච අලුත් දෙදෙනාට මොකද වුනේ කියලත් දන්නවා ඇතිනේ.ඔවුන් අතර සිටි අනාව සොම්බි මිනිසුන් විසින් මරණයට පත් කර තිබූ අතර සෑම් ව සොයාගත නොහැකි විය.අද කතාව ගැන කියනවනම් සිර ගේ වෛරස් රෝගයට හර්ෂල් විසින් පිලියම් යොදන අතර නොසිතූ විරූ ලෙස රෝගය උත්සන්න වී එම රෝගීන් මරණයට පත්වී සොම්බි මිනිසුන් බවට පත්වෙනවා.එමෙන්ම එලියේ සිටි සොම්බි මිනිසුන් සිර කුටියේ ආරක්ෂාවට තිබෙන වැට කඩාගෙන ඇතුලුවෙනවා.උත්සන්න වූ වෛරසයෙන් ග්

The Walking Dead (2013) S04E04 සිංහල උපසි‍රැසි සමග

ඩැරල් ඇතුළු පිරිස මාරාන්තික වෛරස් රෝගයට බෙහෙත් සොයා ගමන් ගත් අතර ඔවුන්ට එහිදී ඔවුන්ට අලුත් කාර් එකකුත් ලැබෙනවා.ඒ වගේම රික් හා කැරොල් ආහාර අවශ්‍යතා සපුරාලීම සදහා වෙනම ගමන් ගන්නවා.කේරන්වයි ඩේවිඩ්වයි මැරුවේ තමා විසින් බව කැරොල් රික් හට පවසන අතර රික් මේ සදහා කුමන පියවරක් අනුගමනය කරාවිද? ටයිරීස් මේ බව දැනගනීවිද? වෛරසය සුව අතට පත්වේවිද? රික් හා කැරොල් හට සොම්බි ආක්‍රමණවලින් බේරි සිටින තවත් දෙදෙනෙක් හමුවෙනවා ,ඔවුන් කවුරුන්ද? සොම්බි ප්‍රහාර නැවතත් ක්‍රියාත්මක වේවිද?ඩැරල් ඇතුළු පිරිසට බෙහෙත් ඇතැයි කියා සිතන වෙටරිනරි විදුහලට යා ගත හැකිවේවිද කියලා අද කොටසින් දැනගන්න. සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න
Pages (19)1234567 Next
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google